(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුලිය කපා දැමුණු නිවෙසට දරුවන්ට පාඩම් කිරීම සඳහා අසල නිවෙසකින් විදුලි වයරයක් ඇදීමට යාමේදී විදුලිසර වැදී මිය ගිය බදුල්ලේ පියාට අපහාස කළ විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකගේ වැඩ තහනම් කර ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් අරඹන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (22) ඉල්ලීමක් කළේය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී මුලසුනේ අවසරය ඇතුව ප්‍රකාශයක් කරමිනි. ඔහුට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගතයුතු බවද විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය
සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
ඒ දරුවන්ට කුප්පි ලාම්පුවෙන් ඉගෙන ගන්න පුළුවන් කියලා තියෙනවා. මේක කැත අපහාසාත්මක ප්‍රකාශයක්.
ඒ වගේම මේ රටේ වතු ප්‍රජාවේ පිරිමි හොඳට බීලා ඉන්නේ කියලත් ඔහු කියලා තියෙනවා. මේ රටේ වතු ජනතාව දස ලක්ෂයකට කරපු අපහාසයක් මේක. මුලින්ම ඒ තාත්තට අපහාස කරනවා. ඊට පස්සේ වතුකම්කරුවන්ට අපහාස කරනවා. වහාම මේ විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකට එරෙහිව පියවරක් ගන්න.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාත් ඔය කතාව ඇසුවා.කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න බැරි මොකද ඇසුවා.පට්ට ආනාදියෙක්.විපක්ෂ නායක තුමාගේ කතාවට මාත් එකඟයි.ඒ නොහික්මුණු අයට නිසි දඬුවමක් නියම කළ යුතුයි.
අනාගතයේදී ලංකාවට හොද කලක් උදාවෙයි . හොර සල්ලි අච්චු ගහපු අයටත් ගැලවීමක් ලැබෙන්නේ නැහැ . ගොඩාක් හොදයි .