නාරාහේන්පිට මෝටර් ට්‍රැෆික් දින දෙකක් වහයි නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට (මැයි 5) සහ අනිද්දා ( 6 ) යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට තීරණය කර ඇත. 04 May 2025
මැකෝගෙන් අවවාදයක් පළාත් පාලන ආයතන මට්ටමින් සහ ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාලයක එම කාර්යාල හැදින්වීම සඳහා සවි කරන වර්ග අඩි 60 නොඉක්ම වූ ප්රචාරක පුවරුව හැර අන් සියලු ප්රචාරක පුවරු, පෝස්ටර් හෝ සැරසිලි ප්‍රදර්ශනය නොකළ යුතු බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි. 04 May 2025
සුරාවේ සුපිරි රිය හිටපු ලොක්කෙක් ගෙදර අරන් ගිහින් සුරාබදු ත්‍යාග අරමුදලේ රුපියල් කෝටියකට වැඩි මුදලකින් මිලදීගෙන ඇති සුඛෝපභෝගී මෝටර් රථයක් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු වෙනත් රැකියා ස්ථානයකට මාරු වී ගිය අවස්ථාවේදී රැගෙන ගොස් ඇතැයි වාර්තාවේ. 04 May 2025
ගල්කිස්සේ පුද්ගල ඝාතනයට තුනක් අල්ලයි ගල්කිස්ස හුළුදාගොඩ පාළු ඉඩමකදි තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 04 May 2025
වැඩබලන අමාත්‍යවරු හතරක් පත් වෙති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 4ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබේ. 04 May 2025
ජාත්‍යන්තර පාසල් ගුරුවරයා මත්ද්‍රව්‍ය සමඟ අල්ලයි දකුණු පළාතේ රාත්‍රී සාද සඳහා මත්ද්‍රව්‍ය සැපයීමේ යෙදුණු ජාත්‍යන්තර පාසලක ගුරුවරයෙක් රුපියල් ලක්ෂ 2 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි. 04 May 2025
මැයි රැලියට ඇවිත් හයිවේ එකේ රැඟූ අයට නීති පියවර ජාතික ජන බලවේගයෙ මැයි දින රැළියට පැමිණ නැවත යන ගමනේදී දක්ෂිණ අධිවේගී මාර්ගය අයිනේ බස් රථ නවතාගෙන සිටි රියැදුරන්ටත් ඊට සයෝගය දුන් කණ්ඩායම් වලටත් ඒ සිදුවීම බලා සිටි පොලිසියටත් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 04 May 2025
ජපාන ආරක්ෂක ඇමති අගමැති හරිනි හමුවෙයි ජපාන ආරක්ෂක අමාත්‍ය ජෙන් නකටානි මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අරලියගහ මන්දිරයේදී අද (4) හමුවිය. 04 May 2025
වසර දහයට වැඩ වර්ජන 386ක්:රටට පාඩුව කෝටි 300ක් රට පුරා කෙරුණු වැඩවර්ජන වලින් පසුගිය වසර දහයක කාලයේදී රුපියල් කෝටි 300කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි අලුත්ම සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය. 04 May 2025
යේමනයෙන් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිලයක් යේමනයේ හවුති කැරළිකරුවන් එල්ල කළ බැලස්ටික් මිසයිලයක් ඊශ්‍රායලයේ බෙන් ගුරියන් ගුවන්තොටුපළ අසළට එල්ල වීම හේතුවෙන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට විදෙස් මාධ්‍ය පවසයි. 04 May 2025
ජනපති බංගලා ගන්න පිටරටින් පෝලිමක් ජනාධිපති බංගලා කුලියට ගැනීමට දෙස් විදෙස් ආයෝජකයන් දස දෙනෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තාවේ. 04 May 2025
සංවිධානාත්මක අපරාධකරුවෙක් මෙරටට ගෙන එයි දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ලන්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ’’ ලොකු පැටී ’’ නැමැත්තා අද(04) උදෑසන බෙලාරූස් රාජ්‍යයේ සිට ඩුබායි හරහා කටුනායක ගුවන් තොටුපොළට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් රැගෙන පැමිණ තිබේ . 04 May 2025
ජනපති වියට්නාමයේ දී හරසරින් පිළිගනී වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාමය බලා ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) පෙරවරුවේ 04 May 2025
තරුණියකට අතවර කළැයි අපේක්ෂකයා අත්අඩංගුවට අයුතු ලෙස නිවසකට ඇතුළුවී අවුරුදු 19ක තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය කියයි. 04 May 2025
මීටියාගොඩ වෙඩි තැබීමක් අයෙක් මරුට මිටියාගොඩ මානම්පිට ප්‍රදේශයේ අවන්හලකදී මත්පැන් පානය කරමින් සිටි දෙදෙනකු ඉලක්කකර සිදු කළ වෙඩි තැබිමකින් එක් අයකු මියගොස් අනෙක් පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 04 May 2025
අලුත් මනාලියත් බාප්පාත් දිය රකුසාට බිලි සති අන්ත නිවාඩුව විනෝදයෙන් ගත කිරීමට නව විවාහක යුවළක් ඇතුලු ඥාතී පිරිසක්,ගගේ වාඩිය මෝය කටේ දිය නෑමට ගොස්, මනාළිය අතුරුදන්ව ඇය බේරා ගැනීමට ඉදිරිපත් වූ බාප්පා දියේ ගිලී මිය ගොස් ඇතැයි වනාතවිල්ලුව පොලීසිය කියයි. 04 May 2025
ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙන්නෙක් මාට්ටු මැතිවරණ නීති උල්ලංඝනය කරමින්, ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙදෙනෙකු පෝස්ටර් පහළොවක් සමඟ මනම්පිටිය ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි. 04 May 2025
මැතිවරණ නිහඩ කාලය ඇරඹේ පලාත් පාලන මැතිවරණයේ නිහඩ කාලසීමාව මේවනවිට ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 04 May 2025
තැනින් තැනට අදත් වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 May 2025
ඕස්ට්‍රේලියා මැතිවරණයෙන් කම්කරු පක්ෂයට ජය ඕස්ට්‍රේලියා මැතිවරණයෙන්, වාමාංශික කම්කරු පක්ෂයට ජය හිමිවිය. ඒ අනුව, කම්කරු පක්ෂ නායක ඇන්තනි ඇල්බනීස් තවදුරටත් ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ඇත. 04 May 2025
කිඹුලන් පිරි වගුරකට වැටුණු පිරිස බේරා ගැනෙයි බොලිවියාවට අයත් ඇමසන් වනාන්තරයේ කිඹුලන් පිරි වගුරයකට කඩා වැටුණු කුඩා ගුවන් යානයක සිටි පස් දෙනකු පැය 36 කට පසු බේරා ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් වූ බව විදෙස් මාධ්‍ය පවසයි. 04 May 2025
කෘත්‍රිම බුද්ධියෙන් ට්‍රම්ප්ට පාප් ධුරය: හතරවටින්ම දොස් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පාප්වරයකු ලෙස පෙනී සිටින, කෘත්‍රිම බුද්ධිය ඇසුරින් නිර්මාණය කළ ඡායාරූපයක් හේතුවෙන් මේ වනවිට ආන්දෝලනයක් නිර්මාණය වී ඇත. 04 May 2025
දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොලිසිය පවසයි. 03 May 2025
පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන් එම මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව කුරුඳු වත්ත පොලිසිය පවසයි. 03 May 2025
අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි 2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල් ලක්ෂ 6206 ක (කෝටි 62 ) මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වන්දි වශයෙන් ලබාගෙන ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා අනාවරණය කළේය. 03 May 2025
ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන් පස් දෙනකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇතැයි මනම්පිටිය පොලිසිය කියයි. 03 May 2025
ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළට ලද තොරතුරක් මත විශේෂ මෙහෙයුමක් කළ ද එවැනි සැකකරුවකු සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇත. 03 May 2025
ඩෑන් මරන්න ඔත්තු බැලූ අයත් අල්ලයි ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ඔත්තුකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 03 May 2025
සබරගමු නවක වද සිද්ධියේ පරීක්ෂණ සී.අයි.ඩීයට සබරගමු විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබාදීම සම්බන්ධයෙන්සමනල වැව පොලිසිය වෙත ලද පැමිණිල්ලට අදාළව වැඩ බලන පොලිස්පතිවරයාගේ නියෝග පරිදි ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. 03 May 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026