( පද්මසිරි ගාර්දියවසම්)
බස් රථයක පාපුවරුවේ ගමන් කළ මගියෙකු කොළඹ - වැල්ලවාය මාර්ගයේ හම්බන්තොට දී බස් රියෙන් ඇද වැටී රෝහල්ගකිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හම්බන්තොට ,සිප්පිකුලම පදිංචි තුවාන් ඩෝසන් බ්‍රහමාන් නමැති 43 හැවිරිදි තැනැත්තෙකි .
කොන්දොස්තරවරයා ටිකට් පතක් ලබාදී ඉතිරි මුදල් ලබාදීමට කටයුතු කර ඇති අතර පාපුවරුවේ ගමන් කරමින් සිටි ඔහු ඉතිරි මුදල් සිය මුදල් පසුම්බියට දමා ගැනිමට තැත් කිරීමේදී බස් රියෙන් විසිවී පිටතට ඇද වැටී ඇතැයි සිය පරීක්ෂණයේදී අනාවරණයවු බව පොලිසිය පැවසීය .
රියදුරු සහ කොන්දොස්තරවරයා එක්ව තුවාලකරු ත්‍රීරෝද රථයකින් රැගෙන විත් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාපුවරුවලින් වැටෙන එකනම් තමන්ගේ දෝසයක් වෙන්ට පුළුවන් බොහෝවිට ඒත් දුම්රියවල බස්වල පා පුවරු දිරපත්වෙලාද , නිසි පරිදි අලුත්වැඩියා කරලද බලන එකනම් හොඳයි දිනපතා සේවයේ යෙදවීමට පෙර