IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


විෂ සහිත පරිප්පු තොගයක් වැලිගමදී විනාශ කරයි

(තරංග ගුණරත්න)

වැලිගම සමූපාකාර ගබඩාවේ තිබූ විෂ සහිත පරිප්තපු තොගය විනාශ කිරීමට පියවරගත් බව වැලිගම මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.

මනුෂ්‍ය ආහාරයට නුසුදුසු පරිප්පු තොගයක් අලෙවි කිරීම සඳහා ගබඩා කර ඇති බවට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගත් එම පරිප්පු සම්බන්ධයෙන් රස පරික්ෂක වාර්තා ලබාගැමීමට කටයුතු කළ බව ද සෞඛ්‍ය අංශ කියයි.

අදාල පරිප්පු තොගය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තා අනුව මෙම පරිප්පු මනුෂ්‍ය ආහාරයට සුදුසු නොවන බවට සදහන් විය.

ඒ අනුව අධිකරණ නියෝග මත අදාළ පරිප්පු කිලෝ 3150 ක් සමුපකාර සමිතියේ නිලධාරීන්ගෙ සහභාගිත්වයෙන් වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන්ගෙ අධීක්ෂණය යටතේ (01) දින වැලිගම කප්පරතොට කොම්පෝස්ට් පොහොර අංගනයේදී විනාශ කළේය.

මෙම  පරිප්පු පුස් සහිත නිසා ඇප්ලටොප්  විසබීජ සහිතයි ඒ නිසා පිලිකා කාරක ශරීරගත විය හැකි බව රසපරීක්ෂක වර්තාවල සඳහන් වේ.



අදහස් (11)

විෂ සහිත පරිප්පු තොගයක් වැලිගමදී විනාශ කරයි

Raveendra Friday, 02 April 2021 08:37 AM

සර් උන්නා නම් ඔහොම වෙන්නේ නෑ... දැන් ඉතින් විෂ පොල්තෙල් වලින් විෂ පරිප්පු වඩේ කාලා සැනසීමේ ඉන්න පුලුවන් 69 ලක්ෂයට..

:       6       25

RaveendraFriday, 02 April 2021 12:02 PM

ඔබ විසින් සර් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරන්නේ කව්රුන්ද යන්න දැනගැනුමට කැමැත්තෙමු. කිසිවෙකු සිතන්නේ නම් දැන් බලයේ ඉන්න උන්දෑ නිසා මිනිසුන්ට විෂ සහිත ආහාර පරිභෝජනයට සලස්වා ඇති බවට එය ඔහු හෝ ඇය විසින් තමන්වම රවටා ගැනුමකි. එබැවින් මෙම ගැටළු දෙස අපගේ මෝඩ පක්ෂවලට අදාලව අප අදහස් ඉදිරිපත් කිරීමෙන් අප අපවම රවටා ගන්නා බව නොරහසකි. එබැවින් කිසිවෙකු සිතන්නේ නම් මීට පෙර බලයේ සිටි කිසිඳු පක්ෂයක ඇම්බැට්ටයන් වසවිස සහිත ආහාර මෙරටට නොගෙනාවේ යයි එය පුදුම හතෙන් "අටවෙනි" පුදුමය බවත් කීමට කැමැත්තෙමු.

:       15       7

wimalFriday, 02 April 2021 07:24 PM

ඔය මහත්මයා සර් කියන්නේ කවුද කියලා දැනදැනම නොදන්නවා වගේ අදහස් පල කරන්නේ මොනපාට කණ්නාඩි දාගෙනද කියලා අපිට නම් පේනවා. කොහොම වුණත් වැරදි දේට වැරදියි කියන්න මිනිස්සු වුණාම පුරුදු වෙන්න ඕනෑ. රට, ජාතිය, ආගම ඉස්සරහට දාලා වහල්ලු රැවැට්ටුවට ඒක හැමදාම කරන්න අමාරුයි.. උන්නු අයද, ඉන්න අයද කියලා වෙනසක් නැතුව හොරුන්ට හොරු කියන්න පුරුදු වුණා නම් හරිම ලේසියි මහත්මයා..

:       1       3

RaveendraSaturday, 03 April 2021 07:05 AM

විමල් මහත්මයා වෙත, ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු. අප පැළඳ සිටින්නේ අවර්ණ කණ්ණාඩි බව පළමුව සඳහන් කරන්නෙමු. අපට කියා නම් එකෙක්වත් නොමැත. එසේම සිටිනවාටද අප නම් කොහෙත්ම කැමති නැත. මක්නිසාදයත් අප ඔය කියන එකෙකුගෙන්වත් සතේක ලාභ ප්‍රයෝජනයක් ලබාගෙන නොමැත. එසේ ලබා ගැනුමටද අපගේ කිසිඳු අදහසක් නොමැති බවත් සඳහන් කරන්නෙමු. මොකද අප අපගේ ලංකා මාතාවට "කිසිදු ණයක් නොමැති මිනිසුන් කොටසක් " බැවිනි. එලෙසම "අප නිසා" මේ මොහොතේත් ලංකා මාතාවගේ දූ දරුවන් සියල්ලන්ම (ඔබත් සහ දියවන්නාව පට්ටියේ තිරිසනුන් 225 ඇතුළුව) තුන්වේල ගිලදමන බවත් නොබියව පවසන්නෙමු. එලෙසම මෙහි පළමුව අදහස් ඉදිරිපත්කර ඇති රවීන්ද්‍ර සහ මා යනු දෙදෙනෙකි. මේ මගේ සත්‍ය නම බවත් සඳහන් කරන්නෙමු.

:       2       3

Rata Perata Friday, 02 April 2021 11:22 AM

සෞභාග්‍යයේ දැක්ම.. නියමෙට කරනවා... රෙස්පෙක්ට් සර්...

:       3       11

Pradeep Friday, 02 April 2021 11:30 AM

රටට මොනවද මේ වෙන්නේ..? හැම තැනම විෂ ආහාර ද්‍රව්‍ය.. මේවා රට තුළට පැමිණෙන තුරු බලධාරීන් නිදිද..? මේ විනාශකර දමන්නේ සාමාන්‍ය ජනතාවගේ බදු මුදල් නොවේද?

:       0       9

PradeepFriday, 02 April 2021 11:41 AM

මමත් වැඩ කරන්නේ ආහාර අපනයනය කරනු ලබන ආයතනයක... අපේ නිෂ්පාදනයක මොනවා හෝ ප්‍රශ්නයක් තිබුණොත් ඔවුන් ඒ බව අදාල ගුවන් තොටුපලේදීම පරීක්ෂාකර බලා නිසි පියවර ක්ෂණිකව ගනු ලබනවා. කිසිම වෙලාවක නියම ප්‍රමිතියෙන් තොර නිෂ්පාදනයක් ඔවුන්ගේ රටවල පාරිභෝගිකයාට ලබාදීමට ඔවුන් කටයුතු කරන්නේ නෑ. යම් විදියකින් ඒවා නිසි ප්‍රමිතියෙන් තොර වුවහොත් වහාම ඒවා විනාශ කිරීමට කටයුතු කරන අතරම ඒ සඳහා වන වියදමත් අපෙන් අයකර ගනු ලබනවා. අදාල භාණ්ඩ වල වටිනා කමයි ඒවා විනාශ කිරීමට යන මුදලයි බලද්දී විශාල මුදලක් නිසා අපි හැම වෙලාවේම අපේ නිෂ්පාදන වල ගුණාත්මක භාවය ගැන උපරිම සැලකිලිමත් වෙනවා. නමුත් අපේ රටේ එවන් ක්‍රමවේදයක් නොමැති නිසා ඕනෑම කුණු ගොඩක් අපේ රටට ගෙන්වන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. එම නිසා තමයි අපේ රටේ නම් දරාපු මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් එංගලන්තයෙන් රෝහල් අපද්‍රව්‍ය අපේ රටට ගෙන්නුවේ. කිසිම හිරිකිතයක් නැතුව...

:       0       17

RaveendraFriday, 02 April 2021 01:49 PM

ඔබගේ නිවැරදි අදහස් අප අගය කරන්නෙමු.

:       0       7

Batta Friday, 02 April 2021 11:40 AM

ඔය පරිප්පු කිලෝ 3150ට වියදම් වූ මුදල් වලට වග කියන්නේ කවුද?

:       0       7

Wimal Friday, 02 April 2021 12:50 PM

මේක විදේශ කුමන්ත්‍රණයක්...!!!

:       3       3

siri Friday, 02 April 2021 01:56 PM

මම දැක්කා මෙන්න මෙහෙම දෙයක් කව්දෝ පළකර තියෙනවා. " කෝ අර ඉර්දියෙන් වගේ පාර්ලිමේන්තුවට වැඩිය ස්වාමීන් වහන්සේ? ඒ කාලේ වසවිස ගැන සිවුරු පොට කරට අරගෙන බෙරිහන් දුන්නා මතකයි. මෙච්චර මේ වසවිස ගැන ආරංචි පැතිරෙද්දී කිසිම සද්දයක් නැත්තේ ඇත්තටම මහණ වෙලාවත්ද?" මේ කතාව කවුරු මොනවා ගැන කියනවාද දන්නේ නෑ. ඒකයි සඳහන් කරන්න හිතුවේ.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 119 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site