(ගයාන් සූරියආරච්චි)
මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරීම සදහා මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය.
ඒ අනුව විමර්ශනවල අවම ප්‍රගතියක් පෙන්වනු ලබන භාණ්ඩාරගාර බැදුම්කර නිකුතුව, පාස්කු ප්‍රහාරය, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම, 2007 වසරේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රවීන්ද්‍රනාත් සුබ්‍රමනියම් මහතාගේ අතුරුදන්වීම, 2023 දෙසැම්බර් මාසයේදී වැලිගම පොලිසිය විසින් කළ වෙඩි තැබීමකදී වැලිගම පොලිසියේ කොස්තාපල්වරයකු මියයාම සම්බන්ධ විමර්ශන අවම මට්ටමක පවතනි බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දී ඇත.
තවද 2005 වසරේ තාරකී ශිවරාම් නොහොත් ධර්මරත්නම් ශිවරාම් නැමැති මාධ්‍යවේදීයා බම්බලපිටිය ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කිරීම, යාපනය ප්‍රදේශයේදී ලලිත් කුමාර සහ කුගන් මුරුගනාදන් යන පුද්ගලයන් දෙදෙනා අතුරුදන් කිරීම යන විමර්ශන කටයුතු ද ඉතා කඩිනමින් අවසන් කිරීමට වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලැබී ඇති බවද තල්දූව මහතා කීය.
රට ආනදෝලනාත්මක තත්ත්වයකට තුඩු දුන් නොවිසදුණු අපරාධ පිළිබදව මහජන ආරක්ෂක ආමත්‍යංශය අවධානයට ලක්කරමින් සිදුකළ විමර්ශනවලට අනුව ප්‍රගතිය අවම මට්ටමක පවතින පරීක්ෂණ පිළිබදව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලබාදී ඇති උපදෙස්වලට අනුව මෙම විශේෂ විමර්ශන කඩිනම් කිරීමට උපදෙස් ලැබී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මාදිවෙල මන්ත්‍රී බංගලා රැසක් අබලන්වීමෙන් මන්ත්‍රීවරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
කතානායක නිල නිවසේ ආහාර පාන ඇතුළු වියදම් සියයට පනහකින් පමණ කපා දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පලාත් පාලන ආයතන 339 ජන්ද විමසීමට අදාළ ජන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අද (5) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපති අනුර දිසානායක මහතා ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුව මහතා කළ චෝදනාව සම
සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණ පළාත්වලත් අම්පාර,මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කා
ගල්කිස්සේ වෙරළ පාර, ගාලු පාර අසල මීට සුළු මොහොතකට ඉහතදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
යටගිය අපරාධ උඩට ගනී
විපරමා Sunday, 13 October 2024 02:32 PM
දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ සිදුවූ සුදු වෑන් ඝාතන අතුරුදහන් ගැන ජනතාව දන්නවා. රටේ යුක්තිය නීතිය සාධාරණය පවා විනාශ කරපු කැළෑ නීතිය රජ කරවපු කාලයක්. මේ හැම ඝාතනයක්ම පිටුපස බලලෝභී, බඩගෝස්තරවාදී, කාලකන්නි, දූෂිත, දේශපාලුවන් ඉන්නා බව රහසක් නොවෙයි...
නලින් Sunday, 13 October 2024 02:47 PM
දුන් පොරොන්දු ඉටුකරන්නේ නෑ කියලා කෑගහපු අය, දැන් පළිගන්න පටන් අරන් කියලා කියන්න ලෑස්ති වෙන්න එපා...
Ravi Sunday, 13 October 2024 03:21 PM
තාජුඩීන් නැද්ද?
පොඩිඑකා Sunday, 13 October 2024 03:30 PM
අර මල් කුක්කා ඇඬුවේ ඔය ටික කරගන්නනේ...! දහඅටපාලිය පටන්ගත්තා විතරයි මල්ලි.., යක්කු ටික එකපාර නටන්නේ නෑ... හොඳේ...!
kamani Sunday, 13 October 2024 06:25 PM
තව කට්ටියකුත් ආපු ගමන් ඔය වගේ පරණ ෆයිල් ඇදගෙන දැඟලුවා. ටික කාලෙකට පස්සේ වෙච්චි දෙයක් නැහැ. මේකත් ඒ වගේ නාටයකයක් නෙවෙයි කියන්නේ කොහොමද?
ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 13 October 2024 08:44 PM
ඇයි වසීම් තාජුදින්? ලසන්ත වික්‍රමතුංග ඝාතනය?
Dasun Monday, 14 October 2024 08:51 AM
ඇන්ටිජන් හොර අල්ලන්නේ නැද්ද ?කොවිඩ් කාලේ 1/3 ක් හොටෙල් වලින් කප්පම් ගනිපු එවුන්
සමන් විමල් Monday, 14 October 2024 12:20 PM
මේ ටික දවසක් පරක්කු වුනේ හෝදපු වළං ටික වේලාගන්න. දැං හරි තව හෝදමු...