(යොහාන් භාසුර)

පෙබරවාරි මස 21 වැනිදාට යෙදී තිබෙන ‘ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය’ වෙනුවෙන් සංවිධානය කරන වාර්ෂික උත්සවය කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද පෙරවරුවේ පැවැත්විණි.

එම උත්සවයට ප්‍රධාන අමුත්තා ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහා සහභාගි විය.

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යංශය ඇතුළු ආයතන කීපයක් එකතුව මෙම උත්සවය සංවිධානය කළේය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)