කුඩු මුදලාලිලා වෙනුවෙන් පෙනී සිටින නීතීඥයො ගැන හෙළිදරවුවක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණන් මුදල් උපයන නීතිඥයින් හෙළිදරව් කරමින් හෙට (30) සිට විශේෂ ප්රචාරක මෙහෙයුමක් ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. 29 April 2024
ජපන් පිඟන් සමාගමක් වියට්නාමය අතැර ලංකාවට ජපානයේ සුප්‍රසිද්ධ නොරිටාකේ පිඟන් භාණ්ඩ කර්මාන්ත ශාලාව වියට්නාමයේ ඔවුන්ගේ කර්මාන්ත ශාලාව වසා දමා ලංකාවේ ආයෝජනයට පැමිණ ඇතැයි ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය. 29 April 2024
මෛත්‍රී ජනපති කිරීම මා කළ ලොකු වරදක් 2015 ජනාධිපතිවරණය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කිරීම තමා ජීවිතයේ කළ ඓතිහාසික වරදක් යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය. 29 April 2024
ෆවුසිට නොතිසි ආපදා කළමණාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නෙදර්ලන්තයෙන් ලබාදී තිබු ලෑන්ඩ් කෲසර් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 10 කට අධික පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතාට මැයි මස 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරන විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (29) නොතීසි නිකුත් කළේය. 29 April 2024
අධ්‍යාපනය නංවන්න විදෙස් සරසවි සමග ගිවිසුම් හයක් උසස් අධ්‍යාපනික සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් මෙරට විශ්ව විද්‍යාල සහ විදේශීය විශ්ව විද්‍යාල සහ නියෝජිතායතන අතර ගිවිසුම් හයකට එළඹීමට රජය තීරණය කර තිබේ. 29 April 2024
ගාසා ළමා අරමුදලේ කාලය දිගු කරයි ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) දායක විය හැකි කාලය මැයි 31 දක්වා දීර්ඝ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. 29 April 2024
පරාතේ තහනම මැතිසබයට බැංකු විසින් නිකුත් කෙරෙන ණය වෙනුවෙන් උකසට ගන්නා දේපළ වෙන්දේසියේ විකිණීම ( පරාතේ නීතිය) අත්හිටුවීම සඳහා ඉදිරිපත් කර ඇති බැංකු විසින් ප්රදානය කරන ලද ණය අය කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ලබන 7 වැනිදා විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතය. 29 April 2024
පාස්කු පීඩිතයන්ට ගෙවල් 223ක් බාර දෙයි පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 223 ක් සඳහා නිවාස ඉදිකර බාර දී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 29 April 2024
ගොවිතැන හදන්න නොමිලේ දුන් බඩු විකුණලා තරුණයන් කෘෂිකර්මට ආකර්ෂණය කර ගැනීම සඳහා ඇරැඹූ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වලට නොමිලේ දුන් කෘෂි උපකරණ විකිණූ පවුල් වලට මින් පසු කිසිදු ප්‍රතිලාභයක් නොදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. 29 April 2024
පාඨලී සී.අයි.ඩීයට කැඳවයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ. 29 April 2024
දුම්රියේ වැඩබලන්න නව සාමාන්‍යාධිකාරීවරයෙක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නව වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස එස්. එස්. මුදලිගේ මහතා පත්කර තිබේ. 29 April 2024
දරුවෙක් රටින් පන්නන්න ගිය දෙදෙනකුට වැඩ වරදි දැනට එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික මවකගේ සහ ඇයගේ පුතාගේ තොරතුරු අනුසාරයෙන් ව්‍යාජ ලියකියවිලි සකස් කර වෙනත් කාන්තාවක යොදා ගෙන 17 හැවිරිදි පිරිමි දරුවෙකු එරටට රැගෙන යාමට ගත් උත්සාහයක් ව්‍යයර්ථ කර මෙම ජාවාරමට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 29 April 2024
වාහන ඉල්ලා මන්ත්‍රීවරු 150ක් කතානායකට ලියති තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉදිරි මැතිවරණවලට පෙර ලබා දෙන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එකසිය පනහකට පමණ ආසන්න පිරිසකගේ අත්සනින් යුතු ලිපියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පසුගිය සතියේදී බාරදී ඇත. 29 April 2024
මැණික්හින්න රෝහල් ගෝරියෙන් ලෙඩා ගෙනා හතක් රෝහලේ මැණික්හින්න රෝහලට හදිසි රෝගීයකු ඇතුළත් කළ අවස්ථාවේ රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගියා ඇතුළත් කිරීමට පැමිණි පිරිස අතර ඇතිවූ බහින් බස් වීමකින් පසු රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් පහර දීමෙන් පුද්ගලයන් 7 ක් තුවාළ ලබා මහනුවර රෝහලට ඇතුලත් කර තිබෙි. 29 April 2024
‘ පක්ෂයේ නියම හිමිකරුවන් අධිකරණයෙන් තීන්දු කළ යුතුයි‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ශව තුනක් අයිතිවාසිකම් කියන බැවින් එහි සැබෑ නියෝජිතයන් කවුරුන්ද යන්න ජනතාවට ප්‍රශ්නයක් වී ඇති බව මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බුටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ පැවසූහ . 29 April 2024
දුරකතන හබේ දුරදිග ගිහින් රැඳවියා ටියුබ් ලයිටයක් ගිලලා පස් අවුරුදු සිර දඬුවමකට ලක්ව දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු බන්ධනාගාරයේ කාමරයක් තුළ තිබූ ටියුබ්ලයිටයක් බිඳ ගිල දැමීම හේතුවෙන්ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ . 29 April 2024
ද්විත්ව ඝාතන සැකකරු කුඩු සමග මාට්ටු 2022 වසරේ අහුංගල්ල ප්‍රදේශයේ හෝටලයක් අසලදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇපමත නිදහස්ව සිටි අපරාධකරුවකු හෙරොයින් මත්කුඩු සමග රඹුක්කන මාගොල්ලවත්ත හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 29 April 2024
අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් ගුවන්තොටුපලේදී අල්ලයි ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් විදේශගත වීමට උත්සාහ කළ පාතාල අපරාධ කල්ලි සාමාජිකයෙක් යැයි කියන මුල්ලේරියාවේ පදිංචිකරුවෙක් වන එල්ලාවලගේ සරත් කුමාර නොහොත් චිටී නැමැත්තා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය. 29 April 2024
ශ්‍රම බලකායත් අඩුවෙයි මෙරට ශ්‍රම බලකාය අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 29 April 2024
ලක් ගොවිතැනට චීන මුදලාලිලාගේ උදව් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු නංවාලීමට චීනයේ ක්‍රියාත්මක විශාලම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික එකතුව සහයෝගය පළ කර තිබේ. 29 April 2024
මල්ලිගේ කතුරු පහරින් අයියා මරුට සහෝදරයන් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මල්ලි විසින් අයියාට කතුරකින් ඇන බරපතල තුවාල සිදු කිරීමෙන් අනතුරුව රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අයියා මියගොස් ඇති බව කුරුවිට පොලිසිය පවසයි. 29 April 2024
බොහෝ පළාත්වලට තද වැසි අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 April 2024
නව මස් ළදැරිය ළිං පතුලෙන් හමුවෙයි වයස මාස 09 ක ළදැරියක ළිං පතුළක මියගොස් සිටියදී ඊයේ (28) දින සොයාගත් බව මහබාගේ පොලීසිය පවසයි. 29 April 2024
උඩරට මන්ත්‍රීවරයකුට ’’බාර්’’ තෑගි මධ්‍යම පළාතේ විපක්ෂයේ ද්‍රවිඩ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා මත්පැන් බලපත්‍ර දෙකක් ලබාගෙන එම මත්පැන් බලපත්‍ර දෙක මහනුවර දිගන ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට විකුණා ඇතැයි කියන සිද්ධියක් වාර්තාවේ. 28 April 2024
කෙල්ල බලන්න ගිය කොල්ලා දවස් 7 ක් තිස්සේ අතුරුදන් සිය පෙම්වතිය බව කියන තරුණියකගේ කුලියාපිටිය ප්‍රදේශයේ නිවෙසකට ගිය තිස් හැවිරිදි අයකු දින හතක් තිස්සේ අතුරුදන්ව ඇති බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය පවසයි. 28 April 2024
වැඩ කරන සැමට විශ්‍රාම වැටුපක් වැඩ කරන සෑම කෙනකුටම විශ්‍රාම වැටුපක් හෝ ඊටීඑෆ්/ඊපීඑෆ් ලැබෙන ආකාරයේ යෝජනාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු, හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. 28 April 2024
වාහන ආනයන තහනම ඉවත් කිරීමට තීරණයක් වාහන ආනයනය කිරීමට පනවා තිබෙන තහනම ලබන වසර මුලදී ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය. 28 April 2024
කොන්ත්‍රාත්කරුවන්ට පොලු තියලා ව්‍යාපෘති 35 ක් කොටඋඩ මහා පරිමාණ ව්‍යාපෘති 35 කට සම්බන්ධ කොන්ත්‍රාත් 300කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී අත්හිටුවා ඇති බවත් එලෙස අත්හිටවූ කොන්ත්‍රාත් අතරින් නවයක් සඳහා වන්දි ලෙස රුපියල් කෝටි 230ක්) එම කොන්ත්‍රාත්කරුවන් විසින් ඉල්ලනු ලැබි ඇති බවත් මුදල් අමාත්‍යාංශයේ ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. 28 April 2024
ටයර් සමාගමකින් කෝටි 26ක බදු පොල්ලක් මෙරට ප්‍රසිද්ධ ටයර් නිෂ්පාදන සමාගමක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 26 කට අධික දඩ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තාවේ. 28 April 2024
8 ක් මාරා දමද්දී බලාගෙන සිටියැයි පොලිසියේ 5ක් දිවි ඇති තෙක් හිරේ කන්තලේ භරතීපුරම් ගම්මානයේ පදිංචිව සිටි නිරායුධ දෙමළ වැසියන් අට දෙනකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන ලදැයි කියන අවස්ථාවේ එම අපරාධය සිදුවූ ස්ථානයේ සිටි බවට මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි භාරතීපුරම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පස් දෙනකුට බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට උතුරු මැද පළාත් බද පූර්වගාමි මහාධිකරණ විනිසුරු සහ කුලියාපිටිය වත්මන් මහාධිකරණ විනිසුරු මන 28 April 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025