(රන්ජන් කටුගම්පොළ)
ජාතික ජන බලවේගය ලියාපදිංචිය නීතියට පටහැනි බව සඳහන් කරමින් විනිවිද පෙරමුණේ මහ ලේකම් නීතිඥ නාගහකන්ද කොඩිතුවක්කු මහතා ගොනුකර තිබූ මෝසම මාර්තු 4 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.
නව මැතිවරණ කොමසාරිස්වරුන්ගේ නම් වග උත්තරකරුවන් ලෙස ඇතුළත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ලැබිණ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, අර්ජුන ඔබේසේකර සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම මෝසම සලකා බැලින.
මෙම මෝසමේ වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
ජනතා විමුක්ති පෙරමුණ යටතේ තිබෙන ජාතික ජන බලවේගය වෙනම පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීම නීතියට පටහැනි බව සඳහන් කරමින් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥ නාගහකන්ද කොඩිතුවක්කු මහතා විසින් මෙම මෝසම ගොනු කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉපිද, අධ්‍යාපනය ලබා දැන් ඕස්ට්‍රේලියාවේ පදිංචිය ලබාගෙන ශ්‍රී ලංකාව දියුණු කිරීමට කටමැත දොඩන මිනිසුන්ගේ වීරයා නේද මේ කොඩිතුවක්කු මහත්තයා? එයාලා එතුමාට සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයකුත් එකතු කරලා දුන්නා පහුගිය කාලේ රටේ ජනාධිපති වෙන්න කියලා. එතුමා දැන් ජාජබයේ නීත්‍යනුකු භාවය ප්‍රශ්න කරන්නේ ඒ ලබා ගත් මුදල්වලින්ද?
නාගානන්ද කවුරු වෙනුවෙන්ද මේ කොන්ත්‍රාත් එක බාරගෙන තියෙන්නේ?
නාගා කියන්නේ කුහක අදහස් තියෙන ජාතික ජනබලවේගය සමග වයිරයෙන් ඉන්න කෙනෙක්.
නාගගේ නඩු එයාටම පමණයි... පසුගිය කාලේ මෙයා නඩු බර ගාණක් දැම්ම ඔක්කෝම කැලේ, මිනිහාට ප්‍රශ්නයක් තිබෙනවා. ඒක තමයි ඔය ප්‍රදර්ශනය වෙන්නේ...!
හොද පිටකොන්දක් තියෙන මහත්මයෙක්. මුහුණු පොතේ ජනාධිපති දැනටමත් බයවෙලා ඇති.