(අංජුල මහික වීරරත්න)
මීළඟ මැතිවරණයෙන් පවතින රජය අනිවාර්යයෙන්ම වෙනස් වන බව එක්සත් ජනරජ පෙරමුණු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ජනතාව ක්ෂේත්‍ර රැසකින් පීඩනයට පත්ව සිටින අවස්ථාවක වත්මන් රජයට ජනතා අප්‍රසාදය එල්ල වී තිබෙන බව මන්ත්‍රීවරයා කීය.
වර්තමානයේ දී පොදුජන පෙරමුණට පක්ෂපාත පිරිස සියයට 9 ක් පමණක් නමුත් පාර්ලිමේන්තුවේ සියයට 51 ක බලයක් ඔවුන් සතු බව කී මන්ත්‍රීවරයා එය සාධාරණ නොවන බව සඳහන් කළේය.
කෙසේවෙතත් ඉදිරි මැතිවරණයේදී වත්මන් රජය අනිවාර්යයෙන්ම පරාජය වන බව රණවක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඉතින් පාටලී කියන්න ඕනි නෑ. මුලු රටම දන්න අනාවැකියක්.
මාත් අනාවැකියක් කියන්නම්... ඔයා ජනාධිපති වෙන්නේ නෑ. ආපහු මහණ වෙන්නවත් බලන්න...
ඕකෙ මොන අනාවැකියක්ද? මේ රටේ ඕන කෙනෙකුට කියන්න පුළුවන් දෙයක්...
ඕක ඉතින් සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන්න ඕනෑ දෙයක්ද? කොහොමත් පොහොට්ටුව පරාද තමයි. පුළුවන් නම් දිනන කෙනා කියන්නකෝ මහත්තයෝ... ඔයත් නිකන් මේ දාම් ලෑල්ලේ එහෙට මෙහෙට කැපෙන ඉත්තෙක් විතරයි...