(යොහාන් භාසුර)
ශ්‍රිී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණයෙන් නව නිලධාරීන් පත්වන තෙක් ක්‍රිකට් පරිපාලනය සඳහා කමිටුවක් පත්කරන ලෙස නීතිපතිවරයා දැනුම් දී ඇති බව වාර්තා වේ.
හිටපු නිලධාරී මණ්ඩලයේ නිල කාලය පසුගිය පෙරවාරි මස 20 වැනිදා අවසන් වූ බව ද නිතීපතිවරයා දැනුම් දී තිබේ.
හිටපු නිලධාරීන් මණ්ඩලය තව දුරටත් කටයුතු කිරීම නීති විරෝධී යැයි කෝල්ට්ස් ක්‍රිකට් සමාජය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාට යොමු කළ විරෝධතාව අමාත්‍යවරයා නීතිපතිවරයාට යොමු කර තිබුනි.
එයට ප්‍රතිචාර ලෙස නීතිපතිවරයා මෙම තීරණය ක්‍රීඩා අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් මේක විනාස නොකර ගියා නම් හොදයි
අර්ජුන රණතුංග පත්කර ක්‍රිකට් ගොඩනැගීමේ පළමු වෙඩි මුරය ගහන්න ඔන්න වෙලාව ඇවිත්...!