එම්.සී.සී. ගිවිසුම ගැන විමසන්න පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්
ඇමෙරිකා එක්සත් ජනපද සහස්ර අභියෝග ආයතනය මඟින් ඇමෙරිකා ඩොලර් මිලියන 480 ක් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීමට අනුමැතිය දීමේ ගිවිසුම අත්සන් කිරිමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝණය වන බව ප්‍රකාශ කරන ලෙසද, එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා තීන්දු කර ඇත.