බෙහෙත් වංචාවේ ලොක්කෝ එළියේ:පොඩ්ඩෝ ඇතුලේ
“ඇමැති කිව්වා මං කළා” යැයි ප්රමිතියෙන් තොර ප්රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියේ පළමු සැකකාර, ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුගේ නීතිඥ ජාලිය සමරසිංහ මහතා මාලිගාකන්ද මහේස්ත්රාත් ලෝචනි අබේවික්රම වීරසිංහ මහත්මිය හමුවේ ඊයේ (27) පැවසීය.