IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉරාන - ඊශ්‍රායල් ගැටුම් තවත් උග්‍ර වේ

(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ්‍රායලය  ඉරානයේ බලශක්ති කර්මාන්තය සහ ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථානය ඉලක්ක කරමින් පුළුල් ප්‍රහාරමාලාවක් අද(15) එල්ල කළ අතර ඉරානයද ඊට පිළිතුරු ලෙස මාරාන්තික මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරමාලාවක් එල්ල කළේය.

එම ප්‍රහාර මාලාවෙන් ටෙහෙරානයේ පිහිටි මධ්‍යම තෙල් පිරිපහදුවටත්, ගෑස් නිෂ්පාදන ගබඩාවකටත් දැඩිහානි සිදුව ඇති අතර තෙල් පිරිපහදුවේ විශාල ගින්නක්ද හටගෙන ඇත.

එසේම ටෙහෙරානයේ මෙන්ම ඉරානයේ ප්‍රදේශ කීපයක පිපිරීම්ද වාර්තා වී තිබේ. ප්‍රහාරයට පැමිණි ඊශ්‍රායල පස්වෙනි පරම්පරාවේ එෆ්-35 ප්‍රහාරක ජෙට් යානාවක් ඉරාන ගුවන් ආරක්ෂණ පද්ධතිය බිමදමා ඇති බවත් ඒ අනුව මෙතෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ එෆ්-35 නවීන ප්‍රහාරක ජෙට් යානා 3 ක් බිම දමා තිබෙන බවත් ඉරාන බලධාරීහු ප්‍රකාශ කළේය.

මෙතෙක් ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන ජ්‍යෙෂ්ඨ හමුදා නායකයින් ඇතුළු 78 කට වැඩි පිරිසක් මරණයට පත්ව ඇති අතර 320 කට වැඩි පිරිසක් මරණයට පත්ව ඇත.

ඒ සමග ඉරානයද ඊට පිළිතුරුලෙස ඊශ්‍රායලයේ මධ්‍යම සහ දකුණු ප්‍රදේශවලට මාරාන්තික මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර ඉන් ටෙල් අවිව් සහ හයිෆා නගරවල ගොඩනැගිලිවලට හානිසිදුව ඇති බව ඉරාන බලධාරීහු ප්‍රකාශ කළේ.

ඉරානය මෙතෙක් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලින් 10ක් මියගොස් තවත් 200 ක් තුවාල ලබා ඇති බවත් 50කට වැඩි පිරිසක් අතුරුදන්වී ඇති බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවැසුවේය.

ඊශ්‍රායලයේ පැවැත්මට ඉරානයෙන් එල්ල වන තර්ජනය මැඩ පැවැත්වීම සඳහා ඊශ්‍රායලය ආරම්භ කළ රයිසින් ලයන් මෙහෙයුමට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉරානයද මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර එය ටෘ ප්‍රොමිස් 3 ලෙස නම් කර ඇත.

ඉරාන 

ඊශ්‍රායලය



අදහස් (1)

ඉරාන - ඊශ්‍රායල් ගැටුම් තවත් උග්‍ර වේ

Shelton Monday, 16 June 2025 05:24 AM

ලොවපුරා ඉස්ලාමීය ත්‍රරස්තවාදය පතුරුවන ප්‍රජාතන්ත්‍රවාදී ඊශ්‍රායල රජය විනාශ කිරීමට වෙර දරණ,සිය රට වැසියන්ට පවා කුරිරු ලෙස සළකන ඉරාන මෘග පාලකයින්ට කිසිවිටෙකත් උදව් නොකල යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 144 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site