හිටපු ජනපති - අගමැති ඇතුළු පිරිසකට අපරාධ චෝදනා
වසර 2019 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව විසින් කරන ලද නිර්දේශයන්ට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු යහපාලන රජයේ ඉහළ පෙළේ දේශපාලනඥයන් හා නිලධාරීන් අපරාධ චෝදනාවලට ලක්විය යුතු බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.