රාජ්‍ය ඇමතිවරුන්ට වැඩ පවරන්න උපදෙස් රාජ්‍ය ඇමතිවරුන්ට විෂයන් හා කාර්යයන් නිල මට්ටමින්ම පවරාදීම සඳහා ඔවුන්ට අයත් විෂයන් සහ කාර්යයන් පවරමින් ගැසට් නිවේදන නිකුත් කිරීමට පියවරගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා සියලූම අමාත්‍යංශ ලේකම්වරුන්ට ලිඛිතව දැනුම්දී ඇත. 25 December 2019
හිටපු ඇමැති රාජිත අත්අඩංගුවට ගන්න නියෝග හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ආර් බී නෙළුම්දෙණිය මහතා අද(24) නියෝග කර තිබේ. 24 December 2019
පාඨලීට ඇප රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය අද (24) නියෝග කළාය. 24 December 2019
රාජිතගේ විදෙස් ගමන් තහනම් කරයි සුදුවෑන් සිද්ධියට අදාළ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේඛ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(23) නියෝගයක් නිකුත් කළේය. 23 December 2019
රාජිතගෙන් තෙවැනි වරටත් අපේක්ෂිත ඇප අයැදුම්පතක් සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ඇප මත මුදාහරින්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තෙවැනි වරටත් අපේක්ෂිත ඇප අයැදුම්පතක් අද (23) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. 23 December 2019
රාජ්‍ය ආයතනවලට විදේශ ගිවිසුම් තහනමක් රජයේ අමාත්‍යාංශවලට, පළාත් සභාවලට සහ රාජ්‍ය ආයතනවලට විදේශ රාජ්‍යයන්, තානාපති කාර්යාල හෝ විදේශ ආයතන සමඟ ගිවිසුම් වලට එළැඹීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරමින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විශේෂ චක්‍ර ලේඛයක් නිකුත්කර ඇත. 23 December 2019
මහජන සාමය සඳහා ජනපති සන්නද්ධ හමුදා කැඳවයි රට පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා කැ ඳවීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. 22 December 2019
ගං වතුරෙන්- නාය යෑමෙන් දිවයින පුරා පවුල් 9,962 ක් අවතැන් දිවයිනේ දිස්ත්‍රික්ක 13 කට බල පා ඇති තද වැසි, ගං වතුර, නායයෑම් අවදානම් ඇතුළු ආපදා තත්ත්වයන් හේතුවෙන් පවුල් 9,962 කට අයත් 34,842 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 22 December 2019
ගංවතුරට ගසාගෙන ගිය බස් රථයක මගීන් 54ක් මුදාගනියි ගංවතුරට ගසාගෙන ගිය බස් රථයක කොටුවීසිටි කුඩාදරුවන්, ගැබිණි මවුවරුන්, කාන්තාවන් ඇතුළු මගීන් 54 දෙනෙකු පොලොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේදී අද(21) අළුයම මුදාගත් බව පොලොන්නරුව පොලීසිය කියයි. 21 December 2019
රාජිතගෙන් යළිත් අපේක්ෂිත ඇප අයැදුම්පතක් සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමා අත්අඩංගුවට ගැනීම වළකා ඇප මත මුදාහරින්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නැවත අපේක්ෂිත ඇප අයැදුම්පතක් අද(20) අධිකරණයට ඉදිරිපත් කර ඇත. 20 December 2019
රාජිතගේ ඇප අයැදුම්පත නිෂ්ප්රභා කෙරේ සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට වළක්වාලන ලෙස ඉල්ලමින්, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ අපේකෂිත අයැදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(20) නිෂ්ප්රභා කළාය. 20 December 2019
මාසයකට කෝටි 15 ක අතිකාල කළ හැටි සොයයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින්ට සැප්තැම්බර් මාසයේ අතීකාල දීමනා වශයෙන් කෝටි 15කට වඩා ගෙවා ඇති බැවින් ඒ සම්බන්ධව වහාම තමන්ට සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයාට අද (19) දැනුම් දුන්නේ ය. 19 December 2019
පාඨලී 24 දක්වා යළි රිමාන්ඩ් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය අද (19) නියෝග කළාය. 18 December 2019
කෘෂිකර්මය කෝටි දෙකේ කුලී බිල්ඩිමෙන් ඉවතට රුපියල් දෙකෝටියකට වැඩි මාසික කුලියක් ගෙවමින්, රාජගිරිය ප්‍රදේශයේ නව මහල් පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යන කෘෂිකර්ම අමාත්‍යාංශය එතැනින් වහාම ඉවත්කර එම අමාත්‍යාංශය පෙර පවත්වාගෙන ගිය බත්තරමුල්ලේ ගොවිජන මන්දිරයට රැගෙන යෑමට අනුමැතිය ගැනීම සඳහා වූ විශේෂ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට අද (18) ඉදිරිපත් කිරීමට නියමිතය. 18 December 2019
පාර්ලිමේන්තුව අනිවාර්යෙන්ම මාර්තුවේදී විසුරුවනවා පළාත් සභා ඡන්දයට පෙර මහ මැතිවරණය පවත්වන බවත් ලබන මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව අනිවාර්යෙන් විසුරුවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 16 December 2019
ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය අත්අඩංගුවට පැහැරගැනීමට ලක් වූ බව සඳහන් කරමින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළැයි කියන සිද්ධියට අදාළව ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(16) අත්අඩංගුවට ගෙන ඇත. 16 December 2019
සබරගමුවේ ගුරු පත්වීම් 500ක් අත්හිටුවයි ගුරු පත්වීම් ලිපි ලබාදීම හදිසියේ දින නියමයක් නොමැතිව අත්හිටුවීමෙන් තමන් දැඩි අසීරුවට ලක්වූ බව සබරගමු පළාතේ නව ගුරුපත්වීම් ලැබීමට තෝරාගත් උපාධිධාරීහු අද (16) පැවසූහ. 16 December 2019
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මුල් පුටුව අශෝක් පතිරගේට ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන අශෝක් පතිරගේ මහතා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නව සභාපතිවරයා ලෙස පත්කරනු ලැබ ඇත. 16 December 2019
රජයේ අමාත්‍යාංශ වලට සුළු සේවකයන් බඳවා ගැනීම අත්හිටුවයි රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලට සුළු සේවකයන් බඳවා ගැනීම අත්හිටුවන්නැයි මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශවලට සහ දෙපාර්තමේන්තුවලට උපදෙස් දී ඇත. 15 December 2019
පක්ෂ නායකත්වය ගැන සංශෝධනය සකසන්නැයි රනිල් කියයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට හිමිව තිබෙන බලතල, වගකීම් සහ ධූර කාලය ආදී සියලූ ක්‍රියාපටිපාටියන් ඇතුළත් පක්ෂ ව්‍යවස්ථාවට ගෙන ආ යුතු සංශෝධනය වහාම සකස් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතාට අද(15) දැනුම් දුන්නේය. 15 December 2019
සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය කළ පුද්ගලයින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (13) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 14 December 2019
‘ඉස්ලාම් ත්‍රස්තවාදය මැඩලීමට බුද්ධි මෙහෙයුම් ඕනෑ’ ඉස්ලාම් ත්‍රස්තවාදය මැඩලිය හැක්කේ බුද්ධි මෙහෙයුම් දැඩි කිරීමෙන් පමණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (13) පැවසීය. 13 December 2019
කුලී ගොඩනැගිලිවලින් රාජ්‍ය ආයතන ඉවතට පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන රජයට අයත් ගොඩනැගිලිවලට ගෙනයාමට රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ. 13 December 2019
විශ්ව විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමට නව ක්‍රමවේදයක් රජයේ විශ්ව විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේදී දැනට දිස්ත්‍රික් මට්ටමින් ඉසෙඩ් අගය වෙනුවට පාසල් පදනම් කරගත් නව විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 12 December 2019
හිඟ පිළිකා ඖෂධ ගන්න ලැබෙන කෝටි 100 න් 80 ක්ම යන්නේ හිඟ බිල් ගෙවන්න මහරගම අපේක්ෂා රෝහලට හිඟ අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට භාණ්ඩාගාරයෙන් වෙන්කළ රුපියල් කෝටි 100න් කෝටි 80ක්ම කලින් ණයට ලබාගත් ඖෂධ වෙනුවෙන් හිඟ බිල්පත් ගෙවීමට වැය වන බව එම රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ‘ලංකාදීප’ යට ඊයේ (11) පැවසීය. 12 December 2019
වෛද්‍යවරුන් නොමැතිව දියබෙදුම රෝහල වහයි වසර 40ක කාලයක් සිට ගම්මාන 20ක පමණ ජනතාව ප්‍රතිකාර ලබා ගත් ඇළහැර දියබෙදුම ප්‍රාථමික රෝහල වෛද්‍යවරුන් නොමැතිකමින් රෝහල වසාදමා ඇතැයි ගම්වාසීහු කියති. 11 December 2019
කල්පිටියෙන් රත්රන් කිලෝ 10 ක් අත්අඩංගුවට කල්පිටිය කුඩාව වෙරළ තිරයේ දී අද (10) අලුයම රත්රන් කිලෝ 10 ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි. 10 December 2019
ජනාධිපති කාර්යාලයේ තිදෙනකුට එරෙහිව විමර්ශනයක් ඕනා පසුගිය ජනාධිපතිවරණ සමයේ දී රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය කරන ලදැයි කියන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින් තිදෙනකුට විරුද්ධව විමර්ශන පවත්වන්නැයි මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇත. 10 December 2019
මරණ දඬුවම වළක්වාලන අතුරු නියෝගය මාර්තු 20 තෙක් දීර්ඝ කරයි මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් එල්ලා මැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු නියෝගය ලබන මාර්තු 20 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (9) තීන්දු කළේය. 09 December 2019
ස්විස් තානාපති නිලධාරිනිය ප්‍රකාශ ලබාදීමෙන් පසු පිටව යයි පැහැර ගැනීමට ලක් වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 08 December 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026