බැඳුම්කර වංචාවේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට අවසර
ශ්රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් ශ්රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපතිවරයා, පර්පචුවල් ටේරෂරීස් සමාගමේ සභාපතිවරයා සහ එහි අධ්යක්ෂවරයා ඇතුළු විත්තිකරුවන් දසදෙනෙකුට එරෙහිව ස්ථිර විශේෂ ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට අගවිනිසුරුවරයා නීතීපතිවරයාට අද (13) අවසර ලබාදුන්නේය.