(මනෝප්රිය ගුණසේකර)
මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 1500 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනාම රුපියල් ලක්ෂ 10 බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.
විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කරන බව ද නියෝග කළේය.
මෙම බැඳම්කර වංචා නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් පත් කරන ලද අමල් රණරාජා (සභාපති) නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳ යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
ආගමන විගමන පාලකවරයා සහ ගුවන්තොටුපල බලධාරීන් වෙත මෙම තීන්දුව දැනුම් දීමට පියවර ගන්නා ලෙසද විනිසුරු මඩුල්ල නියෝග කළේය.
(මනෝප්‍රිය ගුණසේකර)
රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු 6 දෙනාට ඇප ලබා ලබාදීමට අද (01) අධිකරණය තීන්දු කළේය.
බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් රවි කරුණානායක මහතා ඇතුළු පිරිස මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කම්බ හොරු නිදහස් ඈත්ත කතාකරන උන් හිරේ එකම රටක් එකම නීතියක්
එතකොට සීනි හොරාට නඩුදාන්නේ ඊළඟ ආණ්ඩුවක් ආවට පස්සෙද? මොනවා කළත් වැඩක් නැහැ. දැන් ඇප දුන්නා. තව ටික කාලෙකින් නිදොස් කොට නිදහස් කරයි.
ජයවේවා..!!, ඔබ පොහොට්ටුව සමග එකතු වෙන්න. ඔබයි අපගේ අනාගත මුදල් ඇමැති.
නිදොස්කොට නිදහස් න්‍යාය .. නඩු දාන්න ඕන ඔක්කොටම ( නඩු දාන එකාට එක්කම )බොරුවට නඩුවට වියදම් කරන රාජ්‍ය මුදල් හා කාලය වෙනුවෙන්
ඒ නාටකෙත් ඉවරයි...
බොරුවට... කෑ ගසන්න එපා. මේ අය සොරාගෙන තිබෙන්නේ අඹගෙඩි 02ක් හා පොල්ගෙඩි 02කි.