ලාෆ් ගෑස් මිල ගැන තීරණය සඳුදා ලාෆ් ගෑස් මිල මෙම මස (ජනවාරි) සංශෝධනය කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන සඳුදා ප්‍රකාශ කරන බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. 04 January 2025
පාර්ලිමේන්තුවේ ලොකු පුටුවලට පිටින් කට්ටිය සේවකයන්ගේ විරෝධය පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරු වලට නිලධාරීන් බාහිරෙන් බඳවා ගැනීමට සාකච්ඡා ආරම්භ වීමෙන් ඊට පාර්ලිමේන්තු සේවකයන්ගේ දැඩි විරෝධය මතුව ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය. 04 January 2025
මැණික් ප්‍රදර්ශනයට ජනපති යයි ජාත්‍යන්තර ’’FACETS Sri Lanka - 2025’’ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (04) ආරම්භ විය. 04 January 2025
කෝටි 28ක රන් රටින් පන්නන්න හැදූ 3ක් මාට්ටු කල්පිටිය බත්තලංගුණ්ඩුව ප්‍රදේශයේ මුහුදේදී රුපියල් කෝටි 28කට වැඩි රත්තරන් කිලෝ 11 ක් සහ ග්‍රෑම් 300ක් මෙරටින් රැගෙන යාමට ගිය ධීවර යාත්‍රාවක් සමග පුද්ගලයන් තිදෙනෙකු අද (4) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 04 January 2025
’ක්ලීන් ශ්‍රී ලංකා’ ගැන බොරු හඬ පටයක් ක්ලීන් ශ්‍රී ලංකා -2025 වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය මගින් ජනතාව වෙත සිදු කෙරෙන දැනුම්දීමයි’ ලෙස ’ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝව අසත්‍ය වීඩියෝවක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 04 January 2025
කොස්තාපල්ගේ ගිනි අවිය පත්තු වී කොස්තාපල්වරිය රෝහලේ මහවෙල පොලිස් ස්ථානයේදී කොස්තාපල්වරයෙකු සතුව තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වී උණ්ඩයක් අසල සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ පාදයේ වැදීමෙන් තුවාල ලබා මාතලේ මහ රෝහලට ඇතුළත් කර ඇති බව මහවෙල පොලිසිය පවසයි. 04 January 2025
ලිට්රෝ ගෑස් මිල වෙනස් නොවේ ලිට්රෝ ගෑස් මිල සූත්‍රයට අනුව මෙම මස (ජනවාරි) ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා අද (4) පැවසීය. 04 January 2025
සහල් තවත් ටොන් 3000 ක් එයි ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (4) වන විට ආනයනික සහල් මෙටි්රක්ටොන් 88,000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (4) පස්වරුවේ පැවසීය. 04 January 2025
තැනින් තැනට පොඩි පොඩි වැසි ඌව පළාතේ වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 January 2025
වැලිගම වෙඩි තැබීමෙන් අයෙක් මරුට:අයෙක්ට තුවාලයි වැලිගම මානවියා ප්‍රදේශයේ දී අද සිදු වූ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 04 January 2025
වයිරස ව්‍යප්තිය ගැන බියක් එපා - චීනය චීනයේ පැතිරෙන, වයිරස උණ රෝගය සම්බන්ධයෙන් චීන සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ, එය කලබල වීමට හේතුවක් නොවන බවත්, ශීත කාලය උදාවීමත් සමඟ, මෙවැනි වයිරස පැතිරීම, සාමාන්‍ය දෙයක් බවත්ය. 04 January 2025
කැලයට ගිය ඔයාමඩුවේ ගබඩා සංකීර්ණය පසුගිය 2012 වසරේදි “දැයට කිරුළ” වැඩ සටහනට සමගාමිව මහවිලච්චිය , ඔයාමඩුව ප්‍රදේශයේ ඉදිකර ඇති ගබඩා සංකීර්ණය නිරික්ෂණය කිරිම සඳහා වෙළඳ, වාණිජ , ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් එහි ගියහ. 03 January 2025
හිටපු ඇමැති ගොවි බැංකුවෙන් මිලියන හතරකට විදලා ගොවී නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ව්‍යාජ ලෙස පවත්වාගෙන ගියා යැයි කියන සංවිධානයක මුවාවෙන් , හිටපු ඇමතිවරයකු සහ නිලධාරීන් දෙදෙනකු රුපියල් මිලියන හතරකට ආසන්න මුදලක් මිහින්තලේ ගොවිජන බැංකුවෙන් අවභාවිතා කර ඇති බව ගොවි සංවිධාන ලේකම්වරයකු සංදේශයක් ඉදිරිපත් කරමින් පැමිණිල්ලක් කළේය. 03 January 2025
මහනුවර බලා යන දුම්රියක් වලකුඹුරේදී කැඩෙයි බෙලිඅත්තේ සිට කොළඔ කොටුව දක්වා පැමිණ යළි මහනුවර බලා ගමන් ගත් සීඝ්‍රගාමි දුම්රිය වලකුඹුර සහ පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථාන අතර අද (3) රාත්‍රි කාර්මිකදෝෂයකට ලක්ව ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි. 03 January 2025
ජනතා සේවයට ඇති මුදල් ජනතාවට වියදම් කරන්න ජනතා සේවයට වෙන්කරන මුදල්වලින් සියයට 30 ක් 40 ක් නැවත භාණ්ඩාගාරයට හරවා යවන ක්‍රමය නතර කර ජනතාවගේ සංවර්ධනයට මුදල් යොදවන ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවත් මහජනතාවගේ මුදල් ගිණුම්වල රඳවාගෙන නොසිට නිසිපරිදි ජනතාව වෙනුවෙන් වැයකළ යුතු බවත් සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා අද (3) පැවසීය. 03 January 2025
ජාජබ මන්ත්‍රී නිහාල් අබේසිංහගේ නිවස හොරු බිඳියි ජාතික ජනබල වේගයේ ප්‍රධාන ලේකම් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ හොරණ ඉලිබ අත්කම් නිවාස සංකීර්ණය පිහිටි නිවස ඊයේ (2) රාත්‍රී සොරු බිඳ ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි 03 January 2025
දරු දුක උසුලන තල්මස් මවක් තම පැටියා මියගිය වේදනාව දරා ගැනීමට නොහැකිව මළ සිරුර හිස මත තබා ගෙන පිහිනන තල්මසෙක් පිළිබඳ පුවතක් අද(03) විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 03 January 2025
වෙහෙරගල ජලාශය වාන් දොරටු විවර කරයි වෙහෙරගල ජලාශයේ ජල ධාරිතාව උපරිමය දක්වා පිරී ඇති හෙයින් වාන් දොරටු විවෘත කිරීමට සිදුවන නිසා මැණික් ගඟ ඉවුරු ආශ්‍රිතව පදිංචි කරුවන්ට ප්‍රවේශම් වන ලෙසත්, ගඟ පරිහරණය කිරීමෙන් සහ දියණෑමෙන් වලකින ලෙසත් ගඟ පහල පදිංචිකරුවන් ගෙන් සහ වන්දනා බැතිමතුන් ගෙන් ජලාශය භාර වාරි ඉංජිනේරු කේ.එච්.එන්.සහන් කුමාර මහතා කාරුණික ඉල්ලීමක් කරයි. 03 January 2025
විශ්වවිද්‍යාල ගැටළු කඩිනම් විසඳිය යුතුයි විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන අපහසුතා අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. 03 January 2025
’’තානාපතිවරු පත් කරන්න සාධාරණ කාලයක් අවශ්‍යයි’’ නව රජය පත්වීමෙන් පසු තානාපති සහ මහා කොමසාරිස් කාර්යාල කීපයකට සිදු කර තිබූ දේශපාලන පත්වීම් අවසන් කිරීම නිසා කාර්යාල කීපයකම පුරප්පාඩු ඇතිවී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. නමුත් තානාපතිවරු සහ මහා කොමසාරිස්වරු පත්කිරීම සංකීර්ණ ක්‍රියාවලියක් බැවින් ඒ සඳහා සාධාරණ කාලයක් අවශ්‍ය වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය. 03 January 2025
පුංචි ඡන්දය අප්‍රේල් පළාත් පාලන ඡන්දය බොහෝ දුරට අප්‍රේල් මාසයේදී පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ. 03 January 2025
රවීන්ද්‍ර නවමුණිට ඇප කළුතර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසවන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ටුවක් පල කලේ යැයි අත් අඩංගුවට පත් මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ වෙල මහතා අද(03) නියෝග කළේය. 03 January 2025
’’මාධ්‍ය නිදහසට අත තියන් නෑ’’ ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් ලෙස මාධ්‍ය නිදහසට අත තැබීමට සූදානමක් නැති නමුත් යම් අයෙකු තම ව්‍යාපාරික හෝ දේශපාලන අරමුණු වෙනුවෙන් ද්වෙශ සහගත සහ අසත්‍ය පුවත් පළ කිරීමට හෝ ප්‍රචාරය කිරීමට කටයුතු කළහොත් ගන්නා ක්‍රියාමාර්ග හෙළි කිරීම දැනට සිදු නොකරන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (03)පැවසීය 03 January 2025
විමල් CIDයට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පැවැත්වෙන පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් ලබාදීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය හමුවේ අද (3) පෙනී සිටියේය. 03 January 2025
අනාරක්ෂිත විදුලි රැහැනේ පැටලුනු අලියා කොටස් කර ළිඳකට දමලා වවුනියාව ඕමන්ත කොම්බුවෙෙතියකුලම් හත්වන සිංහරෙජිමේන්තු කඳවුර තුල අනාරක්ෂිත ඇඳ තිබූ විදුලි රැහැන්වල පැටලී අලියකු මියගොස් ඇති අතර එම අලියා කොටස්වලට කපා ළිඳකට දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් අාරම්භ කොට අැති බව වවුනියාව වනජීවි කාර්යාලය පවසයි. 03 January 2025
කර්මාන්තශාලාවකට කුඩා ගුවන් යානයක් කඩා වැටී 2ක් මරුට ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ විශාල ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලාවකට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් දෙදෙනෙක් මියගොස් තවත් 18 දෙනෙක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 03 January 2025
වසර හතරකට පසු ඝාතනයකට සැක තිදෙනෙකු අල්ලයි මීට වසර හතරකට පෙර බලන්ගොඩ හතරභාගේ ප්‍රදේශයේදි 47 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර සත්‍ය වසන් කරමින් සිටි සැකකරුවන් තිදෙනකු අද (03) දා අත්අඩංගුවට ගත් බව රත්නපුර අපරාධ විමර්ශන කාර්යාංශයේ නිළධාරිහු පැවැසුහ. 03 January 2025
මැතිසබා සේවකයන්ගෙන් ජනපතිට පැමිණිල්ලක්? නිවාඩු හිලව් දීමනාව අවලංගු කිරීමේ තීරණය වෙනස් කරගන්නැයි පාර්ලිමේන්තු සේවකයෝ ජනාධිපතිවරයා හමුවී ඉල්ලීමක් කිරීමට සූදානම් වෙති. 03 January 2025
රටේ සමස්ත දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක් වර්තමාන රජයට අධ්‍යාපනය ඉතා වැදගත් විෂයක් ලෙස සළකමින් විශේෂ අවධානයක් සහ ප්‍රමුඛතාවයක් දෙන බවත් පුනරුද යුගයක් වෙනුවෙන් පරිවර්තනයන් කිරීම ජාතික ජනබලවේග ආණ්ඩුවේ මූලික අරමුණ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. 03 January 2025
රනිල් නව වසරේ වැඩ අරඹයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී සහ කොළඹ මල් පාරේ පිහිටි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණු කාර්යාලයේදී අද (3)නව වසරේ වැඩ ඇරැඹීය. 03 January 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026