IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නාය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය එසේ දිවුරුම් දුන්නාය.

හරිනි අමරසූරිය මෙනවිය ශ්‍රී ලංකාවේ තෙවැනි අගමැතිනිය ලෙස ඉතිහාසයට එකතු වූවාය.

පසුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත විද්‍යා හා තාක්‍ෂණ, සෞඛ්‍ය සහ ආයෝජන අමාත්‍යවරිය ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ මීට පෙර සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නාය.

 



අදහස් (31)

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි

අරවින්ද මොනරවිල Tuesday, 24 September 2024 03:16 PM

ශ්‍රිලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පත්වු සුපිරිතම අගමැතිනිය ලෙස ඇය ඉතිහාසගත වනු ඇත. ශ්‍රිලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යයවරියට උණුසුම සුබ පැතුම් !

:       306       240

fairoos Tuesday, 24 September 2024 03:17 PM

ජයවේවා

:       209       161

Perera Tuesday, 24 September 2024 03:18 PM

සුභ පැතුම් ඔබ තුමියට .ජනාධිපතිතුමාටයි මාලිමා කණ්ඩායමටයි .ශ්‍රීලාංකික ජනතාවගේ නියම ජයග්‍රහණයක් මෙය

:       196       147

Nandalal DE SILVA - France Tuesday, 24 September 2024 03:22 PM

මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලාංකික ඉතිහාසයේ බමුණු කුලය හෙවත් වලව් පැලැන්තියෙන් අගමැතිනියක් පත්වීම ලෝක ඉතිහාසයට එක් වුණා. 2024 වසර යළිත් වරක් බමුණු කුලය කඩා බිඳ දමා පොදු ජනයා අතරින් අගමැතිවරියක් රටට බිහිවිම රටේ ඉතිහාසය අලුත් කිරිමක් වෙනවා.. එයාගෙන් රට විශාල බලාපොරොත්තු තබා සිටින මේ මොහොතේ අපිඔබතුමියට ආයෙත් සුබ පතනවා

:       195       157

එඩීTuesday, 24 September 2024 04:55 PM

හරිණි අගමැතිනිය පැවත එන්නේ ලංකාවේ ඉහලම පෙළපතකින් සහ වලව්වකින් බව නොදන්නා ඔබතුමා ගැන කනගාටු වෙනවා හැරෙන්න වෙන මොනවා කරන්නද?

:       1       2

SamanthaTuesday, 24 September 2024 05:46 PM

මොනවාද සිල්වා කියන්නෙ ඔය අගමතිතුමියත් වලව් පැලැන්තියේ (අමරසූරිය වලව්වේ ) කෙනෙක් කියලා තමයි අහල තියෙනවා. හොරගොල්ලේ ලොක්කො රජකම ගන්න රටට පේන්න බෞද්ධයෙක් වුනා වගේ මෙයත් පක්ෂය මාරුකරන්න ඇති කොහොම වුණත් ලංකාවේ රජකම් කරන්න පත්වූ ඉහළම උගත් කෙනෙක් හැටියට ඇයගේ පත්වීම බෙහෙවින්ම හොදයි ඇයට සුබ පතන අතරේ ඇයටත් ලංකාවෙ ජනාධිපති තනතුර දැරීමට අවස්ථාව උදාවේවායි පතමු

:       1       0

හර්ශ ජයතිලකWednesday, 25 September 2024 12:13 AM

සුබ පැතුම් අගමැතිතුමියනි ඔබට ජයෙන් ජයවේවා

:       1       1

Prabha Tuesday, 24 September 2024 03:24 PM

තුන්වැනි සහ බුද්ධිමත්ම අගමැතිවරිය සුබ පැතුම් ඔබතුමියට... කාන්තා නියෝජනයක් ජයවේවා

:       194       164

මැක්ස් Tuesday, 24 September 2024 03:25 PM

මැතිවරණයට පෙර සහ මැතිවරණ ප්‍රකාශනවල මොන කය්වාරු ගැසුවත්, අගමැතිනිය පෙනී සිටින "නිරාගමික" සහ ලිබරල්වාදයටත් එහා ගිය "වොකසිම්" ව්‍යාපෘතියෙන් බැහැරව දැන් ජනාධිපතිවරයා අනුගමනය කරන ලෙසටම, මෙරටේ ප්‍රධාන ආගමට සහ සංස්කෘතියට නිසි තැන ලබා දීමට කටයුතු කරන්න.

:       37       166

anaTuesday, 24 September 2024 05:11 PM

ඔබට කැමැති ආගමක් අදහන්න බාධාවක් නැහැ

:       1       0

Jayasekara Tuesday, 24 September 2024 03:27 PM

රටට අපි සැමට සුවෙන් පිරි සොදුරු රටක් නිර්මාණය වේවා... තෙරුවන් බලයෙන් සෑම කටයුත්තක්ම අති සාර්ථක වේවා...

:       95       108

Sandun Tuesday, 24 September 2024 03:29 PM

නියමයි... සුබ පැතුම්

:       85       95

daya Tuesday, 24 September 2024 03:40 PM

සුභ පැතුම්. හොඳටම සුදුසුයි

:       73       75

Mudalige Tuesday, 24 September 2024 03:51 PM

වෛද්‍ය හරිනි මැතිනියනි, මෙම දූෂණ සංස්කෘතිය මුලිනුපුටා දමා යුක්තිය, සාමය සහ අභිමානය ඇති කාල පරිච්ඡේදයක් උදා කිරීමට ඔබට ධෛර්යය සහ නිර්භීතකම ලැබේවා

:       0       1

Sashi Tuesday, 24 September 2024 03:53 PM

ඔබට සුභ පැතුම්

:       57       49

Clarence Tuesday, 24 September 2024 03:58 PM

විශිෂ්ට තේරීමක් සහ මහ මැතිවරණය සඳහා වැඩි ඡන්ද.

:       80       71

Sisira kumaraTuesday, 24 September 2024 04:22 PM

හොඳයි...!

:       0       0

රට වැසියා Tuesday, 24 September 2024 04:16 PM

ජාජබ නොලැබුණු උතුරු නැගෙනහිර සහ මධ්‍යම කඳුකරයේ තත්වය දැඩි සැළකිල්ලට ගන්න

:       0       0

Sisira Kumara Tuesday, 24 September 2024 04:18 PM

ඉතාම හොඳ පුවතක් සුබ පැතුම්

:       0       0

Chinthaka Tuesday, 24 September 2024 04:21 PM

ඔබතුමියට උණුසුම් සුබපැතුම්...!

:       0       0

don Tuesday, 24 September 2024 04:25 PM

මෙතරම් අමාත්‍යාංශ ප්‍රමාණයක වගකීම් ලැබුණා ලංකාවේ ප්‍රථම අගමැතිණියට සියලු ශක්තිය හා හැකියාව ලැබේවා...

:       0       0

Sisira kumara Tuesday, 24 September 2024 04:28 PM

හොඳයි...!

:       0       0

වී ජේ කේ කුමාර Tuesday, 24 September 2024 04:46 PM

සුභ පැතුම් තෙරුවන් සරණින් සියළු වැඩ කටයුතු සාර්ථක වේවා

:       0       0

පී,ඩබ්ලිව් .ඩබ්ලිව්. දිසානායක Tuesday, 24 September 2024 05:27 PM

නව අග්‍රාමාත්‍ය තුමියට උණුසුම් සුබ පැතුම් .

:       0       0

විජිත් Tuesday, 24 September 2024 05:31 PM

ශ්‍රී ලංකාව නව දිශානතියක් කරා යොමුකරන මේ මොහොතෙදි , ඔබ කෙරෙහි පැවරී ඇති වගකීම අප පැතූ ආකාරයෙන්ම ඉටු කිරීමට ඔබ තුමියට දිරිය, ශක්තිය , හැකියාව මෙන්ම දෙවියන්ගේ ආශිර්වාදය , උතුම්වූ දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබේවා !!! අපේ රට මේ ලොව ඇති වාසනාවන්තම , නිරෝගිමත් නිදහස් ජනතාවක් දිවි ගෙවන, ධනවත් , කීර්තිමත්, සියල්ලන්ගේම ආශිර්වාදය ලබන " නිදහස් " රටක් වේවා !!!

:       0       1

sanjeewa Tuesday, 24 September 2024 06:03 PM

පිං අගමැතිනිය, හිටපු පිං ජනාධිපති, දෙදෙනාම... කතා විතරයි.

:       0       0

amila Tuesday, 24 September 2024 08:10 PM

සුබ පැතුම් ඔබතුමියට

:       0       0

Sugath Tuesday, 24 September 2024 11:22 PM

එකපාරටම unlike ගොඩක් එන එක විහිළුවක්. මට හිතාගන්න පුළුවන් computer lab ඉන්න කොල්ලෝ රොත්තක් සමාජ මාධ්‍යවල අනුරට පහර දෙන එක විතරයි. කොච්චර ගෙවනවාද? දවසකට රුපියල් 2000ක්?

:       0       0

K Perera Tuesday, 24 September 2024 11:34 PM

සුබ පැතුම් අගමැතිතුමියනි....

:       0       0

Lakshmi Nagodavithane Wednesday, 25 September 2024 02:06 AM

සුබ පැතුම්... අපේ බුද්ධාගම සහ ආගම සංස්කෘතිය ආරක්ෂා වේවා...

:       0       1

සෙනෙවිරත්න Wednesday, 25 September 2024 03:16 PM

මැක්ස්, මැතිවරණයට පෙර තමුන්නැහැලාගේ නායකයෝ වේදිකාවල මොන බිල්ලො මැව්වත් ජනතාව පිළිගත්තේ නැහැ, මේ පොදු ජන ජයග්‍රහණය හෑල්ලු කරන්න තමුන්ලාවගේ දහසක් ආවත් බැහැ. උතුරු නැගෙනහිර වතුකරයේ දෙමළ මුස්ලිම් ජනතාව කත්තඩි කල්ලිකාර පක්ෂ වලින් බේරාගෙන නිවහල්ව සිතන දාට තමුන්ලගේ ඡන්ද වෙන්දේසි ඉවරයි. ඒක අපි කරනවා. දැන් කට පියාගෙන මේ ජයග්‍රහණය විඳින්න. ජනතාවට එහි ආස්වාදය ලබන්න දෙන්න බොරු විකාර හීතලු මවන්නෙ නැතිව

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දිවයින පූරා දන්සැල් 8581 ක්
2025 මැයි මස 11 41 0

වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


මෝල් ගස් පහරින් තරුණයා මරුට
2025 මැයි මස 11 377 0

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි


විදුලි සභාපති ඉල්ලා අස්වේ?
2025 මැයි මස 11 2903 0

විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම


රම්බොඩ අනතුරේ මරණ 11 දක්වා ඉහළට
2025 මැයි මස 11 1433 0

කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 11 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 762 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 873 0

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 879 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1411 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 363 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site