කෝටි 10 ක හෙරොයින් වනවාසලින් අල්ලයි වනවාසල ප්‍රදේශයේ සුවිසල් නිවසක තිබිදී හෙරොයින් කිලෝ 10 ග්‍රෑම් 300 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනකු විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ විසින් අද (2) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත. 02 March 2020
රූපවාහිනී සේවකයන්ට පඩි ගෙවන්න භාණ්ඩාගාරයෙන් සල්ලි ඉල්ලයි රූපවාහිනී සංස්ථාවේ සේවකයන්ට මේ වසරේ වැටුප් ගෙවීම සඳහා මාසිකව රුපියල් 48,000,000 ක් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන්නැයි තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කර ඇත. 01 March 2020
අන්තරේ හිමිනම ඇතුළු 22 දෙනා හෙට තෙක් රිමාන්ඩ් උද්ඝෝෂණයක් පැවැත්වී යැයි අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු ඇතුළු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් 22 දෙනා මාර්තු 2 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලක්මාලි විජේතුංග මහත්මිය අද (1) නියෝග කළාය. 01 March 2020
අන්තරේ කැඳවුම්කරු ඇතුළු සිසුන් 22 දෙදෙනකු අත්අඩංගුවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි ඇතුළු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් 22 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසයි. 01 March 2020
එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවයි සහස්ර අභියෝගතා සංස්ථාව හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 28 February 2020
රාජිතගේ සුදුවෑන් නඩුව කල්යයි සුදුවෑන් සිද්ධියට අදාළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු සිව් දෙනා සම්බන්ධ නඩුව ලබන අප්‍රේල් 3 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (27) නියෝග කළාය. 27 February 2020
උදයංග වීරතුංග 11 තෙක් රිමාන්ඩ් මිග් යානා ගනුදෙනු සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ලබන 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (26) නියෝග කළේය. 26 February 2020
උපාධිධාරීන් - ඩිප්ලෝමාධාරීන් 50,000 කට පත්වීම් ලිපි උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 50,000 ක් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ රජයේ රැකියාවලට බඳවා ගනු ලබන අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි නිකුත් කිරීම රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අධීක්ෂණය මත එක් එක් දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිදුකෙරෙනු ඇත. 25 February 2020
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 310 ක් වහාම ගෙන්වයි රජයේ රෝහල්වල හිඟයක් ඇතිවිය හැකි අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 310 ක් හිදිසි මිලදී ගැනීම් යටතේ කඩිනමින් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත. 24 February 2020
ඕමන්තේ රිය අනතුරකින් 5 ක් මරුට යාපනය නුවර ඒ 09 මාර්ගයේ වව්නියාව ඕමන්තේ පණ්ඩිකෙයිදකුලම් ප්‍රදේශයේදී අද (23) රාත්‍රී බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් පස්දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ඕමන්ත පොලිසිය කියයි. 23 February 2020
ලක්ෂ 60 ක මත්කුඩු සමඟ මව-දියණිය ඇතුළු 6ක් අත්අඩංගුවට පිළියන්දල දැල්තර ප්‍රදේශයේදි නිවසක හෙරොයින් මත් කුඩු පැකට් කරම්න් සිටි මවක් , දියණියක් ඇතුළු පුද්ගලයින් 6 දෙනකු රුපියල් ලක්ෂ 60 කට අධික හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය කියයි. 23 February 2020
ලංවීමට රාජ්‍ය බැංකු දෙකකින් කෝටි 1500 ක ණයක් දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින ලංකා විදුලිබල මණ්ඩලයට රාජ්‍ය බැංකු දෙකකින් තවත් රුපියල් කෝටි 1500 ක ණය මුදලක් හදිසි පදනම මත ලබාදීමට රජය තීරණය කර ඇත. 21 February 2020
රාජ්‍ය ආයතනයන්හි ආරක්ෂාව රක්නා ලංකා සමාගමට කොළඹ නගරයේ රාජ්‍ය අයතනවල ආරක්ෂක සේවා රාජකාරී කළ සිවිල් ආරක්ෂකයින් එම රාජකාරීවලින් ඉවත් කිරීමේ කාලය ලබන මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇතැයි සිවිල් ආරක්ෂක බළකාය කියයි. 21 February 2020
බස්-ලොරි අනතුරින් 49 ක් රෝහලේ: දෙදෙනෙක් මරුට මාතලේ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ නාඋල නාලන්දේදී අද (21) දින උදෑසන බස් රථ දෙකක් ලොරි රථයක් ගැටීමෙන් වාහනවල ගමන් ගත් පුද්ගලයන් 50 දෙනකු තුවාල ලබා සිසුවෙකු එම ස්ථානයේදීම මිය ගොස් තවත් කාන්තාවක් මාතලේ මූලික රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 21 February 2020
සයින්දමරුදු ගැසට්ටුව අවලංගු කරයි සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් බවට පත්කිරීමේ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. 20 February 2020
ජාතික පාසල්වල ගුරු මාරු නවතයි ජාතික පාසල්වල ගුරු ස්ථාන මාරු තාවකාලිකව නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 19 February 2020
රත්ගම ඝාතන නඩුවේ සැකකරුවන් 6 දෙනාට මරණ දඬුවම යකඩ පොලු වලින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් කර තවත් අයෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුවේ තින්දුව ප්‍රකාශයට පත්කළ දකුණු පළාත් බද පූර්වගාමි ගාල්ල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා විත්තිකරුවන් හයදෙනාටම අද (19) මරණිය දඬුවම නියම කළේය. 19 February 2020
කොන්ත්‍රාත් සේවකයන් ස්ථිර කරන්න යයි රජයේ ආයතනවලට තාවකාලිකව අනියම් ආදේශක හා කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගෙන ඇති කාර්යාල සහායක සේවකයන් හා රියදුරන් ස්ථිර කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත. 18 February 2020
පොහොට්ටුව - අත එක්වන බව කියති එළැඹෙන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වී පොහොට්ටුව ලකුණින් තරඟ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසීය. 17 February 2020
පරිසර රාජ්‍ය ඇමැතිට වරෙන්තු පරිසර රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(17) වරෙන්තු නිකුත් කළාය. 17 February 2020
පාර්ලිමේන්තුව විසුරුවීම මාර්තු 2 වැනිදා - මැතිවරණය අප්‍රේල් 25වැනිදා පාර්ලිමේන්තුව ලබන මාසයේ 2වැනිදා විසුරුවා හැරීමට රජයේ අවධානය යොමුවී ඇති අතර, ඒ අනුව මහමැතිවරණය අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. 16 February 2020
කන්තලේ සීනි සමාගමේ සේවකයන්ට පඩි ගෙවන්න කෝටියක් ඉල්ලයි වසර ගණනාවක් තිස්සේ වසා දමා ඇති කන්තලේ සීනි සමාගමේ සේවකයන් 34 දෙනකුට වැටුප් ගෙවීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය රජයෙන් රුපියල් කෝටියක පමණ මුදල් ඉල්ලා ඇත. 16 February 2020
උදයංග වීරතුංග 17 තෙක් රිමාන්ඩ් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ උදයංග වීරතුංග මහතා පෙබරවාරි මස 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (14) නියෝග කළේය. 14 February 2020
‘‘නායකයෝ හොරකම් කරනවා නම් ගෝලයෝ බය නැතුව හොරකම් කරනවා‘‘ නායකයෝ හොරකම් කරන්නේ නැත්නම් ගෝලයො හොරකම් කරන්න බය වෙනවා. නායකයෝ හොරකම් කරනවා නම් ගෝලයෝ බය නැතුව හොරකම් කරනවා යැයි මගී ප්‍රවාහන කළමණාකරන, විදුලිබල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (14) පැවසීය. 14 February 2020
උදයංග වීරතුංග කටුනායකදී අත්අඩංගුවට මිග් යනා ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පිට, ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලැබ සිටි, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද(14) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 14 February 2020
රජයේ ණය ගැනීමේ සීමාව කෝටි 35,300 කින් ඉහළ දමයි ඉකුත් වසරේ නිරවුල් නොකරන ලද බිල්පත් පියවීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා රජයේ ණය ගැනීමේ සීමාව රුපියල් කෝටි 35.300 කින් ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. 13 February 2020
කෝටි 287 කට ගෙනා වාහන 78 සොයා ජවිපෙ මන්ත්‍රී සී.අයි.ඩීයට යයි (මුදිතා දයානන්ද) රුපියල් ලක්ෂ 28,700 ක් වැය කර පසුගිය රජය කාලයේ ගෙන්වන ලද වාහන 78 තිබෙන්නේ කොහේද කා සතුවද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 13 February 2020
‘බදියුදීන්ගේ ගිණුමට ඩොලර් ලක්ෂයක් ආ හැටි සොයන්න‘ ජාතික නිදහස් පෙරමුණේ ප්රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා අද (13) පොලිස් මුලස්ථානයට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 13 February 2020
නඩු නවත්වන්න මට බලයක් නෑ රහස් පොලිසිය, මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරන ලද විමර්ශන අගතිදායක අන්දමින් සිදුකොට ඇද්දැයි යන්න තහවුරු කරගන්නා තුරු එම නඩු කටයුතු තාවකාලිකව බහා තැබීමට තමාට බලයක් නැතැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ඊයේ (12) දැනුම් දුන්නේය. 13 February 2020
සහල් ආනයනය නොකිරීමට රජය තීරණය කරයි සහල් ආනයන නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත. වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගොස් ඇති නමුත් සහල් ආනයනය නොකිරීම නිසා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි වූ බව ජනාධිපති ලේකම්වරයා කැබිනට් මණ්ඩලය වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී ඇත. 12 February 2020
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026