(නිමන්ත රණසිංහ)
යුරෝපා රටවල උසස් අධ්‍යාපනය සඳහා පිටත්කර යවන බවට පවසා පුවත්පත් දැන්වීම් පළකර රුපියල් කෝටි 30කට අධික වංචාවක් කළැයි කොළඹ වංචා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් පියා දියණියන් දෙදෙනා ඇතුළු එකම පවුලේ පස් දෙනකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නොළුම්දෙණිය මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ දිසානායක මුදියන්සේලාගේ විජේරත්න (පියා) සංඛ ලක්මාල් දිසානායක,(පුතා) ඉෂාරා සඳමාලි දිසානායක(දි්‍යණිය)විනද්‍යා දිසානායක(දියණිය) සහ කේමින්ද දෙනවක් (බෑනා) යන පස් දෙනාය.
සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බුර්කාවකින් සැරසී වෙස්වලාගෙන සිටි බවත් විශේෂ මෙහෙයුමක් අත්අඩංගුව ගත් බව කොළඹ වංචා විමර්ශන ඒකකය අධිකරණය හමුවේ කියා සිටියේය
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි 108 ලැබී ඇති බවත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිලි 17ක් ඇතුළුව කොළඹ අධිකරණ සියල්ලේම මෙයට අදාල පැමිණිලි ලැබී ඇති බවට සඳහන් කරමින් මෙම සිද්ධිය අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ කොළඹ වංචා විමර්ශන ඒකක පහ හී ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් දන්තනාරායන මහතා විසිනි
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
තාත්තයි-පුතයි, දුවලා දෙන්නයි බෑණයි රිමාන්ඩ්
Raveendra Thursday, 01 April 2021 02:37 AM
සීනි ,පොල්තෙල් හොරුන්වත් ඔය විදියට නම් ගම් දාලම හෙලි කරල අත්අඩංගුවට ගත්ත නම් තමයි හොද සර්..
දිමුත් Thursday, 01 April 2021 03:28 AM
බුර්කාව තහනම් කළ යුතුයි.