
(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායලය අද(13) ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ඉරානය දැනටමත් ආරම්භ කර ඇති අතර මේ වනවිට ඩ්‍රෝන 100 කට වැඩි ප්‍රමාණයක් ඊශ්‍රායලයට යොමුකර ඇති බවත් එම ඩ්‍රෝන බිම දැමීමට ගුවන් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කර ඇති බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ප්‍රකාශ කර සිටියේ ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාවට අනිවාර්යයෙන්ම ඊශ්‍රායලයට සහ ඇමෙරිකාවට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවයි.
කෙසේ වෙතත් ට්‍රම්ප් පරිපාලනය ප්‍රකාශ කර සිටියේ තමන් ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාවට කිසිඳු සම්බන්ධයක් නොමැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මන්ද මානසික නායකයින්ගේ මෝඩ, මිථ්‍යා, උද්දච්චකම් වලට තැලෙන්නේ පොඩිවෙන්නේ මැරෙන්නේ දේපල අහිමිවෙන්නේ බදු ගෙවන සාමාන්‍ය පුරවැසියන්...