(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ හදිසි රුස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 6. 30 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඇතිව තිබෙන ආන්දෝලනය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එහෙත් වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඇතිව තිබෙන ආන්දෝලනය හේතුවෙන් එම රුස්වීම අද පස්වරුවේ පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි පැවසේ.
මේ අතර ,ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවේ කටයුතු විවේචනය කරන අයට එරෙහිව විනය පියවර ගන්නැයි අද පැවැත්වෙන ආණඩු පක්ෂ රුස්වීමේදී ඉල්ලීමක් කිරීමට මැති ඇමතිවරුන් පිරිසක් සූදානමින් සිටින බවද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවේ කටයුතු විවේචනය කිරීමේ වරදක් නැහැ. කැපුවත් නිල්, කැපුවත් කොළ කියපු යුගය දැන් නැවැත්විය යුතුයි. තමන් සිටින පක්ෂයේ වුනත්, රජය රටට අහිතකර දෙයක් කරනවානම් එය විවේචනය කල යුතුයි. එයයි නියම ප්‍රජාතන්ත්‍රවාදය.
ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා යමෙකු විවේචනය කරයි නම් ඔහු සැබෑවටම ආණ්ඩුවට ලැදි පුද්ගලයෙකි. එසේ නොකොට ආණ්ඩුව කරනා කියනා සෑම දෙයකටම අනුමැතිය පල කරන්නා එහි සහ තම විනාශයම පතන්නෙකි.
නායකයන්ට ඩොලර් කෝටි ගණනක් සාක්කුවට දමාගන්න තිබ්බ අවස්ථාව විනාශ කරන්න මිනිසුන්ගේ කටේ අනිවාර්යෙන් වස දැම්මා නම් මොවුන් ක්‍රියාත්මක වෙනවා.
මුන් නම් නියම වහල්ලු.... ආණ්ඩු පක්ෂය කියලා කරන හැම දේම එහෙයි කියාගෙන ඉන්න එවුන් නියම වහල්ලු.
රාජපක්ෂලා කියන ඒවා අහගෙන ඉදලා දැන් එළියට ඇවිල්ලා කියයි අපිට පොරොන්දු වුණා අපිට දුක හිතුණා වගේ බයිලා .. කොන්ද පන නැති හොරු
මේක නොකළොත් අපේ ලොක්කගේ පොකට් එකට වදින එක ගැන අපිට කිව්ව සංවේදී කතාවට අපි සංවේදී වෙලා.. ඉදිරියටත් ජනතාව ගොනාට අන්දලා රට සූරාකන්න අපට ආණ්ඩුවක් අවශ්‍ය නිසා, අපි ආණ්ඩුව රැකගන්න ඕනෑ නිසා අපි මේකට කැමැති වෙනවා කියලා කියාවි...
දේශපාලකයින් කරන දූෂණ පෙනි පෙනී බිහිරෙක්, අන්ධයෙක් වගේ ඉන්න නායකයෙක්ගෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද? බල තණ්හාවට වැඩිය දෙයක් ඔවුන්ට නැහැ.