( තිළිණි ද සිල්වා )
සෞදි අරාබියාවේ රියාද් නුවර පිහිටි රැදවුම් කදවුරක රඳවාගෙන සිටින ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් 41 හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇතැයි සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
ඒ අනුව එම ගෘහසේවිකාවන් 41 දෙනා ගෙන් කිහිපදෙනකු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ගුවන් ටිකට් පත් වෙන් කරවා එරටින් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන්,විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනකු ඉකුත් 14 වැනිදා එම රැදවුම් කදවුරේ ප්‍රධාන නිලධාරියා හමුවී සාකච්ඡා කළ අතර, ඊට සෞදි බලධාරීන් කැමැත්ත පළ කර ඇතැයිද එම තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වසරකට ආසන්න කාලයක් සෞදි අරාබියේ ගුවන් සේවාවන් හි මෙහෙයුම් කටයුතු සිදු නොවුන හෙයින්, එම ලාංකිකයින් පිටුවහල් කර ගුවනින් ලංකාවට යැවීමට සෞදි බලධාරීන් ප්‍රමාද වීමෙන් මෙම පිරිසට ලංකාවට පැමිණීමට නොහැකි වී ඇතැයිද සෞදි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 41දෙනකු පමණ දීර්ඝ කාලයක් තිස්සේ සෞදි අරාබියාවේ රියාද් නුවර අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටින බව ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් ආයතනය නිකුත් කළ වාර්තාවෙන් එරට ක්‍රියාත්මක වන කෆලා හෙවත් ගෘහසේවක අනුග්‍රාහක ක්‍රමවේදයේ ඇති පීඩාකාරී බව පෙන්වා දුන්ද , මේ වන විට සෞදි අරාබි රජය විසින් මෙම කෆාලා ක්‍රමය ක්‍රමානුකූලව වෙනස් කරමින් සිටින බවද එම තානාපති නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
රියාද් හී සෞදි රැදවුම් කදවුරක රඳවා තබාගෙන සිටින ගෘහ සේවිකාවන් 41 දෙනා ගෙන් 20 ක් සිය සේවා ස්ථාන වලින් පළා ගිය අය වන අතර , තවත් 3 දෙනෙකු සිගමන් යැදීම නිසා ද අත්අඩංගුවට පත් සිටින්නන් බවද හෙතෙම වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලාංකික ගෘහ සේවිකාවන් 41දෙනකු පමණ දීර්ඝ කාලයක් තිස්සේ සෞදි අරාබියාවේ රියාද් නුවර අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටින බව ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් ආයතනය නිකුත් කළ වාර්තාවෙන් එරට ක්‍රියාත්මක වන කෆලා හෙවත් ගෘහසේවක අනුග්‍රාහක ක්‍රමවේදයේ ඇති පීඩාකාරී බව පෙන්වා දුන්ද , ..........................................එතකොට අපේ එම්බසී එක දන්නෙත් මෙයාලා පෙන්වා දුන්නට පස්සෙද?
සුපුරුදු පරිදිම පත්තරෙන් ටිවි එකෙන් පමණක් බලාපොරෝතු වෙන්න
කොයි කාලෙක ඉදලා ද ඔය කතාවම කියවන්නේ චීනේ ඉන්න විමල්ගේ පුතාව ඒ දවස්වලම විශේෂ යානයකින් ගෙන්න ගත්තේ
දැන් අපිට තේරුම්ගන්න පුළුවන්.. ශ්‍රී ලංකා පුරවැසි භාවයේ වටිනාකම.. ඔය කාන්තාවන් විකුණාගෙන කනවා වගේම, ඒ අයට ප්‍රශ්නයක් ඇති වුණාම උදව් කරන්නත් ඉදිරිපත් වුණා නම් නේද හොඳ?