IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


තිළිණිට - ජානකීට කෝටි අටක ආශිර්වාද පූජාවක්

(නිමන්ති රණසිංහ)

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි සහ ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන යන අය ආශිර්වාද පූජාවක් සඳහා මිලියන 80ක මුදලක් කට්ටඩියෙකුට ලබා දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේ කරුණු වාර්තා කර ඇත.

පැමිණිලිකරුවන් ගෙන් තිළිණි ප්‍රියමාලිට ලැබුණු මුදල් වලින් මෙම රුපියල් මිලියන 80ක මුදල ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ කාර්යාලයේදී ජානකී සිරිවර්ධන යන අයට ලබාදී ඇති බවට කරුණු අනාවරණය විනැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළේය.

ජානකී සිරිවර්ධන අධ්‍යක්ෂ ධූරය දරන ක්‍රිස් සමූහ ව්‍යාපාරයට ඉන්දියාවෙන් මුදල් ලැබී තිබූ බවත්, පසුගිය කාලය පුරාම ඊට මුදල් නොලැබී ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිනි ප්‍රියමාලි යන අයට මෙම වංචාවන් සිදු කිරීම සඳහා ආධාර අනුබල දුන්නැයි සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගෙන තිබුණේ 04 වෙනිදාය .

 



අදහස් (7)

තිළිණිට - ජානකීට කෝටි අටක ආශිර්වාද පූජාවක්

මරු ඩබල Sunday, 06 November 2022 10:13 PM

ඒ මුදල් ගත්ත කට්ටන්ඩියාට කියපල්ල රුපියල් මිලියන 28ක් (35%) රජයට බදුගෙවන්න කියල, අපේ වෘශන කෝශ පස්සෙම එලවන්නෙ නැතුව.

:       0       50

පූජාව Monday, 07 November 2022 12:32 AM

කෝටි අටේ ආශිර්වාදය හිරේ ඇතුලේ ඉන්න එක්කෙනෙකුට පූජාවක් හැටියට දුන්නොත් හිරෙන් අතුරුදහන් වෙන්න පුළුවනි..!

:       0       5

ජගත් ලියනගේ Monday, 07 November 2022 05:45 AM

බලාගෙන ගියාම ලංකාවේ ඉන්න සල්ලි කාරයෝන්ට විතරක් නෙවෙයි ඉන්දියාවෙ ඉන්න අයගේ පොකට් එකටත් විඳල නේද?.

:       0       18

මනිරහත් සිරිසුමන Monday, 07 November 2022 07:35 AM

පොලිටික්කො මිනිස්සුන්ට ඇරියා... පොලිටික්කන්ට තිළිනි ඇරියා.. තිළිනිට ගුරුකංකාරයො ඇරියා.... ඇරිල්ලේ විෂම සූත්‍රය කියන්නේ ඔන්න ඕකටයි පිංවතුනි... සාදු කියන්න....

:       41       29

amila Monday, 07 November 2022 10:24 AM

හාල් මැස්සෝ අල්ලන්නෙ නැතුව මේක පිටිපස්සේ ඉන්න මහ මොළ කරුවෝ අල්ලන්න. සමහර විට කවුරුත් හොදින් දන්න සහෝදර සමාගමක් මේක පිටිපස්සේ ඉන්නවා වෙන්නත් පුළුවන්.

:       4       32

බිංදු Tuesday, 08 November 2022 11:18 AM

@මනිරහත් සිරිසුමන - අනේ මේ ඔබ වහංසෙ මේ කෘර පෘතග්ජන සමාජයේ සිධුවන මොංගල් කටයුතුවලට හොට දාන්නේ නැතුව පන්සලේ කොම්පියුටරේ දහමට අදාළ කටයුතුවලට පාවිච්චි කර එකත්පස්ව ඉන්නවද?

:       0       3

sampath Wednesday, 09 November 2022 09:57 PM

මේ රටේ සල්ලි නැත්තේ ඉගෙන ගන්නයි ,කෑම වේලක් ගන්නයි ,බෙහෙත් ටිකක් ගන්නයි විතරයි .මේවා කජු ඇට කොස ඇට ගානට නේ දීලා තියෙන්නේ .සියලුම මුදල් අවලංගු කරලා විද්‍යුත් මුදල් ගනුදෙනු අනිවාර්ය කලානම් මේවා හරියනවා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 502 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2242 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1677 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site