IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඇමති ජී.එල්.පීරිස් ගෙන් අතරමැදි පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

"කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ගොනු කර ඇති විශේෂ පෙත්සම්වලට එරෙහිව මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, මහතා ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතරමැදි පෙත්සම් ගොනු කර ඇත.

අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය ඇතුළු පාර්ශව රැසක් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර සිටිති.

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීම මේ වන විට  පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සිදු කෙරමින් පවතී..



අදහස් (14)

ඇමති ජී.එල්.පීරිස් ගෙන් අතරමැදි පෙත්සමක්

WCA Monday, 19 April 2021 07:08 AM

ඒ කියන්නේ ගොනු කරපු නඩුවේ කතාව ඇත්තනේ .ඔය අප්පලම කිව්වනේ එහෙම නෑ කියල දැන් මොකද මේ හිටි හැටියේ මේකට රිංගන්න හදන්නේ

:       7       44

ලුම්බිණි Monday, 19 April 2021 07:54 AM

හැමදාම කලේ කිසිම වැඩකට නැති වැඩ.

:       4       39

chathuri Monday, 19 April 2021 09:27 AM

තව දවස් කීයක් ජීවත් වේවිද දන්නෙත් නැහැ. එ්ත් රට චීනාට පාවා දෙන්නමයි හදන්නේ. හැබැයි සොහොනටත් හෙන ගහනවා මේ කරන අපරාධවලට...

:       6       48

MD Monday, 19 April 2021 09:27 AM

අනිවාර්යයෙන්ම කළ යුතුයි. විජයදාසට ඇමැතිකමක් ලැබුනේ නැතිකමේ පලිය ගැනීමට රටේ සංවර්ධනයට හානිකරනවා. සජියා බොරදියේ මාලු බාගන්න හදනවා. මේවා මෙහෙම වෙන්න දෙන්න බැහැනේ ජනපතිතුමනි... කාර්යක්ෂමව මේවාට මැදිහත් වන්න. කල් නොදමන්න.

:       60       11

SiriMonday, 19 April 2021 04:45 PM

සර් ෆේල් හොඳටම ෆේල් හලෝ

:       0       4

විපරමා Monday, 19 April 2021 09:50 AM

සත 05 කට වැඩක් නැති මනුස්සයෙක්... මේ වෙනතුරු හරියට කරපු දෙයක් නැහැ. තමුන්ගේ වාසියට, පැවැත්මට පැති මාරුකරපු එක තමයි..

:       1       48

BamunuarachchiMonday, 19 April 2021 11:15 AM

සහතික ඇත්ත ඔබ වැන්නෙකුට නීතිය පිළිබඳ මහාචාර්ය වරයෙකුගෙන් ප්‍රයෝජනයක් නැහැ. එත් නීතිය හා සම්බන්ධ උගතුන්ට මෙතුමාව ඉතා වටිනවා. .

:       29       1

chandaniMonday, 19 April 2021 11:38 AM

මෙතුමා දන්නේ කැලෑ නීතිය ගැන පමණයි. විෂඝෝර සතුන්ට මෙයාගෙන් නීතිය ඉගෙන ගන්න පුළුවනි. එ්ත් ශිෂ්ටාචාරගත මිනිසෙකුට මොහුගෙන් ගතහැකි කිසිවක් නැත...

:       1       15

Hafeel Monday, 19 April 2021 12:41 PM

මෙයාගේ උගත්කමෙන් රටට කිසිම ප්‍රයෝජනයක්වත් නැහැ. චන්ද්‍රිකාගේ යුගයේ ඉඳන් කාලෙන් කාලෙට එක එක්කනාට කඩේ යනවා. කාලයක් පොහොට්ටුවේ පඹ සභාපති වෙලා හිටිය.

:       0       4

Bamunuarachchi Monday, 19 April 2021 11:07 AM

හැමදාම කලේ කිසිම වැඩකට නැති වැඩක්ලු... තමන්ට ගෝචර දෙයක් කතා කළොත් නරකද?

:       13       3

Bamunuarachchi Monday, 19 April 2021 11:10 AM

කරුණු පැහැදිලි කරන්න අවස්ථාව ඉල්ලීම සාධාරණයි. ඒ අවස්ථාවේ කියන දේවල් ප්‍රසිද්ධ කළොත් අපිටත් තේරුම් ගන්න පුළුවන් වේවි සිද්ද වෙන්නේ මොකක්ද කියලා...?

:       13       1

විජිත් Monday, 19 April 2021 11:10 AM

මේ තමන් විසින්ම තමන් නීති විශාරදයෙක් යයි කියාගන්නා ජී.එල්. පීරිස් ගැන නොකියා සිටීමට නොහැකි විශේෂ දේවල් කිහිපයක් මෙන්න.. "...නීති විශාරද වුනාට මොහු පෙනීසිටි එකම නඩුවක්වත් නැත. " මේ බව කිවේ ඒ කාලේ පීරිස් නිසා අවුරුදු ගණනක් රස්සාව නැතිවුණා, දැන් ගජ මිතුරෙක් වී සිටින නලින් ද සිල්වායි. තව කරුණක්, නීති විශාරද වුණාට මෙයාගේ ඉංග්‍රීසි (පරිපාලන සහ ජාත්‍යන්තර කටයුතු) දැනුම අන්තිමයි. බැන්කි මූන් ලංකාවට ඇවිත් යන වෙලාවේ දුන්නු ලියවිල්ල කියවා" මේකට අත්සන් කරන්න එපා...!!! " යයි ඉංග්‍රීසි පිළිබඳ ප්‍රාමාණික උගතෙකු වන මහාචාර්ය රජිව විජේසිංහ කියද්දී, ඒ ලියවිල්ල කියවා ".. ප්‍රශ්නයක් නැහැ අත්සන් කරන්න..." කියා මහින්ද රාජපක්ෂව නොමග යැව්වේ මේ මහලු මිනිසායි. ඒ ලියවිල්ල තමයි අද අපට පාරාවලල්ලක් වී ඇති " ජිනීවා මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා පත්‍රය " වී ඇත්තේ... මෙවැන්නන් නීතිඥයින් සමග උසාවියේදී " හැප්පෙන " හැටි බලාගෙන ඉඳිමු.

:       0       7

බී. අමරසිංහ Monday, 19 April 2021 11:13 AM

මෙතුමා මෙයට පෙර 2018 මෛත්‍රීපාල මහතා මහින්ද අගමැති බවට පත්කළ අවස්ථාවේත් එයට එරෙහිව නඩු විභාග වූ අවස්ථාවේ නීති මහාචාර්යතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔය විදිහට කරුණු දැක්වූවා. ඒ නීති තර්ක අධිකරණයේදී ප්‍රතික්ෂේප වුණා. අනේ මන්දා..?

:       0       13

pradeepa Monday, 19 April 2021 11:13 AM

මේ කේස් එකෙන් බැසිල්ගේ කට්ටියට පොඩ්ඩක් රිදිලා වගේ. මොකක් හරි දෙයක් තියෙනවා බැසිල්ලාගේ...

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 544 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site