IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


තිරිංග කැඩුණු ලොරිය ත්‍රිරොද රථය මතට පෙරළෙයි

(ඉන්දිකා රාමනායක)

නුවරඑළිය - වැලිමඩ මාර්ගයේ හග්ගල ලොකු වංගුව ප්‍රදේශයේදී ලොරි රථයක් ත්‍රිරෝද රථයක් මතට පෙරළීමෙන් ත්‍රිරෝද  රියේ ගමන් ගත්  කාන්තාවන් තිදෙනකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමනගත් කාන්තාවන් තිදෙනකු වන අතර ඔවුන් 51,52 සහ 20 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි. එම පිරිස බණ්ඩාරවෙල ඇල්ල කරඳගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවන් පිරිසකි.

සිද්ධියෙන්  තුවාල ලැබු ත්‍රිරෝද රථයේ රියැදුරා අසාධ්‍ය තත්ත්වයෙන් නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

ලොරි රථයේ තිරිංග ක්‍රියා විරහිත වී රියැදුරුට ලොරි රථය පාලනය කර ගත නොහැකි ව මෙම අනතුර සිදුව ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණ වූ බව ද පොලිසිය සඳහන් කරයි.


(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)



අදහස් (8)

තිරිංග කැඩුණු ලොරිය ත්‍රිරොද රථය මතට පෙරළෙයි

විපරමා Thursday, 01 April 2021 08:33 AM

හරිම කණගාටුදායකයි .හැමදාම බැලුවොත් මේ වගේ අවාසනාවන්ත සිදුවීම් ගැන තමා අහන්ඩ ලැබෙන්නේ?

:       1       34

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 01 April 2021 09:30 AM

මේ රටේ ලොරි බස් වගේ බරවාහන පාරේ දුවනවා විතරයි. ඒවායේ නිසි නඩත්තුවක් නැහැ. වෙලාවට සර්විස් කරන්නේ නැහැ. ගැටගහගෙන දුවනවා විතරයි. ගෙවීගිය කොටස්වල අලුත්වැඩියාවක් කෙරෙන්නේ නැහැ. කොටස් ගෙවී ඉවර වුණාම මෙන්න මේ විදිහට කැඩී යනවා. මේවාට වගකිවයුත්තන් නිහඬයි. ලයිෂන් වලින්, දඩ කොළ වලින් සල්ලි එකතුකරනවා විතරයි. කවුද මේ විනාශවෙන ජීවිත වලට වගකියන්නේ. යල්පැනගිය සීටීබී බස් කබල් ඇතුළු අබලන් වාහන මාර්ගයේ ධාවනය කිරීම නවතා දැමිය යුතුයි. ඒත්, කවුද ඒවා කරන්නේ. හෙට මේ ඔක්කොම අමතකයි.

:       0       49

RaveendraThursday, 01 April 2021 12:52 PM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය..

:       0       12

සමිත සේනක අලුත්ගමගේ.Thursday, 01 April 2021 03:30 PM

ස්තූතියි රවීන්ද්‍ර මහතාණෙනි...

:       0       3

de silva Thursday, 01 April 2021 09:52 AM

දැන් ලංකාවේ වාහනවල අමතර කොටස්, ටයර් හිඟය... මේ අවුරුද්ද අවසාන වෙනකොට මෙවැනි අනතුරු විශාල ලෙස වාර්තා වෙන්න පුළුවන්.

:       2       18

පැතුම් පුතා Thursday, 01 April 2021 11:47 AM

මගේ මවුපියොත් දැන් ගොඩක් වයසයි. බස්වල යන්න එන්න හරි අමාරුයි. ඉතින් මාත් එකතු කරගත්ත සල්ලි ටිකක් තියෙනවා. එකෙන් ත්‍රී වීල් එකක් ගන්නවා. වෙන වාහනයක් ගන්න සල්ලි නෑ. යාළුවන් කියනවා එ්ක හරි මෝඩ වැඩක්... ජපන් එකකට පලයන් කියලා, එ්ත් ලක්‍ෂ 6 කට ගන්න වෙන්නේ අවුරුදු 30ක් 35ක් පරණ ජපන් එකක්, ඉතින් පරණ ජපන් එකක් ගත්තත්, කැඩුණොත් හදන්න සල්ලි නෑ. ඉතින් වෙන විකල්පයක් නෑ මාත් ත්‍රී වීල් එකක් ගන්නවා. පරිස්සමෙන් පදිනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ, හැප්පිලා මැරුණොත් ඔක්කොම එක පොදියට මැරෙන නිසා ඒ ගැන දුකකුත් නෑ ..

:       0       12

සෙනෙවිරත්න Thursday, 01 April 2021 01:47 PM

හැංගී දඩකොළ දෙනවාට වඩා ඉදිරියට යාමට පොලීසියට නොහැක..

:       0       15

de silva Saturday, 03 April 2021 09:46 PM

පැතුම් පුතාගේ කමෙන්ට් එක දැක්කාම සෑහෙන කණගාටුවක් ඇතිවෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 119 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site