ජපාන විදේශ ඇමති ජනපති හමු වෙයි දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා (HAYASHI Yoshimasa) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා අද (29) කොළඹදී පැවැත්විණ. 29 July 2023
සංසන්දනාත්මකව ණය ප්‍රතිව්‍යුහගතකිරීම ඉතා වැදගත් ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියේදී තවදුරටත් ප්‍රගතියක් ලබා ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් සියලු ණය හිමියන් එකතු කරගනිමින් විනිවිද සහ සංසන්දනාත්මක ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලියක් සිදු කිරීම ඉතාමත් වැදගත් බව ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා හයාෂි යොෂිමසා මහතා අද(29) විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 29 July 2023
මීමුරේ ගිය මෝටර් රථය පෙරළි රුසියානුවෙක් සමග දෙකක් මරුට මහනුවර මීමුරේ මාර්ගයේ උඩුදුම්බර පුස්සේඇල වගුවේ දි මෝටර් රථයක් ප්රතාපතයට පෙරලී රුසියන් ජාතිකයකු ඇතුළු දෙදෙනකු මියගොස් ඇතැයි උඩුදුම්බර පොලිසිය කියයි. 29 July 2023
ගම්පහ සිසුවියෝ දෙදෙනෙක් අතුරුදන් ගම්පහ නගරය ආශ්‍රිතව සහ නගරයට නුදුරු ප්‍රදේශයක පාසල් දෙකක සිසුවියන් දෙදෙනකු ඊයේ (28) සිට අතුරුදහන් බවට ගම්පහ සහ වැලිවේරිය පොලිස්ථාන වෙත පැමිණිලි ලැබී ඇත. 29 July 2023
ඇල්ලේ සිරි නරඹන්න විදේශිකයෝ පෝලිමේ ඇල්ල නගරය මේ දිනවල විදේශීය සංචාරකයන්ගෙන් පිරී තිබෙන අතර ,දෙමෝදර ඓතිහාසික අහස්නවය ආරුක්කු පාලම නැරඹීමට ද විදෙස් සංචාරකයෝ පෝලිමේ පැමිණෙමින් සිටිති . 29 July 2023
අනංගයන් පිරිසක් ගැන මැතිසබයෙන් පැමිණිල්ලක් පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට සමහර ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගෙන් එල්ල වන්නේ යැයි පැවසෙන ලිංගික හිංසනයන් සහ අඩම්තේට්ටම් සම්බන්ධයෙන් එම සේවිකාවෝ පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පසුගියදා පැමිණිලි කළහ. 29 July 2023
ඉදිකිරීම් අංශයේ ලක්ෂ 12 රැකියා අහිමි වෙලා ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා අහිමි වූ සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. 29 July 2023
බිරියට දරුවන් නැතැයි පාරේ තිබූ දේව ප්රතිමාවලට හානි කරලා බිරිඳට දරුවන් නොමැති නිසා සිත් වේදනාවට පත්ව සිටී බව කියමින් ඇය අදහන ආගමේ දේව ප්‍රතිමා හයකට සහ ඒවා තැන්පත් කර තිබූ වීදුරු කුටිවලට ගල් ගසා හානි කළේ යැයි කියන සැමියකු මනිප්පායි පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 29 July 2023
චීන නාවික හමුදා කඳවුරක් ශ්‍රී ලංකාවේ ඉදිවෙයි?: ඇමෙරිකා සරසවියක් පවසයි ඇමෙරිකා එකසත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ විලියම් සහ මේරි විශ්ව විද්‍යාලය ප්‍රකාශයට පත්කළ නව වාර්තාවකට අනුව ඉදිරි වසර වලදී චීනයේ නාවික හමුදා කඳවුරක් ඉදිකිරිම සඳහා සත්කාරකත්වය දැරිය හැකි රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව බැංකොක් පොස්ට් පුවත්පත වාර්තා කර ඇත. 29 July 2023
කතානායක නිල නිවස ඉදිරිපිට යකඩ හොරුන් අල්ලයි පොල්දූව වටරවුම ආසන්නයේ පිහිටි කතානායක නිල නිවස ඉදිරිපිට සවිකර තිබූ සවි කර තිබූ රුපියල් 2,812,350 වටිනා යකඩ බට සහ යකඩ ක්ලිප් තොගයක්සොරාගෙන ගිය බව කියන පුද්ගලයන් දෙදෙනෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 29 July 2023
පළාත් කිපයකට සිහින් වැස්සක් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 July 2023
බිරිය මරා පුතාගෙ සහායෙන් වළ දමලා රිදීමාලියද්ද යකඩහල්පොල ප්‍රදේශයේ 50 හැවිරිදි කාන්තාවකට පහර දී ඝාතනය කර සිරුර ගෙවත්තේ වළ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ සැමියා සහ වැඩිමහල් පුතා අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලීසිය පවසයි. 29 July 2023
ජපාන විදේශ ඇමති එයි ජපාන විදේශ අමාත්‍ය හයාෂි යෝෂිමාසා(HAYASHI Yoshimasa)මහතා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. 29 July 2023
ප්‍රංශ ජනපති ලංකා ජනපතිට ප්‍රතිඥාවක් දෙයි ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් මහතා සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංචාරයක නිරත විය. 29 July 2023
ප්‍රංශ ජනපතිගේ මෙරට සංචාරය ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්ක්‍රෝන් මහතා පැය 02 යි විනාඩි 09 ක කෙටි ශ්‍රී ලංකා සංචාරයක් සදහා එරටට අයත් ගුවන් යානා 03 කින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය . 29 July 2023
රාජ්‍ය නිලධාරීන්ට පොලිසියට මාර්ගෝපදේශ හදන්න යයි රාජ්‍ය නිලධාරීන්ට සහ පොලිසියට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් කඩිනමින් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අද දැනුම් දුන්නේය. 28 July 2023
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් මරදාන සිට අලුත්ගම බලා ධාවනය වූ දුම්රිය කොළඹ කොටුව හා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවැසීය. 28 July 2023
මානසික අවුලෙන් සිටි පියාගේ මරණයට රෝහල් සේවක දෙකක් සැකපිට බිරිඳ මිය යාමෙන් පසු 11 හැවිරිදි දරුවා සමග තනි වීමෙන් අනතුරුව මානසික ව්‍යාකූල තත්ත්වයට පත්ව සිටි 47 හැවිරිදි පෞද්ගලික ආයතනයක කළමනාකරු අංගොඩ මානසික රෝග විද්‍යායතනය ( මානසික රෝහලේ) ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේ මිය යාම සම්බන්ධයෙන් සැකපිට එම රෝහලේ සෞඛ්‍ය කාර්යය සහයකයන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි. 28 July 2023
අධිකරණ නියෝගයෙන් පඬුකරඳ ගහ ගොඩ ගෙන යළි සිටුවයි මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ඉදිකිරීම් කටයුතු සිදු කරන දාරළුව ප්‍රදේශයේ තිබී හොර රහසේ කපා වල දමා තිබූ පඬු කරඳ ගස (කෲඩියා සෙලනිකා) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි මහත්මියගේ නියෝගයෙන් වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක මහත්මිය ඉදිරියේ අද 28 පස්වරුවේ ගොඩ ගෙන ආරක්ෂාව සඳහා හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයට රැගෙන යනු ලැබීය 28 July 2023
කුඹුරු අක්කර 5000ක් නියං රකුසාට බිලි උඩවලවේ ජලාශය යටතේ වගා කර ඇති කුඹුරු ඉඩම් අක්කර 50,000කට වැඩි ප්‍රමාණයක් මේ දිනවල දැඩි නියඟය හේතුවෙන් විනාශ වී යාමේ අවදානමකට මුහුණ පා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 28 July 2023
’’ඕනෑම මැතිවරණයට සූදානම්’’ සමගි ජන බලවේගය ඕනෑම මැතිවරණයට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළමදී පැවසීය. 28 July 2023
සුඩානයට යන එස්.ටී.එෆ් නිලධාරීන්ට ජංගම ජල පෙරණ යන්ත්‍රයක් දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා සහභාගීවීමට නියමිත පොලිස් විශේෂ කාර්ය බලකාය වෙනුවෙන්, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය නිපදවූ ජංගම ප්‍රති ආශ්‍රැති ජල පෙරණ යන්ත්‍රයක් පිරිනැමීය. 28 July 2023
ශ්‍රී ලාංකිකයන් 115 ක් මත්ද්‍රව්‍ය චෝදනාවට කුවෙට් හිරගෙදර විවිධ චෝදනා හේතුවෙන් කුවේට්හි සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන් 143 න් 115 කට මත්ද්‍රව්‍ය චෝදනා මත සිරගතව සිටින බවත් එම සංඛ්‍යාව සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් 80 ක් පමණ වන බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි ගාමිණී සෙනරත් යාපා මහතා අද (28) පැවසීය. 28 July 2023
ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය එළිදක්වයි දකුණු කොරියාවේ පැවැත්වෙන 25වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය පිළිගැන්වීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (28) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 28 July 2023
ජනපතිගේ ’’සීල්’’ උත්සාහය අසාර්ථකයි ජනාධිපතිවරයා සර්වපාක්ෂික සමුළුවේදී 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්නට යැයි පවසමින් තම දේශපාලන වැඩපිළිවෙළට විපක්ෂයේ මුද්‍රාව තබා ගැනීමට ගත් උත්සාහය පූර්ණ වශයෙන් අසාර්ථක වූ බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 28 July 2023
‘ජාතියක් ලෙස නැගිටිනවා නම් අංක එක විනය’ ලෝකයත් සමඟ ඉදිරියට යාමට නම් ශ්‍රී ලංකාවට තාක්ෂණය අතින් සම්පූර්ණ වෙනසක් අවශ්‍ය කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 28 July 2023
බදුල්ලේ මාර ගසක් තුළ රිවෝල්වරයක් බදුල්ල ග්ලේන්පින්වත්ත තේ වත්තේ මාර ගසක බෙනයක් තුළ සගවා තිබූ අයිතිකරුවෙකු නොමැති විදේශ රටක නිශ්පාදිත රිවෝල්වරයක් සහ වෙඩිබෙහෙත් තොගයක් අද (28) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි . 28 July 2023
වැඩබිමක අනතුරකින් තරුණයෙක් මරුට අලුත්ගම මොරගල්ලෙ ඉදිකෙරෙන සංචාරක හෝටල් වැඩබිමක බිම සිට ඉහළ මහලට වැලි අදින යන්ත්‍රයක් ගැටී සිදුවූ අනතුරකින් උපකොන්ත්රාත්කරුවකුවු තරුණයකු අද(28) මියගොස් ඇතැයි අලුත්ගම පොලිසිය කියයි. 28 July 2023
වසන්ත මුදලිගේට ඇප වරෙන්තුවකට අදාලව කුරුදුවත්ත පොලිසිය අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද ( 28) නියෝග කළේය. 28 July 2023
ඒ්කාබද්ධ විරෝධතාවට ජල-කදුළු ගෑස් ඒකාබද්ධ වෘත්තිය සමිති සහ සිවිල් හා සිවිල් සංවිධාන ඒකාබද්ධ කොළඹ පුරහල දී ආරම්භ කළ විරෝධතාවට බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ දී පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැර ඇත. 28 July 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026