සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වහයි සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත ජනවාරි 3 වැනිදා සිට ජනවාරි 29 වැනිදා දක්වා වසා තැබෙන බව බලශක්තිය අමාත්‍යාංශය උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 30 December 2021
කිරිපිටි කිලෝවක් රු:150 කින් ඉහළට ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 150 කින් ද,ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 60 කින් ද, අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහල දැමූ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පැවසීය. 30 December 2021
ආනයනික කිරිපිටි මිල ඉහළ යයි ආනයනික කිරිපිටි මිල හෙට (30) නැවත ඉහළ යන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පවසයි. 29 December 2021
ජනපතිට ඕනෑම වේලාවක ඉවත් කරන්න පුළුවන් අවධානම දනිමින් සහ අවදානම ගනිමින් යුගදනවි ගිවිසුම පිළිබඳ ඇත්ත උසාවියට සහ රටට හෙළිකිරීමට තීරණය කළ බවත් ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාව ඇමති ධූරවලින් ඉවත් කළ හැකි යැයි හොඳන් දන්නා බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද ‘ලංකාදීප’යට පැවසීය. 28 December 2021
ඇමැති තිදෙනාගේ ක්‍රියාකලාපය ජනපතිගේ විවේචනයට වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සිටිමින් ,කැබිනට් තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ කැබිනට් තීන්දුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වැරදි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුවත්පත් කතුවරුන් සමඟ අද පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය. 27 December 2021
පී.බී.ගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගනු ලැබ ඇත. 27 December 2021
ආණ්ඩුව සියල්ල අවුල් කරගෙන ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර ආදි සියලු ගැටලු අවුල්කරගෙන ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 27 December 2021
ලොක්කෝ 40ක් වතුරට පොලු තියලා මැති ඇමැතිවරුන්,හිටපු ඇමතිවරුන් ඇතුළු ප්‍රභූවරුන් 40 කට වැඩි පිරිසක් ජලය ලබා ගැනීම වෙනුවෙන් ජල සම්පත් මණ්ඩලයට රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වේ. 26 December 2021
ඩොලර් ප්‍රශ්නෙට මහ බැංකුවත් හිර වෙයි ඩොලර් නොමැතිවීම හේතුවෙන් වරායේ හිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර 1500ක පමණ ප්‍රමාණය නිදහස් කර ගැනීම සඳහා මේ මොහොතේ ඩොලර් නිකුත් කළ නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව වෙළඳ අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි . 26 December 2021
රාජ්‍ය ආයතන පහක් ගැන යෝජනාවක් රාජ්‍ය ආයතන 527න් පහක් සඳහා රජයෙන් දෙන ආධාර අත්හිටුවා එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගන්නැයි රාජ්‍ය ව්‍යාවසාය ප්‍රතිව්‍යුහ ගත කිරිමේ මණ්ඩලය රජයට යෝජනා කර ඇත. 25 December 2021
තිරුක්කෝවිල් පොලිසියේ මරණ හතරක් දක්වා ඉහළට තිරුක්කෝවිල් පොලිසියේ සාජන්වරයකු සිදු කළ වෙඩි තැබී මෙන් මියගිය ගණන හතර දක්වා ඉහළ ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 25 December 2021
‘‘උද්ඝෝෂණ රැල්ල මර්ධනය කළ යුතුයි‘‘ පඩි වැඩි කරන ලෙස ඉල්ලමින් කරන උද්ඝෝෂණ රජය අනිවාර්යෙන්ම මර්ධනය කළ යුතු බවත් ලෝකයම අර්බුදයකට පත්ව තිබෙන මේ අවස්ථාව පඩි අඩු කළ යුතු බවත් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා අද (24) පැවසීය. 24 December 2021
ගම්පොළම කඳුළින් තෙත් කළ නිපුනිගේ ඛේදවාචකය “බාප්පලාගෙ ගෙදර හිටිය පොඩි අක්කා අපේ ගෙදරට ගෙන ආවට පස්සෙ එයාට හිටගෙනවත් ඉන්න බැරි තරමට අමාරුවෙන් හිටියේ.කීප සැරයක් එයාට වමනේ ගියා. විකාර දෙඩෙව්වා. නින්ද ගියේ නෑ.තාත්තා රෑ 2ට විතර නැගිටලා පොඩි අක්කට බැන්නා අපට නිදාගන්නවත් නෑ කෙඳිරිගානවා කියලා. එහෙම කියලා තාත්තා පොඩි අක්කට ලීයකින් දෙකක් ගහලා ගෙයින් එළියට දැම්මා. 23 December 2021
‘‘ආහාර හිඟයක් අත ළඟ‘‘ කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධූරයෙන් තමා ඉවත් කිරීමට පැහැදිලි හේතුවක් තවමත් නොදන්නා බවත් ආහාර හිඟයක් ඇති වෙන්නේ යයි තමන් කළ ප්‍රකාශයේ වෙනසක් නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත කේ. ජයසිංහ මහතා ඊයේ (23) පවසයි. 23 December 2021
සැරබීම නිෂ්පාදනාගාර තවත් තුනකට අවසර ? මහා පරිමාණ ව්‍යාපාරිකයින් තිදෙනෙකුට අලුතින් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර තුනක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. 23 December 2021
’ඔමික්‍රෝන්’ ඉලක්ක කරගත් එන්නතක් කොවිඩ් 19 ’ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය අඩපණ කිරීමේ අරමුණින්, නව මාදිලියේ එන්නතක් නිපදවීම ආරම්භ කළ බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ’ඇස්ට්‍රාසෙනකා’ ඖෂධ නිෂ්පාදන සමාගම පවසයි. 23 December 2021
හෙළිකොප්ටරයත් සමග මුහුදට වැටුණු ඇමැති පැය 12 ක් පීනලා මැඩගස්කරයේ පොලිස් සේවා කටයුතු බාර අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ගමන් කරමින් සිටි හෙලිකොප්ටරය මුහුදට කඩා වැටී ඇති බවත්, අනතුරින් දිවි ගලවා ගත් අමාත්‍යවරයා පැය 12 ක් තිස්සේ පිහිනමින් ගොඩබිමට පැමිණ දිවි ගලවා ගැනීමට සමත් වූ බවත් එරට පුවත් සේවා වාර්තා කරයි. 22 December 2021
ගෑස් නැතිව හෝටල්,ආපනශාලා,බේකරි 12,000ක් වැහිලා රට පුරා ප්‍රධාන නගරවල හෝටල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ආපන ශාලා සහ බේකරි 12,000 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රධාන වශයෙන් ගෑස් හිඟය නිසා පවත්වාගෙන යෑමට නොහැකිව සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ලංකාදීපයට පැවැසීය. 22 December 2021
බූස්ටරයෙන් පසු සිවුවැනි එන්නතක් ’කොවිඩ් 19’ වසංගතයෙන් ආරක්ෂා වීමට, බූස්ටර් එන්නතට අමතරව සිවුවැනි එන්නත් මාත්‍රාවක් ලබාදීම ඊශ්‍රායලය තීරණය කර තිබේ. ඊශ්‍රායල සෞඛ්‍ය අංශ එම සිවුවැනි එන්නත නිර්දේශ කර ඇත්තේ අවුරුදු 60 වැඩි සහ බෝ නොවන රෝගාබාධ ඇති වැඩිහිටියන්ටය. 22 December 2021
කොපමණ කුසගිනි දැණුනත් සිංහයෝ තණකොළ නොබුදිති මොන ප්‍රශ්න බාධක ආවත් කුසගින්නේ හිටියත් සිංහයන් තණකොළ නොබුදින බව කවුරු කවුරුත් මතක තබා ගත යුතු යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, නාරාහෙන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පැවසූහ. 21 December 2021
ඉන්ධන මිල ඉහළට ඉන්ධන මිල ඊයේ (20) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි 21 December 2021
ගෑස් නෞකා තුනෙන්, දෙකක් ගොඩබෑමට අනුමැතිය ලිට්රෝ සමාගම විසින් ආනයනය කර තිබූ ගෑස් නෞකා තුනෙන්, දෙකක ඇති ගෑස් වෙළඳපලට නිකුත් කිරීමට අනුමැතිය ලබාදුන් බව ගෑස් සම්බන්ධ කටයුතු සම්බන්ධීකරණය සඳහා පත්කර සිටින, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පැවසීය. 20 December 2021
සෝභිත හිමි කොළඹ විද්‍යාර්ථයින්ගේ ක්‍රියාව අගයති කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානොත්සවයේ දී එම උපාධිලාභීන් කටයුතු කළ ආකාරය ඉතා ආදර්ශවත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ. 19 December 2021
කොරෝනා සුපිරි බලවතෙක් ගැන සෞඛ්‍ය අංශ අවදානයෙන් ඔමික්‍රෝන් සහ ඩෙල්ටා වයිරස ප්‍රභේද පුද්ගලයකුට එකවර ආසාදනයවීමෙන් සුපිරි කොවිඩ් ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක් මතුවිය හැකි බව රටවල් කීපයක සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවා ඇතැයි මෙරට සෞඛ්‍ය අංශ පවසයි. 19 December 2021
ඇමැති මණ්ඩලයේ වෙනසක් වන ලකුණු ලබන වසර මුල කැබිනට් මණ්ඩලයේ සංශෝධන කිහිපයක් සිදු කිරීමට රජය බලාපොරොත්තුවෙන් පසුවන බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ. 18 December 2021
මකුළුවෙක් කළ හදියක් ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැතිනිය වයෙට් ඩැට් දෛනික කොරෝනා තත්ත්වය පිළිබඳ මාධ්‍ය හමුවක් පවත්වමින් සිටිද්දී, මකුළුවකුගෙන් බාධා එල්ල විය. 17 December 2021
හිරු ඇල්ලූ පළමු යානය සූර්යයා එසේත් නැතිනම් හිරු ගවේෂණයට යැවූ රෝබෝ යානය, හිරුගේ ඉහළ රැස් වළල්ල අතරින් ගමන් කරමින්, දත්ත රැස් කළ ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 16 December 2021
පුංචි ඡන්දය වසරකින් කල් යයි පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීමට රජය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 15 December 2021
ලිට්රෝ සමාගමෙන් අධිකරණයට පොරොන්දුවක් ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිතීන්ට අනුකූල ගෑස් සිලින්ඩර පමණක් බෙදාහරින බව ලිට්රෝ ගෑස් සමාගම අද (15) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 15 December 2021
ලිට්රෝ ගෑස් මෙට්‍රික්ටොන් 3700 ප්‍රතික්ෂේප කරයි ලිට්රෝ සමාගම ආනයනය කළ කොළඹ ළගාවී ඇති නෞකාවේ ඇති ගෑස් මෙට්‍රික්ටොන් 3700 ක ප්‍රමාණය ගොඩබෑම අත්හිටවූ බව එම සමාගමට දැනුම් දුන්නේ යයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 15 December 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026