
(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.එච්.එස්.කේ.ජයලත් මහතා විසින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ වැඩ තහනම් කොට තිබේ.
උතුරු මැද පළාතේ වාහන කිහිපයක් ටෙන්ඩර් කොට අලෙවි කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රුපවාහිනි නාලිකවකට අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරිමේ චෝදනාවට වැඩ තහනම් කරන බව ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලංකා ගුරැ සංගමයේ සභාපතිවරයාට යවන ලද අංක එන්සිපි/සිඑම්/ඊඩියු/09/අනු/2025 හා 2025.06.06 දිනැති ලිපියේ සදහන්වේ.
එම ලිපියේ වැඩි දුරටත් මේසේද සදහන්ය. “ඔබ අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් ශාන්ත ජෝශප් මහා විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවය කරමින් සිටියදි වෘත්තිය සමිති කටයුතු සදහා 2025.02.01 දින සිට 2026.01.31 දින දක්වා නිදහස් කර තිබියදි ඉන් පරිබාහිරව “අපි පුරවැසියෝ” සංවිධානයේ කැදවුම්කරැ ලෙස හදුන්වා දෙමින් මැයි මස 30 වැනි දින රැපවාහිනි නාලිකාවකට අසත්‍ය ප්‍රකාශයක් සිදු කළ බවට ප්‍රධාන ලේකම්වරයා විසින් ලිඛිතව දන්වා තිබේ.
2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලංකා ගුරු සංගම් සභාපති ගුරු සේවය තහනම් කරයි
සෙනෙවිරත්න Friday, 13 June 2025 06:28 AM
ඉතාම හොඳ වැඩක්, ගුරුවරුන් වෙනුවෙන් සේවය කරන්න සේවයෙන් නිදහස් කරන්නෙ. නමුත් සේවය කසිකබල් නාලිකා වලට බොරු විදින්න පසුබිම හදන එක. කොහොමත් උගන්වන්නෙ නැති නිසා ළමුන්ට අවැඩක් වෙන්නෙ නැහැ
P.d goonawardena Friday, 13 June 2025 08:50 AM
ස්ටාලියටත් ඔය හැන්දෙන්ම බෙදන්න ලොක්කා....
අරවින්ද මොණරවිල Friday, 13 June 2025 10:38 AM
නිදහස් පුරවැසියෙක් ලෙස තමන් කැමති සංවිධානයට බැදෙන්නට වගේම අදහස් ප්‍රකාශ කරන්නත් අයිතිය තියෙනවා.ඒක වලක්වන්න පලාත් අධ්‍යාපන ලේකම්ට අයිතියක් නැති බවයි මගේ අදහස. ඒ නිසා කිව්වේ අසත්‍ය තොරතුරු උවත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න අධ්‍යාපන ලේකම්ට අයිතියක් නැහැ. කොහොම උනත් මේකට ආණ්ඩුව සම්බන්ධ නැති නිසා අධිකරණයට යන්න වෙනවා සාධාරණ පතා ගෙන.
රුවන් Friday, 13 June 2025 01:48 PM
අරවින්ද අඩුම යුරෝපයේ, චීනයේ, සිංගප්පූරුවේ ගිහින් තියෙනවා ද? එහෙත් මෙහේ වගේ යුනියන් කාරයෝ උද්ගෝෂණය කරනවාද ළමයි බිල්ලට තියලා?
අරවින්ද මොණරවිල Friday, 13 June 2025 04:06 PM
ඔයා මුළු ලෝකය වටේම ඇවිද්දත් වැඩක් නැහැ... බුද්ධිය මෝරලා නැත්නම්, පහුගිය දවස්වල ඔයා ඔය කියන යුරෝපයේ රටවල් වන මහ බ්‍රිතාන්‍යය ප්‍රංශය වගේ රටවල දහස් ගණන් ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණය කරනවා ඔයා දැක්කේ නැද්ද? ඒ වගේම මේ දවස්වල ඇමරිකාවේ ජනාධිපතිගේ බදු ප්‍රතිපත්තියට හා සංක්‍රමණික ප්‍රතිපත්තියට එරෙහිව දහස් ගණනක් උද්ගෝෂණය කරනවා දැක්කේම නැද්ද? එහෙම නොදැක අන්ධයෙක් වගේ ඉන්න ඔයාද මට උපදෙස් දෙන්නේ? ඒ වගේම මානව හිමිකම් කියන ඒවා ඔයාට මට ඕනෑ විදිහට නවන්න බැහැ. මේක ලමයි බිල්ලට තියලා උද්ඝෝෂණය කෙරුවා කියලා චෝදනාවක් නැහැනේ, අනික උද්ඝෝෂණය කෙරුවාම ළමයි බිල්ලට යන්නේ කොහොමද කියලා ඔයාට පැහැදිලි කරන්න පුළුවන්ද? ඒ මනුස්සයා කිව්වේ බොරුවක් නම් ඒකට විරුද්ධව නීතියට අනුව කටයුතු කරන්න ඕනෑ. එහෙම නැතුව රස්සාවෙන් එලියට දාන්න පළාත් අධ්‍යාපන ලේකම්ට තියා ජනාධිපතිටත් බැහැ.