වකුගඩු රෝගී දීමනාව 10000 දක්වා වැඩි කරයි වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන දීමනාව රුපියල් 10000 දක්වා වැඩිකරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සඳහන් කරයි. 02 January 2025
සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 පසුකරයි කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 අද (2) පසු කළේය. 02 January 2025
දරුවන් පාසලෙන් ඈත්වීම ගැන සොයා බැලිය යුතුයි උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත්වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත් කුමන හේතුවක් මත හෝ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (2) පැවසුවාය. 02 January 2025
නිපුණතා සංවර්ධනයට ඔස්ට්‍රේලියානු රජයේ සහාය ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධනයට ඔස්ට්‍රේලියානු රජය සහාය ලබාදීමට එකඟතාවය පළ කර ඇත. 02 January 2025
රට හාල් මෙට්‍රික්ටොන් 85000ක් වෙළඳපොලට ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (2) වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 85,000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (2) පස්වරුවේ පැවසීය. 02 January 2025
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම 07 නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ලබන 7 වැනිදා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය. 02 January 2025
වැඩ කරන ජනතාවට කන් දෙන්න වට්ස්ඇප් අංකයක් වැඩ කරන ජනතාවගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දීම සඳහා කම්කරු අමාත්‍යංශය නව වට්ස්ඇප් අංකයක් හඳුන්වා දී තිබේ. 02 January 2025
බලශක්තියේ සෘජු අධිකාරිත්වය රජයට සතුව තිබිය යුතුයි බලශක්ති ක්ෂේත්රයේ රජයේ හිමිකාරත්වයේ සෘජු පාලනය අධිකාරිත්වය යටතේ තිබිය යුතු බවත් රටක දියුණුවට සහ සංවර්ධනයට බලශක්ති ක්ෂේත්රයේ වර්ධනය සහ ස්ථාවරත්වය ඉතා වැඳගත් බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය. 02 January 2025
මුහුද මැද නතර වූ යාත්‍රාවේ මගීහු ධීවර යාත්‍රා මගීන් බේරා ගැනෙති යාපනය නෙඩුන්තීවු දූපතේ සිටි මුහුදු මර්ගයෙන් මගීන් ඇතුලු 60 දෙනෙකු පටවා ගත් යත්‍රාවකට හදීසියේම මුහුද මැදදී ඇති වූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් එම යාත්‍රාවේ සිටි මගීන් ධීවර යාත්‍රා මගින් බේරා ගොඩට ගෙන ඒමට ප්‍රදේශවාසී ධීවරයින් විසින් පියවර ගෙන ඇත. 02 January 2025
සූර්වී රාජකාරී කළ සැරයන් අත්අඩංගුවට බීමතින් ජංගම සංචාර රාජකාරියේ යෙදුණු බව කියන පොලිස් සැරයන්වරයෙකු ඊයේ (1) අත්අඩංගුවට ගත් බව අගුලාන පොලිසිය පවසයි. 02 January 2025
කාන්තා කටයුතු ඇමතිනී වැලිකඩ බලන්න යයි කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාව නිරත වූවාය. 02 January 2025
රනිල් නේපාල අගමැති හමු වෙයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නේපාල අග්‍රාමාත්‍ය කේපී ෂර්මා ඔලි මහතා අතර හමුවක් නේපාලයේ කත්මණ්ඩු නුවරදී අද පෙරවරුවේ පැවැත්විණි. 02 January 2025
නිව්යෝක් රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ක්වීන්ස් පළාතේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවුණු වෙඩි තැබීමකින් 10 දෙනෙක් තුවාල ලැබූහ. 02 January 2025
කිලිනොච්චියේ පාලමක් යට මළ සිරුරු දෙකක් කිලිනොච්චිය පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ මාර්ගයක ඉදිකොට තිබූ පාලමක් යට තිබී හඳුනානොගත් පුද්ගල මළසිරුරු දෙකක් අද (02) උදෑසන සොයාගත් බවට කිලිනොච්චිය පොලීසිය පැවසීය. 02 January 2025
ලුණු මෙට්‍රික් ටොන් 20000 ක් ගෙන්වීමට හෙට ටෙන්ඩර් විවෘත කරයි ලුණු මෙට්‍රික් ටොන් 20000 ක් කඩිනමින් ආනයනය කිරීමට හෙට (3) ටෙන්ඩර් විවෘත කරන බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. 02 January 2025
ශ්‍රී ලංකාව ලකුණු 7 කින් නවසීලන්තය පරදවයි ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ නෙල්සන්හිදී අද (2) පැවති තුන්වැනි සහ අවසන් විස්සයි20 තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 7 ක තියුණු ජයක් ලැබීමට සමත් විය. 02 January 2025
වකුගඩු රෝගී දීමනාව රුපියල් 10,000 ක් වෙයි වකුගඩු රෝගී දීමනාව රුපියල් 7500 සිට රුපියල් 10,000 ක් දක්වා ඉහළ දැමූ බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂක සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශයේ පැවසීය. 02 January 2025
කණ්ඩලම වාන් දමයි කණ්ඩලම ජලාශයේ වාන් දැමීම ආරම්භ කළ බවත් මේ වන විටත් කණ්ඩලම ජලාශයේ වාන් ජලය දඹුල්ල වෑවල වැව මාර්ගය හරහා ගලා බසින බව මහවැලි අධිකාරිය කියයි. 02 January 2025
මත් කරල් සමඟ ව්‍යාපාරිකයෙක් මාට්ටු රුපියල් ලක්ෂ 40 අධික වටිනා මත්කරල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි රෙදි පිළි ව්‍යාපාරිකයෙක් පිටකොටුව කේසර් වීදියේදී අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි. 02 January 2025
තැනින් තැනට අදත් වැසි මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 January 2025
පුංචි ඡන්ද පනත මැතිසබයට පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත තව දෙසතියකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 02 January 2025
මාතර හිරගෙදරට ගසක් වැටී රැඳවියෙක් මරුට මාතර බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටීමෙන් රැඳවියෙක් මරණයට පත්ව තවත් රැඳවියන් නවයක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව මාතර මහ රෝහලේ ප්රකාශයෙක් පැ වසීය. 02 January 2025
අටබාගේ රෝහලටම බඹර ප්‍රහාරයක් බඹර ප්‍රහාරයකට ලක් වූ කාන්තාවක කෑ ගසමින් ගම්පොළ අටබාගේ උඩගම ග්‍රාමීය රෝහලට දිව යාම නිසා ඇය පසුපස පැමිණි බඹරුන් රෝහල් සායනයට පැමිණ සිටි පිරිසට හා වෛද්‍යවරියට බරපතල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එකොළොස් දෙනකු ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ. 02 January 2025
මොන්ටෙනීග්‍රෝ රාජ්‍යයේ වෙඩි තැබීමක් මොන්ටෙනීග්‍රෝ රාජ්‍යයේ වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීමෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු බවත්, වෙඩික්කරු පලා ගිය බවත් වාර්තා වේ. වෙඩික්කරු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇත. 02 January 2025
අවුරුදු සැමරුම් අතරතුරේ ඇමෙරිකාවට ත්‍රස්ත ප්‍රහාරයක් නව අවුරුදු උදාව සැමරීමට, ඇමෙරිකාවේ, නිව්ඕලන්ස් ජනපදයේ, බර්බන් වීදියට එක්රොක් වූ වැසියන් පිරිසක් මැදට සුදු පැහැති පිකප් ට්‍රක් රථයක් කඩා වැදුණි. 02 January 2025
කෙහෙලියගේ බෙහෙත් සීට්ටුවට අනුමැතිය දුන් හිටපු ජනපති, අගමැතිගෙන් ප්‍රකාශ ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගෙන් ලබන සතිය තුළ ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු සුදානම් කර ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 02 January 2025
හිටපු ඇමැතිවරයකුගේ කෝටි 4ක වාහන පොලිස් බාරයට බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකුට අයත් බව කියන රුපියල් කෝටි හතර හමාරකට වඩා වටිනාකමකින් යුත් සුඛෝපභෝගි වාහන තුනක් අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත 01 January 2025
මත්ද්‍රව්‍ය සමඟ විදේශිකයා අල්ලයි ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ විදේශ පාර්සල් අංශයට පාර්සලයක් ගැනිමට පැමිණි විදේශිකයෙකු කොකේන් මත්ද්‍රව්‍ය සහිත පාරසලයක් සමඟ අද(1) දහවල් අත් අඩංගුවට ගත් බව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාරයාලය පවසයි. 01 January 2025
අත්‍යවශ්‍ය භාණ්ඩ 63 ක වෙළඳ බද්ද වෙනස් නොවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු තෝරාගත් භාණ්ඩ වර්ග 63 ක ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමෙන් තොරව අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ගැසට් නිවේදනයක් පෙරේදා (31) නිකුත් කළ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමත්‍යංශය පැවසීය. 01 January 2025
පොලීසියෙන් නව ජංගම යෙදවුමක් රථවාහන වැරැදි අවම කර ගැනිම සදහා ‘ඊ ට්‍රැෆ්ක්‘ නමින් ජංගම දුරකතන යෙදවුමක් වැඩබලන පොලිස්පතිවරයගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානය හදුන්වා දෙනු ලැබීය. 01 January 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026