
(නිමල කොඩිතුවක්කු)
හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය හා එක්විය.
සමගි ජන බලවේගයට එක් වූ ඒ මහතා ‘දූෂණ විරෝධී ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක කිරීමේ ඒකකයේ ප්‍රධානියා’ ලෙස සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පත් කරනු ලැබීය.
දශක තුනක යුද්ධය වෙනුවෙන් සුවිශාල දායකත්වයක් ලබා දුන් ඒ මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කිරීමට පෙර යුද හමුදා ස්වේච්ඡා බල සේනාවේ සේනාවිධායකවරයා ලෙස සහ බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපතිවරයා ඇතුළු ප්‍රධාන තනතුරු රැසක කටයුතු කර තිබේ.
සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගයට සහයෝගය පළ කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂණ විරෝධී නං රජයේ රැකියා 5000 ගානේ අරං අමාත්‍යාංශ පුරවපු හොරෙක් ඉන්නවා. තමන්ගේ ඡන්ද වෙනුවෙන් පුරෝලා රටට කෝටි ගණන් බිලියන ගණන් විනාශ කරපු අය. වීඩියෝ සාක්කි තියනවා.. සෑර් පිරිමියෙක් නං උෘව ඉස්සෙල්ලාම අයින්කරල ඉමුද..? ඔට්ටුයි බැරුවාට..
එක එක එකතුවෙනකොට මෙලෝ රහක් නෑ, බ්‍රිගේඩ් එකක් වගේ එක පාර ආවා නම් තමයි ගැම්මක් තියෙන්නේ, තාම එහෙම එන්න තරම් මිනිස්සුන්ට ඇම්මක් නැතිව ඇති මයේ හිතේ...
මෙයාගේ ඡන්දෙයි ගෙදර අයගේ ඡන්ද ටිකයි විතරයි...
මාෂල් තුමාගේ අවසරය ගත්තද..?
එන එන අයට මෙහෙම තනතුරු දෙන කෙනෙකුයි, මෙහෙම තනතුරු තියෙන පක්ෂයකුයි තියෙනවා නම් තව අටපට්ටමට කියන්න හොඳේ. මරු වෙන්න ජනපති. මේ පත්කරන විෂයන් වලට අදාලව කවුද දන් නෑ මීට පෙර මෙයට උපදෙස් දුන්නේ...?