මුදල් වංචා කළ ගණකාධිකාරිවරයකුට වසර 367ක සිර දඬුවමක්
ව්‍යාජ ලේඛන සකස් කර රුපියල් ලක්ෂ 21කට ආසන්න මුදලක් වංචා කරන ලදැයි ගණකාධිකාරිවරයකුට එරෙහිව පවරා තිබූ නඩුව විභාගයට ගැනීමෙන් පසු අදාළ චෝදනාවන්ට ඔහුව වරදකරු කළ කොළඹ මහාධිකරණ විනිසුරු ශිෂී මහේන්ද්‍රන් මහතා, විත්තිකාර ගණකාධිකාරිවරයාට රුපියල් ලක්ෂ 19ක දඩ මුදලක් සහ වසර 367ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් අද (06) නියම කළේය.