IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිඟිත්තිය උකුලට පැනීමෙන් මෝටර් රිය බිල්ලක් ගනී

( සුමිත් පොතුපිටිය )

මෝටර් රථයක් පදවමින් සිටී කාන්තාවගේ උකුලට දෙහැවිරිදි සිගිති දියණිය පැනීමෙන් මෝටර් රථය පාලනයෙන් මිදි  ත්‍රිරෝද රථයක සහ කුඩා ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් අයෙකු මියගොස් තවත් දෙදෙනකු  තුවාල ලබා ඇති බව වාද්දුව  පොලිසිය සදහන් කරයි .

මෝටර් රථය පැදවූ කාන්තාව  සිය දෙහැවිරිදි  දියණිය සමග දේවස්ථානයට ගොස් දියණිය පසුපස අසුනේ හිදුවා ගෙන නිවසට යාම සදහා  කළුතර දෙස සිට පානදුර දෙසට ගමන්කර ඇති අතර, වාද්දුව  තල්පිටිය ප්‍රදේශයේදී දැරිය රියදුරු අසුනට පැන ඇති බවත් , ඒ අනුව රථය ඇයගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය කීය.

ඒ අනුව මාර්ගයේ නවතා තිබූ ත්‍රීරෝද රථයක  ගැටී අසල ගමන් කරමින් සිටී පදිකයෙකුගේ ද ගැටී ත්‍රිරෝද රථය අසල නවතා තිබූ කුඩා ලොරි රථයකද ගැටී ඇති බව පරීක්ෂණ පවත්වන නිළධාරියෙක් කීය.

බරපතළ තුවාල ලබා සිටී තැනැත්තා පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඒ වනවිටත් මියගොස් සිටී බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. අනතුරෙන් මියගොස් ඇත්තේ පදිකයෙකු බවත් ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුව නොමැති බවත් පොලිසිය සදහන් කරයි .

 



අදහස් (5)

සිඟිත්තිය උකුලට පැනීමෙන් මෝටර් රිය බිල්ලක් ගනී

Chandana Sunday, 15 June 2025 03:46 PM

කාර්/වැන් වල Child seat අනිවාර්ය කළ යුතුයි...

:       0       91

Kumara Monday, 16 June 2025 03:08 AM

රියදුරු පමනක් නම් වාහනයෙ සිටින්නෙ වයස 3ට වගෙ අඩු ලමයින්ට අනිවාර්ය කල යුතුයි. ලමයි පාලනයට වෙනත් පුද්ගලයෙකු සිටී නම් ප්‍රශ්නයක් නැත. ලන්කාව වගෙ රටකර සීට් අනිවාර්ය අනික් රටවල් වගෙ දැඩිව කිරිම ප්‍රයොගිකව කරන්න අමාරුයි.

:       2       2

Kumara Monday, 16 June 2025 03:10 AM

රියදුරු පමනක් නම් වාහනයෙ සිටින්නෙ වයස 3ට වගෙ අඩු ලමයින්ට chiled seat අනිවාර්ය කල යුතුයි. ලමයි පාලනයට වෙනත් පුද්ගලයෙකු සිටී නම් ප්‍රශ්නයක් නැත. ලංකාව වගේ රටකට chiled සීට් අනිවාර්ය කිරීම අනික් රටවල් වගේ දැඩිව කිරිම ප්‍රයොගිකව කරන්න අමාරුයි.

:       2       4

Soma dubayi Monday, 16 June 2025 11:06 AM

කාර් කාරයෝ ඔහොමයි, මිනීමරුවන්...

:       0       1

fairoos Monday, 16 June 2025 11:52 AM

එතකොට රියදුරු අත්අඩංගුවට ගත්තේ නැද්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 144 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site