ඇනවුම් කළ කොත්තමල්ලි වෙනුවට යුක්රේනයෙන් ශාක අපද්‍රව්‍ය එවලා
රුපියල් කෝටි 7කට අධික වටිනාකමින් යුතු කොත්තමල්ලි තොගයක් යූක්රේනයෙන් මිලදී ගැනීම සදහා ශ්‍රී ලාංකික ආනයනයකරුවන් පිරිසක් කළ ඇනවුමකට, ඔවුන් රවටා කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය තොගයක් කොළඹ වරායට එවා තිබියදී ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(24) සොයාගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේය.