IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තඹුත්තේගම රෝහලට තට්ටු හයක ප්‍රතිකාර ඒකකයක්

(අංජුල මහික වීරරත්න)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ  ස්ථාපිත A ශ්‍රේණියේ එකම මූලික රෝහල වන තඹුත්තේගම මූලික රෝහල සඳහා තට්ටු හයකින් සමන්විත හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකයක් කඩිනමින් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා  පැවසීය.

අදියර දෙකකින් ඉදිකිරීමට යෝජිත මෙම ඒකකයේ පළමු අදියර සදහා මුදල් ප්‍රතිපාදන එළැඹෙන අයවැයෙන් වෙන් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව කීවේ තඹුත්තේගම මුලික රෝහලේ විශේෂ නිරීක්ෂණයක නිරත වීමෙන් අනතුරුව  පැවති සාකච්ඡාවේ දී අදහස් දක්වමිනි.

තඹුත්තේගම මුලික රෝහල යම් නිශ්චිත සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කර  ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට ගුණාත්මක, ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබා දීමට අදහස් කරන බව අමාත්‍යවරයා කීය.

රෝහලේ භෞතික සම්පත් සංවර්ධන කටයුතු සිදුකිරීම සදහා මධ්‍යම රජයෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර සිටියේ ය.

රෝගී ප්‍රතිකාර සේවාවන් විධිමත්ව සිදු කිරීම සදහා රෝහලට අවශ්‍ය වන වෛද්‍ය උපකරණවල ලේඛනයක් කඩිනමින් තමන් වෙත ලබා දීමට කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා මෙහි දී වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් ජයකොඩි මහතා වෙත උපදෙස් දුන්නේය.

 

 



අදහස් (8)

තඹුත්තේගම රෝහලට තට්ටු හයක ප්‍රතිකාර ඒකකයක්

sene Sunday, 15 June 2025 12:29 PM

බාලගිරි දෝෂය සෑම දේ අද නොවේ හෙට, අපට කවදා හෙටක් උදා වේද?

:       0       37

Iran Sunday, 15 June 2025 01:17 PM

අපිටත් තියෙන්නේ අපේ පැත්තෙන් කෙනෙක් හරි සෞඛ්‍ය ඇමැතියෙක් හරි පත් කරගන්න. අපිටත් හම්බවෙයි පොලොන්නරුවට, හම්බන්තොටට, කළුතරට, බදුල්ලට තඹුත්තේගමට වගේ...

:       6       44

Gavin Sunday, 15 June 2025 01:49 PM

වෙන කවුරුහරි මේක කළා නම් බලන්න තිබ්බා ජෙප්පන් කියන දේවල්...

:       7       47

ජයරත්න Sunday, 15 June 2025 03:27 PM

මෙම රෝහල සංවර්ධනය කිරීම තුළින් අනුරාධපුර රෝහලේ පීඩනය අඩුකර ගැනීමට පුළුවන් වෙයි. හොඳ වැඩක්...

:       9       23

de silva Sunday, 15 June 2025 03:35 PM

අලුත් ඉස්පිරිතාල හදන්න මුදල් වැය කරන්න කලින් තිබෙන ඉස්පිරිතාල වලට අවශ්‍ය බෙහෙත්, වෛද්‍ය උපකරණ සහ දොස්තර හිඟය නැති කරන්න කටයුතු කරන්න.. රටපුරාම නිකන් ගොඩනැගිලි පමණක් ඉදිකරලා ඵලක් නැහැ... වෛද්‍යවරු සහ බෙහෙත් නැතිනම්...

:       4       24

සුදු ඇඳගෙන කලු ඇවිදින් Sunday, 15 June 2025 04:58 PM

ඊළඟ ජනාධිපති මොණරාගලින් පත් කරමු.

:       1       18

ගුණරත්න Sunday, 15 June 2025 06:11 PM

කලින් ආණ්ඩු කළ දේම මුනුත් කරනවා. පචයෝ නේ, ඉතින් ලැජ්ජාවක් නැතිව තව මිනිස්සු අන්දන්න පුළුවන්. අර සීනි බදු වංචාවේ දැන් කිසිම අවුලක් වෙලා නැහැ කියන්නේ? එත් මුන් ඕක කොයිතරම් විකිනුවද මිනිස්සු රවට්ටන්න? පාස්කු ප්‍රහාරයත් ඒ වගේ.

:       7       19

අරවින්ද මොණරවිල Monday, 16 June 2025 08:18 AM

මහින්ද ජනාධිපති උනාම දකුණුට හැදුවා වාරය, එයාර් පොර්ට් අධිවේගි මාර්ග ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හා සම්මන්ත්‍රණශාලා, සිරිසේන ජනාධිපති වුණාම පොලොන්නරුවට වකුගඩු රෝහලක් හා කාපට් පාරවල් දැන් මෙයා පටන් අරගෙන තඹුත්තේගමට කොරන්න, මොවුන් එකෙක් වත් ජාතික නායකයෝ නොවෙයි ප්‍රාදේශීය නායකයන්, තමන් ඉපදුන ගම පමණක් සංවර්ධන කොලාම ඇති කියලා හිතන අමුතුම සත්තු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 144 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site