ලක්ෂ 12 ක හෙරොයින් සමග ප්‍රධාන ජාවාරම්කරුවකු අත්අඩංගුවට ලක්ෂ 12 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග මෝටර් රථ දෙකක්, යතුරු පැදි දෙකක්, ලක්ෂ තුනකට ආසන්න මුදලක් සමග ප්‍රධාන පෙලේ හෙරොයින් ජාවාරම්කරුවකු පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අද ( 12 ) අලුයම අත් අඩංගුවට ගෙන ඇත. 12 September 2020
කංජිපානි ඉම්රාන් බූස්ස නාවික හමුදා රෝහලට බූස්ස බන්ධනාගාරයේ විශේෂිත අංශයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නමැත්තා අද(11) බූස්ස නාවික හමුදා රෝහලට ඇතුළත් කළ බව බූස්ස බන්ධනාගාර අධිකාරී කාර්යාලය පවසයි. 11 September 2020
අටුළුගම නිවාස දෙකක නයිට්‍රික් ඇසිඩ් කිලෝ 77 ක් බණ්ඩාරගම අටුළුගම ජය කොඩි කන්දේ නිවෙස් දෙකක සඟවා තිබූ ගිනි වතුර (නයිට්‍රික් ඇසිඩ්) කිලෝ 77 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (11) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 11 September 2020
ලලිත් ජයසිංහට යළිත් වැඩ නෑ වැඩ තහනමට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා නැවත සේවයේ නොපිහිටුවීමට තීරණය කර ඇති බව ජාතික පොලිස් කොමිසම නිවේදනය කරයි. 11 September 2020
මිලියනයක හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකුගේ මෙහෙයවීම මත කුඩු බෙදා හැරීමේ යෙදී සිටි කාන්තාවක් හා තරුණයකු රුපියල් මිලියනයක හෙරොයින් තොගයක්ද සමඟ පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේදී අද (10) පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලදී. 10 September 2020
ගව ඝාතනය තහනම් කිරීමේ නීතිය ගෙනඒම මසකින් කල්යයි ගවයින් ඝාතනය නතර කිරිමේ නීතිය ගෙන ඒම මසකින් කල් දැමීමට තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. 10 September 2020
බුස්සේ රැඳවියෝ 39ක් ආහාර වර්ජනයක බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින රැඳවියන් 45දෙනාගෙන් 39දෙනෙකු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් අද (10) උදෑසන සිට ආහාර වර්ජනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 10 September 2020
නිව් ඩයමන්ඩ් නෞකාවේ දෙවැනි ගින්නත් නිවා දමයි නිව් ඩයමන්ඩ් බොරතෙල් ප්‍රවාහන නෞකාවේ හටගත් දෙවැනි ගින්න ද අද (9) අලුයම් කාලයේදී සම්පූර්ණයෙන් නිවා දැමූ බව නාවික හමුදාව පවසයි. 09 September 2020
ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි පසුගිය මහ මැතිවරණයේ දී රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද (8) දිවුරුම් දුන්නේ ය. 08 September 2020
රත්තරන් කිලෝ 10 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට කල්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් හාලතුඩාව මංසන්ධියේ දී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රත්තරන් කිලෝ 10 ක් එක් සැකකරුවකු සමඟ පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකායේ මෙහෙයුම් ඒකකය විසින් අද (8) අත්අඩංගුවට ගනු ලැබීය. 08 September 2020
විගණන නිලධරයෝ ජනපතිට ලියති යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වයට හා රාජ්‍ය විගණනයේ විෂය පථයට විශාල හානියක් සිදුකර ඇති බැවින් රාජ්‍ය මූල්‍ය පාලනය ඉටුකිරීම පිළිබඳ යාන්ත්රණයට දැඩි හානියක් සිදුව ඇති බැවින් වහා එය නිවැරදි කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා විගණන පරික්ෂක සේවා සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇත. 07 September 2020
චොකා මල්ලී පාර්ලිමේන්තු යවන්න’යි අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක් මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වු මරණ දඩුවම් නියමව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් පාර්මේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී වීමට අවසර දෙන්නැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අභියචනාධිකරණය අද ( 07) අතුරු නියෝගයක් නිකුත් කරන ලදී. 07 September 2020
කාලගුණයෙන් රතු නිවේදනයක් දිවයිනේ ප්‍රදේශ රැසකට අද (6) රාත්‍රීයේ සහ හෙට (7) උදෑසන තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබේ. 06 September 2020
මුහුදු නොයන ලෙස ධීවරයින්ට දැනුම්දීමක් දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් හෙට (7) දහවල් 12.00 දක්වා මුහුදුයාමෙන් වැළකී සිටින්නැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දී තිබේ. 06 September 2020
ලක්ෂ 30ක කහ තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට ලක්ෂ 30 ක වටිනාකමින් යුතු, කිලෝ 800 කට ආසන්න කහ තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙකු කල්පිටියේ දී අද (6 ) විජය නාවුක හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත. 06 September 2020
දෙවියන්ට පොල් තියා වනාතවිල්ලුවේ වනයත් වනසති වනාතවිල්ලුව, එළුවන්කුලම, කුරටියාමොහොට්ටේ ප්‍රදේශයේ පිහිටි දැවැන්ත වනාන්තර පද්ධතියක අක්කර 100කට ආසන්න ප්‍රමාණයක් ප්‍රාදේශීය දේශපාලඥයෙකුගේ ආධාර අනුබල ඇතිව වනසා ඇතිබව ‘වයඹ හඬ‘ පරිසර සංවිධානයේ සංවිධායක අජීත් ගිහාන් මහතා පවසයි. 05 September 2020
ලක්ෂ 50ක මත්කුඩු පානදුරෙන් අල්ලයි පානදුර කුරුප්පුමුල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු සමග පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි. 05 September 2020
ඉන්ධන නෞකාවේ ගින්න මැඩපවත්වයි නැගෙනහිර මුහුදේ ගිනිගත් ඉන්ධන නෞකාවේ ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට හැකි වූ බව ඉන්දීය වෙරලාරක්ෂක බලකාය නිල නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. 05 September 2020
ජනපතිට එරෙහිව සාක්ෂි ලබා දෙන්න පොලිසිය බලපෑම් කළා ආරක්ෂක ලේකම් ධූරය දැරූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව බොරු සාක්ෂි ලබා දෙන ලෙස රහස් පොලිසිය බලපෑම් කළ බව රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක කර්නල් ශම්මි කුමාර මහතා සාක්ෂි ලබාදෙමින් දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද (04) පැවසීය. 04 September 2020
ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ දෙදෙනා තවදුරටත් රිමාන්ඩ් රැම්සා තෙත් බිම් කලාපයක් ලෙසින් නම් කර ඇති ආනවිළුන්දාව කුරුළු අභය භුමියට නිති විරෝධිව ඇතුළු වී එහි භුමිය ඩෝසර් කළ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි දෙදෙනෙකු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි දෙදෙනා තවදුරටත් මේ මස 18 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද ( 4 ) දහවල් නියෝග කළේය. 04 September 2020
විස්කි වතුර කර බෝතල් 924 ක් පිටරට යවලා විදේශයෙන් ගෙන්වන ලද මත්පැන් වෙනුවට වතුර බෝතල් පුරවා රේගු බදු වංචා කරමින් ප්‍රතිඅපනයනය කරන මහාපරිමාණ මත්පැන් ජාවාරමක් සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන රේගු පරීක්ෂකවරයකු ඇතුළු රේගු පරීක්ෂකවරුන් තිදෙනකු ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (03) නියෝග කළාය. 04 September 2020
‘අත්අඩංගුවට ගන්නා කහ අධිකරණ කටයුතුවලින් පසු විනාශ කරනවා’ නීතිවිරෝධී අයුරින් ශ්‍රී ලංකාවට ගෙන්වා අත්අඩංගුවට ගන්නා කහ තොග රාජසන්තක කර විනාශ කරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි. 03 September 2020
රාජ්‍ය ආයතනවල භාවිතයෙන් ඉවත් කළ වාහන අලුත්වැඩියා කර යළි භාවිතයට පියවර රාජ්‍ය ආයතනවලට අයත් දැනට භාවිතයට නොගන්නා වාහන 5,588 ක් අතරින් 4,116ක් අලුත්වැඩියා කර යළි භාවිතයට ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 03 September 2020
ඉස්සන් ඇති කරන්න අඹකඳවිලත් කඩොලාන විනාශ කරයි ඉස්සන් ඇති කිරිම පිණිස පොකුණක් සකස් කර ගැනීමට දේශපාලන හයියක් ලබා ගෙන කෙරෙන තවත් කඩොලාන ශාඛ විනාශයක් සම්බන්ධ තොරතුරු හලාවත අඹකදවිල වැලි හේන ගම්මානයේ ධීවර ජනතාව හෙළි කරති. 03 September 2020
20 ට කැබිනට් අනුමැතිය විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. 02 September 2020
‘20 සංශෝධනයට ජනමත විචාරණයක් ඕනි නෑ‘ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්මත කරගැනීමට හැකි බවත් නීතීපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාට අද (02) දැනුම් දී ඇත. 02 September 2020
ආඬිගම වැව් රක්ෂිතයේ බලෙන් පොල් සිටුවති ආඬිගම නගරයට ආසන්නව පිහිටි ආඬිගම වැව් රක්ෂිතයේ පෝෂක කලාපයට අයත් භූමියට නීතිවිරෝධීව ඇතුළු වූ කණ්ඩායමක් එහි බලහත්කාරයෙන් පොල් පැළ සිටුවමින් එම භූමිය සතු කරගැනීමට කටයුතු කරමින් සිටින බව ජනතාව පෙන්වා දෙති. 02 September 2020
පාතාලයන්ගේ කෝටි 400 ක ඉඩම් - සැප කාර් තහනම් විවිධ අපරාධකරුවන් බස්නාහිර පළාතේ මෙහෙයවා ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නොයෙකුත් අපරාධ මගින් උපයා ගෙන ඇති රුපියල් කෝටි 400කට වැඩි වටිනාකමින් යුත් ඉඩම් ඇතුළු දේපළ 12ක්ද, සුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු වාහන 26ක්ද සොයාගෙන ඇති අතර ඒවා තහනම් කිරීමට කටයුතු කරගෙන යන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවැසීය. 02 September 2020
ජනපතිගේ ධූර කාලය - පාර්ලිමේන්තුවේ නිල කාලය වෙනස් වෙන්නෑ යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළද ජනාධිපතිවරයාගේ ධූර කාලය හා පාර්ලිමේන්තුවේ නිල කාලය සම්බන්ධයෙන් වන වගන්ති වෙනස් නොවන බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ලංකාදීපයට පැවසීය. 01 September 2020
විගණන කොමිසමේ කාර්යාලය කෝටි 232 ක් ගිල ගනී බොරැල්ලේ පිහිටි ජාතික විගණන කොමිසමේ කාර්යාලයෙන් මෙතෙක් කිසිදු සේවාවක් සිදු නොවෙතත් එය පිහිටුවා මේ වනතුරුත් ගත වූ මාස 58ට එහි වියදම් ලෙස රුපියල් කෝටි 232 කට අධික මුදලක් ගෙවා ඇතැයි වාර්තා වේ. 01 September 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026