සීගිරියේ ඉඩම් විකුණූ ඔප්පු අවලංගු කිරීමට උපදෙස්
දඹුල්ල, සිගිරිය ප්‍රදේශයේ වටිනා ඉඩම් ක්‍රිකට් ක්රිඩකයකු විසින් මිලදි ගනු ලැබ ඇති බවට කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරික්ෂණ සිදු කරන ලෙසත්, මේ වන විට ලබාදි ඇති ඔප්පු අවලංගු කිරිමට කටයුතු කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර, නිතිඥ ලලිත් යු ගමගේ මහතා අද (05) පැවති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විමේදී අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය.