
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක් අරලියගහ මන්දිරයේදී අද (15) පැවැත්විණි.
‘AI For Transforming Public Service’ යන මැයෙන් පැවැත්වුණු මෙම වැඩමුළුවට ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් එක්ව සිටි අතර, රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්‍රවේශයක් ලෙස නිලධාරීන් දැනුවත් කිරීම හා සුදානම් කිරීමත්, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීමත් මෙහි අරමුණු විය.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා මෙහිදී ආරම්භක දේශනය සිදු කළ අතර, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) විධායක අධ්‍යක්ෂ සංජය කරුණාසේන මහතාද කෙටි දේශනයක් සිදු කළේය.
අනතුරුව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන හර්ෂ පුරසිංහ සහ සමිස අබේසිංහ යන මහත්වරු ප්‍රායෝගික ක්‍රියාකාරකම්ද සහිතව දැනුවත් කිරීම් සිදු කළහ.
මේ අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහත්වරු ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රථමයෙන්ම කෘතිම බුද්ධිය යොදාගත යුතු වන්නේ ආර්.එම්.වී. සහ පාස්පෝට් දෙපාර්තමේන්තු වලට. හොර ගුහාවල් දෙකක්. දෙවනුව අනිකුත් ආයතනවලට භාවිතයට ගත්තොත්, රාජ්‍ය සේවයේ ඵලදායිකත්වය වැඩිවේවි..
වැදගත් වැඩමුළුවක් වැනි නවීන තාක්ෂණික භාවිතයන් තුලින් රාජ්‍ය සේවය යාවත්කාලීන කර වඩාත් කාර්යක්ෂම කළ යුතුයි
විශේෂයෙන් වැඩවර්ජන කරන තැන් වලටයි හොර ගුහා වලටයි කෘතිම බුද්ධිය පාවිච්චි කරන විදියට සැලසුම් හදන්න ඕනෑ. ඒ අය ඔවුන්ගේ වැදගත්කම දඩමීමා කරගෙනනෙ වැඩ වර්ජන කරන්නේ...
බොල ඉස්සෙල්ලා මනුස්ස බුද්ධිය පාවිච්චි කරන්න උගන්නලා හිටු!
මේවා හෙන බොරු මාතෘකා විතරයි.
කෘත්‍රිම බුද්ධිය, රාජ්‍ය සේවයේ දැනටත් භාවිතා වන බවත් මේ දැනුවත් කිරීමේ වැඩමුළුවක් බවත් නොදන්නා අය දැන ගනිත්වා.
පළමුව පැමිණීම සහ කුසලතා මත පදනම් වූ සේවක ඇගයීම් පද්ධතිය ග්‍රහණය කර ගනිමින් ඵලදායිතාව විධිමත් කරන්න. මූලික තොරතුරු තාක්ෂණ කුසලතා නොමැතිකම සෑම රාජ්‍ය අංශයකම පාහේ දක්නට ලැබේ. දුරකථන ආචාර ධර්ම ම්ලේච්ඡයි. රජය මූලික යථාර්ථය අවබෝධ කර නොගෙන AI යන වචනය පසුපස හඹා යයි. සාමාන්‍ය රාජ්‍ය කාර්යාලය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ තක්සේරුවක් අනුර පාලනයට නැත. පුදුමයක් නොවේ, තේරී පත් වූ බොහෝ නිලධාරීන්ට සහ ඇමතිවරුන්ට කුඩා තේ කඩයක් පවත්වාගෙන යාමේ අත්දැකීම් නොමැත. මෙම පාලන තන්ත්‍රයෙන් අප අපේක්ෂා කරන්නේ කුමක්ද?
ඔක්කොටම ඉස්සරවෙලා ඊ මේල් යැව්වම එකට උත්තරයක් එවන්න කියාදීපල්ලා .