අමරකීර්ති ඝාතන නඩුවේ සැකකරුවන් 37කට ඇප පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ඝාතන සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි සැකකරුවන් 32 නා ඇතුළු සැකකරුවන් 37 දෙනා ශරිර හා මුදල් ඇප මත මුදා හැරීමට ත්‍රිපුද්ල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළේය. 28 July 2023
වෘත්තීය සමිති 9කට කොළඹ තැන් 10ක් තහනම් කොළඹ ලිෆ්ටන් වටරවුම හා අවට ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් අද (28) පැවැත්වෙන විරොධතාවන් ට අද පෙරවරු 10.30 සිට හෙට (29) පෙරවරු 10.00 දක්වා කාලය තුළ කොළඹ ජාතික රෝහල් චතුරශ්‍රය ඇතුලු ස්ථාන 10 ට අසල උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීම තහනම් කරමින් වෘත්ති සමිති හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් 9 දෙනකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා තහනම් ආඥාවක් නිකුත් කළේය. 28 July 2023
අධිකරණයේ ලිපි ගොනු කෑ නීතිඥවරිය රිමාන්ඩ් කැකිරාව අධිකරණයේ ලේඛනාගාරයේ තිබූ ලිපිගොනුවක ලේඛන පිටපත් දෙකක් ඉරා සපා කා විනාශ කළ බව කියන නීතිඥවරිය ලබන අගෝස්තු 2 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කැකිරාව මහේස්ත්‍රාත් එච්.එම්.එස් බණ්ඩාර මහතා නියෝග කළේය. 28 July 2023
දිවිදුන් හා ආබාධිත රණවිරුවන්ගේ දරුවන්ට හමුදාවෙන් ටැබ් පරිගණක ත්රස්තවාදයට එරෙහි සටනේ දී රට වෙනුවෙන් දිවි දුන් , අබාධිත රණවිරුවන්ගේ දරුවන්ගේ සහ යුද හමුදා සිවිල් කාර්ය මණ්ඩල සමාජිකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු ඉහළ නැංවීම රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා වැබ් පරිඝණක බෙදා දීම පසුගියදා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ප්‍රධානාත්වයෙන් යුද හමුදා මුලස්ථානයේ දී සිදු විය. 28 July 2023
සීමා නිර්ණ වාර්තාව පැත්තකට දායි සීමා නිර්ණ කමිටු වාර්තාවට අදාල නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය 28 July 2023
ජෙරම්ගේ බැංකු ගිණුම් ගැන පරීක්ෂණයක් දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ බැංකු ගිණුම්වල රුපියල් බිලියන 12ක් සංසරණය වූ ආකාරය පිළිබඳ දැනට පරීක්ෂණ පවත්වන බවත් නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නවාන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය. 28 July 2023
ගුරුවරියගේ රන් තැල්ලට ගුරුවරියක්ම විදලා පුත්තලම , උඩප්පුව ප්‍රදේශයේ විදුහලක උපාධිධාරී ගුරුවරියකගේ අත් බෑගයේ දමා තිබූ රුපියල් ලක්ෂ විසි දෙකකට වැඩි වටිනාකමකින් යුත් පවුම් 13 ක රන් තැල්ල සොරාගත් බව කියන එම විදුහලේම ස්වේච්ඡා පදනම මත සේවය කරන ගුරුවරියක අත්අඩංගුවට ගත් බව උඩප්පුව පොලිසිය කියයි. 28 July 2023
කෘත්‍රිම බුද්ධියන් හැදූ නිවේදිකාව ‘ලීසා’ පරිගණක කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කෙරෙන පුවත් නිවේදිකාවන් ලොවට අරුමයක් නොවෙයි. මේ වනවිට ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ ‘ඔඩිෂා ටෙලිවිෂන් ලිමිටඩ්’ රූපවාහිනී නාළිකාව ද ‘ලීසා’ යන නමින් සුරූපී පුවත් නිවේදිකාවක් නිර්මාණය කර ඇති අතර, ඇය මේ වනවිට පුවත් මැවීමට සමත් වී ඇත. 28 July 2023
කළුතර වෙරළට කාන්තා මළසිරුරක් කාන්තාවකගේ නිරුවත් මළසිරුරක් කළුතර උතුර වෙරලේ පාවෙමින් තිබියදී ප්‍රදේශවාසින් විසින් මීට සුළු මොහොතකට පෙර ගොඩගන්නා ලදී . 28 July 2023
උතුරේ හර්තාලයක් මුලතිව් , කොක්කුතුඩුවායි ප්‍රදේශයේ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩලබා දෙන ලෙස ඉල්ලා උතුරු පළාතේ වෙළෙඳ ව්‍යාපාරිකයෝ සිය ව්‍යාපාරික ස්ථාන වසාදමා අද හර්තාලයක නිරත වූහ. 28 July 2023
බස් අනතුරින් සිසුහු තිදෙනෙක් රෝහලට කොළඹ - අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගයේ නවගමුව රණාල සුදවිල ප්‍රදේශයේ දී සිසු සැරිය ලංගම බස් රථයක පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් සිදු වූ රිය අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන් තිදෙනකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කළ බව නවගමුව පොලිසිය පවසයි. 28 July 2023
කෝටි 900ක් වංචා කළ මූල්‍ය හිමිකරු අතුරුදන් සියයට 6 ක ආකාර්ෂණීය පොලියක් ලබා දෙන බවට පවසමින් කුරුණෑගල පිහිටි මූල්‍ය ආයතනයක මුදල් ආයෝජනය කළ තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 900 ට අධික මුදලක් වංචා කර සැඟව සිටින සැකකරවකු අත්අඩංගුවට ගැනීම සදහා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත. 28 July 2023
කුවේටයේ සිටි 62ක් පිටුවහල් කරයි කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 62 දෙනකු , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර සකසා මෙරටට පිටුවහල් කළේය. 28 July 2023
බස්නාහිරට - සබරගමුවට අදත් වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 July 2023
හිස් උණ්ඩයක් පැළඳ සිටි අයකු අත්අඩංගුවට හිස් උණ්ඩයක් සහිත රන් පැහැති මාලයක් පැලඳගෙන සිටි බව කියන මුදල් අමාත්‍යාංශයේ පිරිසුදු කිරීමේ අංශයේ සේවයකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි. 28 July 2023
නඩු ලේඛන කෑ නිතිඥවරිය අල්ලයි කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවැති ඉඩම් නඩුවකට අදාලව ලේඛනාගාරයේ තිබූ ලිපිගොනුවක ලේඛන පිටපත් දෙකක් ඉරා සපා කා විනාශ කළ බව කියන නීතිඥවරියක අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිස්ය කියයි. 27 July 2023
සමන්තට ගෞරව සම්මානයක් ‘හෙළ ගීත කෝකිලයා’ ලෙස අදටත් ගී ලොවව බැබළෙන නිර්මාණ ඉදිරිපත් කළ ප්‍රවීණ ගායන ශිල්පියකු වූ එච්.ආර්. ජෝතිපාල කලාකරුවාගේ 36 වැනි ගුණ සමරුව වෙනුවෙන් කලා සිත් කලා පදනම සංවිධාන කළ ‘ජෝති රාත්‍රිය’ ගී ප්‍රසංගය හා සම්මාන ප්රදානෝත්සවයේදී දශක තුනක් පුරා ශ්‍රී ලාංකේය සංස්කෘතික හා කලාව රැකගැනීම උදෙසා පෑනෙන් ඉටුකළ සමාජ මෙහෙවර වෙනුවෙන් විශේෂ ගෞරව සම්මානයක් ‘ලංකාදීප’ පුවත්පතේ විශේෂාංග කර්තෘ හා සිනමා කලා පිටු සංස්කාරක සමන්ත යහම්පත් මහතාට පිරිනමනු ලැබිණි. 27 July 2023
ඕස්ට්‍රේලියා සාහිත්‍ය විශිෂ්ට සම්මානය ලක් දියණියකට ඕස්ට්‍රේලියාවේ විශාලතම සාහිත්‍ය ත්‍යාගය පිරිනමන කීර්තිමත් ‘‘මයිල්ස් ෆ්රෑන්ක්ලීන්’’ (Miles franklin) සාහිත්‍ය සම්මානය ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති නීතිඥවරියක වන ශංකරී චන්ද්‍රන් මහත්මියට හිමිව ඇත. 27 July 2023
කුවේටයේදී හතරක් එල්ලා මරයි:ශ්‍රී ලාංකිකයකුත් ඒ අතර මරණීය දණ්ඩනය නියම වී සිටි ශ්‍රී ලංකා මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඇතුළු තවත් සිරකරුවන් හතර දෙනකුගේ දඬුවම පසුගියදා ක්‍රියාත්මක කළ බව කුවේට් බලධාරීන් ප්‍රකාශ කර ඇත. 27 July 2023
කුරුණෑගල හෙල්ලූ වල්අලියා අල්ලයි කුරුණෑගල උයන්දන ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කරමින් දින ගණනාවක් කුරුණෑගල ප්‍රදේශය බියට පත් කළ වන අලියා අද (27) සවස වාරියපොල පාදෙණිය ප්‍රදේශයේදී අල්ලාගත් බව වනජීවී නිලධාරීහු පවසති. 27 July 2023
පැරුෂුටයෙන් සසුන් බිමට ශ්‍රී ලංකා යුද හමුදාවේ කාන්තා බලකායේ විශ්‍රාමික මේජර්වරියක වූ මනීෂා ඉන්දීවරි වික්‍රමසිංහ මෙනෙවිය වැල්ලවාය බුලුගල ආරණ්‍ය සේනාසනයේදී කරන්දෙණියේ ධම්ම නිරෝධා යන නමින් අද සසුන් ගත වූවාය. 27 July 2023
වසන්ත මුදලිගේ අත්අඩංගුවට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ඇතුලු දෙදෙනකු අද (27) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලිසිය කියයි. 27 July 2023
දැරියකගේ සිරුරක් කළුතර වෙරළට ගොඩගසයි අවුරුදු තුනක් පමණ වයසැති දැරියකගේ මළසිරුරක් අද රාත්‍රි කළුතර උතුර වෙරළ තීරයට ගොඩගසා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි . 27 July 2023
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනපති හමු වෙයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2023/2024 වසර සඳහා තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලය අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. 27 July 2023
කැලණි විශ්ව විද්‍යාලයේ උපකුලපතිනිය පත් කරයි කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනිය ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා මහත්මිය පත් කර ඇත. 27 July 2023
සමෘද්ධිය වෙනස් කරන්න දෙන්නේ නෑ විවිධ පාර්ශ්වයන්ට අවශ්‍ය පරිදි සමෘද්ධි සහනාධාරය විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 27 July 2023
පොලිසියේ දී විදුහල්පතිනියට ලිංගික අවයව පෙන්නූ නගරයේ හිටපු මන්ත්‍රී රිමාන්ඩ් වැලිකඩ පොලීසිය තුළදී විදුහල්පතිනියකට සිය කලිසමේ සිපරය ගලවා පෙන්වා ලිංගික අතවරයක් කළැයි කියන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු ලබන 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (27) නියෝග කළේය. 27 July 2023
කුඩු සලිඳුගෙන් කප්පම් ඉල්ලූ සී.අයි.ඩී ලොක්කා ගැන සොයන්නැයි නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින මහාපරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් බව කියන සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් පානදුරේ කුඩු සළිඳු’ යන අයගෙන් රුපියල් කෝටි 13ක අල්ලස් මුදලක් ඉල්ලූ බව කියන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පොලිස්පතිවරයා නියෝගයක් නිකුත් කර ඇත. 27 July 2023
අත් වැරදීමකින් ගිය නිරුවත් පින්තූර පෙන්නා කප්පම් කාලා වැරදීමකින් තම ජංගම දුරකතනට ලැබුණු පෙම් යුවළකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවලට යොමුකරන බවට තර්ජනය කරමින් රුපියල් හයසිය පනහක දුරකතන බිලක් (රීලෝඩ් එකක්) ලබාගත්තැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ගොවියකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (27) නියෝග කළේය. 27 July 2023
ඖෂධ හිඟය මඟහරවන්න හදිසි මිලදී ගැනීමකට සූදානම් රටපුරා රෝහල්වල පවතින ඖෂධ හිඟය මඟහැවිම සඳහා හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධවර්ග 160ක් පමණ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. 27 July 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026