IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හදිසියේ අද රැස්වේ

(අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ හදිසි රුස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද  සවස 6. 30 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඇතිව තිබෙන ආන්දෝලනය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එහෙත් වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඇතිව තිබෙන ආන්දෝලනය හේතුවෙන් එම රුස්වීම  අද පස්වරුවේ පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි පැවසේ.

මේ අතර ,ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවේ කටයුතු විවේචනය කරන අයට එරෙහිව විනය පියවර ගන්නැයි අද පැවැත්වෙන ආණඩු පක්ෂ රුස්වීමේදී ඉල්ලීමක් කිරීමට මැති ඇමතිවරුන් පිරිසක් සූදානමින් සිටින බවද වාර්තා වේ.

 



අදහස් (7)

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හදිසියේ අද රැස්වේ

shantha Sunday, 18 April 2021 11:36 PM

ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවේ කටයුතු විවේචනය කිරීමේ වරදක් නැහැ. කැපුවත් නිල්, කැපුවත් කොළ කියපු යුගය දැන් නැවැත්විය යුතුයි. තමන් සිටින පක්ෂයේ වුනත්, රජය රටට අහිතකර දෙයක් කරනවානම් එය විවේචනය කල යුතුයි. එයයි නියම ප්‍රජාතන්ත්‍රවාදය.

:       1       21

Pradeep Monday, 19 April 2021 02:57 AM

ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා යමෙකු විවේචනය කරයි නම් ඔහු සැබෑවටම ආණ්ඩුවට ලැදි පුද්ගලයෙකි. එසේ නොකොට ආණ්ඩුව කරනා කියනා සෑම දෙයකටම අනුමැතිය පල කරන්නා එහි සහ තම විනාශයම පතන්නෙකි.

:       1       25

de silva Monday, 19 April 2021 03:31 AM

නායකයන්ට ඩොලර් කෝටි ගණනක් සාක්කුවට දමාගන්න තිබ්බ අවස්ථාව විනාශ කරන්න මිනිසුන්ගේ කටේ අනිවාර්යෙන් වස දැම්මා නම් මොවුන් ක්‍රියාත්මක වෙනවා.

:       0       21

Roshan Monday, 19 April 2021 03:45 AM

මුන් නම් නියම වහල්ලු.... ආණ්ඩු පක්ෂය කියලා කරන හැම දේම එහෙයි කියාගෙන ඉන්න එවුන් නියම වහල්ලු.

:       3       48

Rata Perata Monday, 19 April 2021 06:01 AM

රාජපක්ෂලා කියන ඒවා අහගෙන ඉදලා දැන් එළියට ඇවිල්ලා කියයි අපිට පොරොන්දු වුණා අපිට දුක හිතුණා වගේ බයිලා .. කොන්ද පන නැති හොරු

:       3       23

de silva Monday, 19 April 2021 09:49 AM

මේක නොකළොත් අපේ ලොක්කගේ පොකට් එකට වදින එක ගැන අපිට කිව්ව සංවේදී කතාවට අපි සංවේදී වෙලා.. ඉදිරියටත් ජනතාව ගොනාට අන්දලා රට සූරාකන්න අපට ආණ්ඩුවක් අවශ්‍ය නිසා, අපි ආණ්ඩුව රැකගන්න ඕනෑ නිසා අපි මේකට කැමැති වෙනවා කියලා කියාවි...

:       0       7

විපරමා Monday, 19 April 2021 09:58 AM

දේශපාලකයින් කරන දූෂණ පෙනි පෙනී බිහිරෙක්, අන්ධයෙක් වගේ ඉන්න නායකයෙක්ගෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද? බල තණ්හාවට වැඩිය දෙයක් ඔවුන්ට නැහැ.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site