මම ම ඉන්නම් කිව්වොත් මොකද කියන්නේ ඡන්දෙට සල්ලි නැතැයි කියන සම්ප්රදාය ඉදිරියට ගොස් ජනාධිපතිවරණයටත් සල්ලි නැතැයි කියා මම ම ඉන්නම් යැයි ජනාධිපති කිව්වොත් කරන්නේ කුමක් දැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 10 March 2023
රුපියලට වෙන්න යන දේ ඩොලරය හමුවේ මෙම වසරේ ලොව හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය වූ ශ්‍රී ලංකා රුපියල මෙම වසර අවසාන වන විට නැවත වරක් පහළ යෑම ආරම්භ විය හැකි බවත් මෙම වසර අවසාන වන විට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 20 කින් පහළ යා හැකි බවත් ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පෙන්වා දී ඇත. 09 March 2023
‘රුපියල ශක්තිමත්නම් සීමා ඉවත් කරන්න‘ ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන ආකාරයට ඩොලරයේ අගය පහත බැස තිබේ නම් ආණ්ඩුව පනවා ඇති ආනයන සහ අපනයන සීමා ඉවත් කළ යුතු බවත් එසේ ඉවත් කළහොත් ඩොලරයේ අගය සැබෑ ලෙසම ශක්තිමත් වී ඇති දැයි බලා ගත හැකි බවත් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා (8) පැවසීය. 08 March 2023
පුංචි ඡන්දේ අප්‍රේල් 25 දා පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා අගහරුවාදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. 07 March 2023
ණය ගෙවා ගන්න බැරිව දරු පවුලම දිවි නහගෙන? වවුනියාව ගුඞ්සෙඞ් ප්‍රදේශයේ නිවසක් තුළ තිබි මව,පියා දියණියන් දෙදෙනකුගේ මළ සිරුරු හතරක් හමු වූ බව පොලිසිය කියයි. 07 March 2023
ණය ප්‍රතිව්‍යුහ කරන්න චීනය එකඟ වෙයි ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහ කිරීමට චීනය එකඟතාවය දක්වා ඇත. 07 March 2023
වීරකැටියේ ලොකු ගැටුමක් වීරකැටිය පොලීසියේ නිළධාරීන් කිහිප දෙනෙකු හා වීරකැටිය අත්තනයායේ පවුලක සාමාජිකයන් පිරිසක් අතර අද සවස ඇති ව තිබූ ගැටුමකින් අනතුරුව ගැටුමට මැදි වූ අයකු සපා කෑමෙන් උප පොලිස් පරීක්ෂකවරයකුගේ කන් දෙකම අහිමි වී ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි. 06 March 2023
ඉන්දියාන් සාගරය සෙලවෙයි ඉන්දියානු සාගරයේ නිකොබාර් දූපත් ආශ්රිත ප්‍රදේශයේ රික්ටර් මාපකයේ ඒකක 5 ක අගයක් ගත් භූකම්පනයක් අද(06) උදෑසන 5.07 හටගෙන තිබේ. 06 March 2023
බෙහෙත් ගන්න සල්ලි නැතිව මව දරු දෙදෙනා සමග ළිඳට පනී කැබිතිගොල්ලෑව කණුගහවැව ප්‍රදේශයේ මවක් සියදිවි හානිකර ගැනීමේ අරමුණින් සිය ආබාධිත පිරිමි දරුවන් දෙදෙනකු සමග අද(05) නිවසේ ළිදට පැන ඇති බව කැබිතිගොල්ලැව මුලස්ථාන පොලිසිය කියයි. 05 March 2023
සැමියා සමග රන්ඩු වී මව මාස 18 දරුවා ඉස්සන් වළට දමයි සැමියා සමග පැවති ආරවුලක් හේතුවෙන් සැමියාගෙන් පලිගන්න මවක තම අවුරුදු එකහාමාරක දරුවා ඉස්සන් ටැංකියකට තල්ලු කර දමා ඇති බව උඩප්පුව පොලිසිය 4 දින පවසයි. 04 March 2023
මැතිවරණයට වෙන් කළ මුදල් රඳවා ගැනීම වළක්වයි පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා වෙන් කර ඇති මුදල් රඳවා තබාගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරුනට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 03 March 2023
ශ්‍රී ලංකාවේ අර්බුදයට හේතු පෙන්වයි ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට මුල් වූ හේතු ගණනාවක් තිබෙන බවත් රජයේ ආදායම් එකතු කිරීම් මගින් වියදම් අවශ්‍යතා සපුරාලීමට රජයට ඇති නොහැකියාව ඉන් එක් හේතුවක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය පවසා ඇත. 03 March 2023
පොලිස් මුල් පුටුවට තුන් කොන් සටනක් පුරප්පාඩු වන පොලිස්පතිධූරය සඳහා මේ වන විට තුන්කොන් තරඟයක් ආරම්භ වී පවතියි. පොලිස්පති ධූරය සඳහා මෙම තුන් කොන් තරඟය ඇතිව තිබෙන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරුන් තිදෙනා අතරය. 01 March 2023
ඉංජිනේරු සිසුවිය අභිරහස් ලෙස මියයයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගත වීමෙන් මියගොස් ඇති බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය කියයි . 01 March 2023
වත්තට පැන ලක්ෂ හතක අඹ කඩලා සුරියවැව මදුනාගල ප්‍රදේශයේ ගොවි පොළක අක්කර 20ක විස්සක පුරා අඹ වගා කර ඇති භූමියකට හොර රහසේ ඇතුළු වී රුපියල් ලක්ෂ 7 කට ආසන්න අඹ තොගයක් කඩා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 28 February 2023
බෙන්තර ගඟට පැන්න මවගේ දිවි බේරු බොට්ටුකරු කතා කරයි මම පාළම යට බෝට්ටුවක් උඩ ඉදගෙන දවල් ආහාරය ගනිමින් හිටියා. අම්මේ අම්මේ කියල පොඩි දරුවෙක් පාලම උඩ ඉදන් කෑ ගැහනව ඇහුනා. ගඟ දිහා බලනකොට කාන්තාවක් ගඟට වැටිලා ගසාගෙන යනවා. මම කැම එක පැත්තකට විසිකරල ගඟට පැන්නා යැයි බේරුවල පාදාගොඩ පදිංචි චතුරංග සදරුවන් මහතා පැවසීය . 27 February 2023
දරු දෙදෙනා පාලම මත තබා මව බෙන්තර ගඟට පනී ස්වාමී පුරුෂයා සමග ඇතිකරගත් ආරවුලකින් උරණව දරු දෙදෙනා බෙන්තර පාළම මත තබා ගඟට පැන ඇති කාන්තාවක බේරාගෙන ඇතැයි අලුත්ගම පොලිසිය සදහන් කරයි. 26 February 2023
අනුර කුමාර ඇතුළු 26කට අධිකරණයෙන් දුන් නියෝගය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26 දෙනෙකුට කොළඹ කොටුව ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වීම සහ විරෝධතා පාගමන් වල නියැලීම අද(26) පස්වරු 1 සිට රාත්‍රී 8 දක්වා වළකාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළේය 26 February 2023
අතට අහුවුණු අපරාධකරු අල්ලා ගන්න බැරිවේ ව්‍යාජ නමකින් පෙනී සිටිමින් විදේශ රටකට පළා යෑමට තැත් කළ දරුණු ඝනයේ අපරාධකරුවෙකු කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ අත් අඩංගුවෙන් මිදී පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය . 25 February 2023
වසන්ත ඇතුළු පිරිස 27 තෙක් රිමාන්ඩ් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිස එළඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 24 February 2023
කල් දාන්න ඡන්දයක් කොහේද කල්දාන්න ඡන්දයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 February 2023
සෞඛ්‍ය වියදම් තව අඩු කරයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍යවරුන් සහ අනෙකුත් සියලුම සේවකයන්ගේ අතිකාල සහ අමතර දීමනා සියයට 15න් කපාහැර තිබේ. 22 February 2023
කිව්.ආර්. මාස තුනකින් අවසන් වාහනවලට ඉන්ධන සැපයීම සඳහා ක්‍රියාත්මක කිව්.ආර්. කේතය තවත් මාස තුනකින් පමණ අවසන් කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 21 February 2023
ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද පැවසීය. 20 February 2023
කර්නල්ගේ මෝසම කර්නල්ම ඉල්ලා අස්කර ගනී පළාත් පාලන මැතිවරණයට එරෙහිව ගොනුකර තිබූ රිට් පෙත්සම කඩිනමින් විභාග කරන ලෙස ඉල්ලමින් ගොනුකර තිබු මෝසම තව දුරටත් පවත්වාගෙන යාමට අවශ්‍යතාවක් නැතැයි විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර මහතාගේ නීතිඥවරු ශ්‍රේෂ්ඨාධිකරණයට අද (20) දැනුම් දුන්නේය. 20 February 2023
නාවික සෙබළාගේ පා පහරින් සිව් මස් කලලය විනාශවේ ගණේමුල්ල අමුණුගොඩ නිවසක පැවති උපන්දින සාදයක දී අතිවූ ගැටුමක් අතර ගැබිණි කාන්තාවගේ උදරයට පා පහර එල්ල කළ බව කියන නාවික හමුදාවේ සෙබළෙක් ගනේමුල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 20 February 2023
රට යන අත ගැන ජනතාව කලකිරිලා වෙරිටේ රිසර්ච් ආයතනයේ ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුමේ පෙබරිවාරි මස ප්‍රතිපල අනුව රටේ කටයුතු ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ජනතා තෘප්තිය තව දුරටත් පහත බැස තිබේ. 19 February 2023
පළාත් පාලන බලය කොමසාරිස්වරුන්ට පළාත් පාලන මැතිවරණය ලබන මස 19 වැනිදාට පෙර පැවැත්වීමට නොහැකි වන බැවින් ,පළාත් පාලන ආයතනවල පාලනය විශේෂ කොමසාරිස්වරුන් යටතට පැවරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 18 February 2023
බලාගාරයේ වැඩ පටන් ගන්නත් කලින් ලක්ෂ 111ක් වැය කරලා සිමාසහිත ත්‍රිකුණාමල විදුලිබල සමාගම විසින් සාම්පුර් හි සුර්ය බලාගාරයේ මෙහෙයුම් කටයුතු කිසිවක් සිදුකර නොතිබුණද පරිපාලන වියදම් සදහා රුපියල් එක්කෝටි, එකොළොස් ලක්ෂ, අසුහත්දහස් හාරසියපනස්පහක මුදලක් වැයකොට ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. 17 February 2023
66යි කිවුවත් 251 කින් වැඩි කරලා විදුලිබල මණ්ඩලයේ නව ගාස්තු ඉහළ දැමීමට අනුව මාසික විදුලි ඒකක 30 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයන්ගේ පැවැති රුපියල් 214 ක මාසික විදුලි ගාස්තුව සියයට 251 කින් ඉහළ දමා ගාස්තුව රුපියල් 753 ක් බවට පත්කර තිබේ. 16 February 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026