මෙහෙණින්ට පහරදුන්නැයි ප්‍රධාන මෙහෙණින් වහන්සේ රිමාන්ඩ්
මිනුවන්ගොඩ , බොරගොඩවත්ත ශ්‍රී සම්බුද්ධ ජයන්ති පිරිවෙනෙහි අධ්‍යාපනය ලබමින් සිටි කුඩා මෙහෙණින් වහන්සේ තිදෙනෙකුට සහ පැවිදිවීමේ අපේක්ෂාවෙන් එම මෙහෙණි ආරාමයේ සිටි කාන්තාවකට බැන තර්ජනය කිරිම, පහරදීම සහ සාපරාධී බලහත්කාරය පා අඩත්තේට්ටම් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු එම පිරිවෙනෙහි සහ මෙහෙණි ආරාමයේ ප්‍රධාන මෙහෙණින් වහන්සේ එළඹෙන මස 11 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී .තේනබදු මහත්මිය අද (28) ප