
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පන්නිපිටිය මාර්ගයේ දී ලොරි රථ රියදුරකුට පහර දීමේ සිද්ධියට අදාළව වැඩ තහනමට ලක්කර සිටින මහරගම පොලිසියේ රථවාහන අංශය කොස්තාපල් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.
මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලොරි රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලැබීමේ සිද්ධියක් මුල් කරගෙන සැකකාර කොස්තාපල් මෙම ලොරි රථ රියදුරුට පහර දී ඇතැයි පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල් අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර් දීපු ආත්ම විශ්වාසය ඔන්න ඕක...
සිරිබිරිස් ඒකටත් දේශපාලනේ ගාවගෙන...
මේවා දැනටම ජිනීවා මානව හිමිකම් වාර්තා අතරට ගිහින්. බොරු නොවෙයිනේ, මේ තමයි ශ්‍රී ලංකාවේ ගෝත්‍රික පාලකයින්ගේ බත් බැල හමුදාවත්, අසීලාචාර පොලිසියත් මහජනතාවගේ මානව හිමිකම් සුරකින ආකාරය... පූර්ණ බලතල ඇති, විදේශීය විනිශ්චයකාරවරුන්ගෙන් සමන්විත මානව හිමිකම් උසාවියක් ලංකාවට අත්‍යාවශ්‍යයි.