ෆවුසිට වසර 10ක අත්හිටැවූ සිරදඬුවමක් එක්සත් ජාතීන්ගෙන් මෙරටට ලබාදුන් ජිප් රථයක් පුද්ගලික පරිහරණයට යොදා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් හිටපු අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසිට වසර දෙකක සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එය වසර 10කින් ගෙවී යන අන්දමට ලිහිල් කිරීමට නියම කළේය. 27 August 2024
පුංචි ඡන්ද පිටියට ආ 700ක් රට ගිහින් පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා භාර දුන් අපේක්ෂකයන් 700කට ආසන්න පිරිසක් ආර්ථික ගැටලු හේතුවෙන් විදේශගතව ඇතැයි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල ආරංචි මාර්ගවලින් පැවසේ. 27 August 2024
ජනපති අපේක්ෂක රාත්‍රී භෝජන සංග්‍රහයට මැකො හරස් වේ අනුරාධපුර ප්‍රධාන පෙළේ හෝටලයක අද පැවති ජනපති අපේක්ෂකයකුගේ විද්වත් හමුවට සහභාගිවු ආරාධිතයන් සදහා සුදානම් කොට තිබු රාත්‍රි භෝජන සංග්‍රහය මැතිවරණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර කොමසාරිස්වරයා තහනම් කිරිමට පියවර ගත්තේය. 25 August 2024
යුක්රේනය රුසියා හදවතට පහර දෙන්න සූදානම් රුසියාව සාම සාකච්ඡා මේසයට ගෙන්වා ගැනීම සඳහා එරට හදවත බඳු මොසක්ව් නුවරට සහ ශාන්ත පීටර්ස්බර්ග් නුවරට ස්ටෝර්ම් ෂැඩෝ දිගු දුර මිසයිල භාවිත කරමින් ප්‍රහාර එල්ල කිරීමට අවසර දෙන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි බටහිර රාජ්‍යයන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි ගාඩියන් පුවත්පත වාර්තා කළේය. 25 August 2024
සමීක්ෂණවලින් රැවටෙන්න එපා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පර්ශව කරන සමීක්ෂණ සම්බන්ධයෙන් නොමග නොයන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කළේය. 24 August 2024
‘‘බුදුන්ගේ මඟ යන අප යුද්ධය විශ්වාස කරන්නේ නෑ‘‘ ඉන්දියාව බුදුරජාණන් වහන්සේගේ උරුමෙයෙන් පැවැත එන රටක් බැවින් බුදුරජාණන් වහන්සේ ඉගැන්වීම පිළිබඳ කතා කරන සෑම අවස්ථාවකදීම සිත් තුළට නැගෙන්නේ යුද්ධය නොව සාමය යැයි පෝලන්ත සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට සිටින ඉන්දීය ප්‍රජාව අමතමින් ප්‍රකාශ කළේය. 23 August 2024
ජනපති අපේක්ෂක හෘදයාබාධයකින් මියයයි මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටි මොහොමඩ් ඉල්ලියාස් මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් පුත්තලම රෝහලේදී ඊයේ (22) රාත්‍රී මියගියේය. 23 August 2024
පුංචි ඡන්දේ ඉක්මන් කරන්නැයි නියෝගයක් පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන්නැයි මැතිවරණ කොමිසමට නියම කළේය. 22 August 2024
තලතා පැත්ත මාරු කරයි ? සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්රීනී තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවාය. 21 August 2024
ශක්ති වාදපිටිය ගුටිබැට පිටියකින් අවසන් වේ දෙමළ ප්රගතිශීලී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පලනි දිගම්බරම් සහ වේලු කුමාර් ශක්ති රූපවාහිනියේ විවාදයකට සහභාගී වෙමින් සිටියදී ගුටි බැට හුවමාරුවක නිරතව ඇත. 21 August 2024
ඡන්දේ වියදම් සීමාකර ගැසට්ටුවක් 2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු විසින් ප්රචාරක වියදම් ලෙස ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි එක් ඡන්ද හිමියකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109.00 ක් වියයුතු බව මැතිවරණ කොමිෂන් සභාව නියම කරයි. 20 August 2024
බදියුදීන්ගේ ව්‍යාපෘති නවතයි සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා දිස්ත්‍රික්ක 6 ක ආරම්භ කර ඇති රුපියල් මිලියන 200 කට වඩා වැඩි වටිනාකමකින් යුත් සංවර්ධන ව්‍යාපෘති කීපයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ මාර්ගෝපදේශ මත නවතා දමා ඇත. 19 August 2024
නිකිණි පොහොය අදයි නිකිණිපුර පසළොස්වක පොහොය දිනය අදට (19) යෙදී තිබේ. මෙම පොහොය දින බෞද්ධාගමිකයිනට ප්‍රධාන සිදුවීම් කීපයක් නිසා වැදගත් වේ. 19 August 2024
සැමියා ප්‍රෙටල් දමා බිරියට ගිනි තියලා වෙන්නප්පුව සින්ද්‍රාන්තිය ප්‍රදේශයේ සිවු දරු මවකගේ සිරුරට සාමියා පෙට්‍රල් හලා ගිනිතැබීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ එම මව මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසයි. 18 August 2024
බය අපේක්ෂකයන්ට ලොකු ආරක්ෂාවක් ජීවිත තර්ජන පවතින ජනාධිපති අපේක්ෂකයන්ට විශේෂ ප්‍රභූ ආරක්ෂාව ලබාදීමට රජය තීරණය කර ඇත. 17 August 2024
’’මම කාටවත් සහය දෙන්නෑ’’ මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය ලබා නොදෙන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනයක දැක්වේ. 16 August 2024
හික්කඩුවේ උත්සවයකට මැකෝ හරස්වෙයි රජයේ නිලධාරීන්ගේ මැදිහත්වීමන් අද (16) විවෘත කිරීමට නියමිතව තිබූ හික්කඩුව කුමාර කන්ද විකල්ප මාර්ගය උත්සවය මැතිවරණ කොම්ෂන් සේවා සභාව විසින් නතර කර දැමීමට පියවර ගනු ලැබීය 16 August 2024
ජනපති සටනට කාන්තා පුලුටක් නෑ ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනකු ඉදිරිපත් වුවත් මෙවර ද කාන්තාවන් කිසිවකුත් ඉදිරිපත් නොවීම විශේෂත්වයකි. 16 August 2024
නාමයෝජනා දෙන්න ඇවිත් (වීඩියෝ සහිතයි) ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයන් 40 න් අපේක්ෂයන් 39 ක් නාම යෝජනා භාර දුන් බව මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් නිවේදනය කළේය. 15 August 2024
ජනකට පක්ෂය දෙන්න ලක්ෂ 300ක අල්ලසක් ගන්න හදලා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් නාමයෝජනා දීමට රුපියල් ලක්ෂ 300 ක අල්ලස් මුදලක් ගනිද්දී එම පක්ෂයේ ලේකම්වරයා ඇතුළු විධායක සභිකයන් කීපදෙනකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් මීට සුළු මොහොතකට පෙර පැවසීය. 14 August 2024
නාමල් - විජයදාස - දිලිත් නාම යෝජනා අත්සන් තබති ආචාර්ය විජයදාස රාජපක්ෂ, දිලිත් ජයවීර සහ නාමල් රාජපක්ෂ යන ජනාධිපති අපේක්ෂකයෝ සිය නාම යෝජනා පත්රවලට අද (14) අත්සන් තැබූහ. 14 August 2024
නුවරඑළියේ ජන්ද මධ්‍යස්ථානයක් අවන්හලකට කුලියට දීලා මැතිවරණ ඉතාහාසයේ සිටම ඡන්ද මධ්‍යස්ථානයක ලෙස යොදා ගත් නුවරඑළිය රජයේ සේවකයන්ගේ ක්‍රීඩා සමාජ ශාලාව පෞද්ගලික ව්‍යාපාරිකයකුට අවන්හලකට සඳහා බදු දීම නිසා මෙවර ඡන්දය මධ්‍යස්ථානයක් අහිමී වී ඇතැයි මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග කියයි. 14 August 2024
විසක් කාන්දු වී දෙදෙනෙක් මරුට මාලඹේ කහන්තොට පාර ජයන්ති මාවත නිවසක් තුළ දී විස වායුවක් කාන්දු වීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇතැයි මාලඹේ පොලිසිය පවසයි. 13 August 2024
දැරියට අතවර කළ සිද්ධිය වසන් කළැයි විදුහල්පති ඇතුළු 4ක් අත්අඩංගුවට පාසල් දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සියලු තොරතුරු දැනගෙනත් එම තොරතුරු පොලිසියට වසන් කිරීම සම්බන්ධයෙන් තණමල්විල ජාතික පාසලේ විදුහල්පතිවරයා ඇතුළු සිවුදෙනෙකු අද (13)සවස අත්අඩංගුවට ගත් බව තණමල්විල පොලිසිය පවසයි. 13 August 2024
මන්ත්‍රීවරු 20ක් වත්කම් ඉදිරිපත් කර නෑ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසි දෙනකු වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම පැහැර හැර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ. 13 August 2024
ප්‍රේමලාල්ගෙන් යළිත් කරනමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ඉදිරිපත්ව සිටි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වරාය රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු වීමට තීරණය කර තිබේ. 12 August 2024
අලි සබ්රි අධිකරණ ඇමති ධුරයේ දිවුරුම් දෙයි අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ලෙස අලි සබ්රි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නේය. 12 August 2024
චන්ද්‍රිකා පැත්තකට වෙයි ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කරන කිසිදු අපේක්ෂකයකුට තමා සහයෝගය නොදක්වන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පිරිසක් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදී පවසා තිබේ. 11 August 2024
ෂෙයික් හසීනා ඇමෙරිකාවට ඇඟිල්ල දිගු කරයි බෙංගාල බොක්කේ ශාන්ත මාටින් දූපත ඇමෙරිකාවට පවරා දුන්නේ නම් තමන්ට තව දුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ සිටීමට හැකියාව තිබූ බව හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ඉකොනොමික් ටයිම්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කළාය. 11 August 2024
කන්තෝරුවලට හිටිහැටියෙ කඩා පනින බලඇණි රාජ්‍ය දේපළ මැතිවරණ කටයුතුවලට යොදාගන්නේ දැයි රාජ්‍ය ආයතනවලට හදිසියේ කඩා පැන සෙවීමටත් එවැනි නීති විරෝධී ක්‍රියා සිදුවන ආයතනවල ප්‍රධානීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් වෙනම කණ්ඩායම් පත්කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය. 11 August 2024
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026