
(සුජිත් හේවාජුලිගේ )
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු නිවාස බාරදීම සඳහා කරුණු විමසීම් කර ඇති බවද එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්(හිටපු) සඳහා නිකුත් කර තිබූ රජයේ බංගලා සංඛ්‍යාව පනහකි.
සියලුම රජයේ බංගලා බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශය සියලුම හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට පසුගියදා දැනුම් දුන්නේය.
නිල නිවාස බාර නොදෙන හිටපු අමාත්‍යවරුන්ට ඉදිරියේදී නඩු පවරන බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැන තැන පැන පැන හිටපු ගෙම්බෝ ටික වෙන්න ඇති නේද .උත්සාහ කරනවා වෙන්න ඇති පනින්න
නම් ප්‍රසිද්ධ කරන්න
නව රජයෙන් අපි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන දේ තමා රටේ නීතිය ක්‍රියාත්මක කිරීම . එය එලෙසම විය යුතුයි
නඩු දාලා ඒ අයගේ නම් ප්‍රසිද්ධ කරන්න.
මේවා ඉතින් කල්ප කාලයක් ඉඳන් කරගෙන එන තක්කඩි වැඩ.එයාලා මෙයාලා රැක රැකනෙ හිට්යෙ. මේ පාර තමයි වෙනස් පාලනයක් ආවෙ
මෙන්න මුන්ට බැලස්ටික් මිසයිල ටිකක් ගහන්න එකෙක් නැද්ද
මාස 3ක් ඉන්න පුළුවන්ලු නේද ?
මහින්ද අමරවීර කොළඹ 07- මහගම සේකර මාවතේ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට අයිති ගෙදරක බලෙන් රිංගාගෙන හිටියේ යවාගන්න විදියක් නැතුව. ඉස්කෝලේ auditorium එක හදන්න plan කරලා තියන ඉඩම. වැඩ පටන් ගන්න විදියක් නෑ. මෙයා යන්නේ නෑ. රටේ දරුවන්ට ලැබිය යුතු දේවල් කිනිතුල්ලෝ උරා බොනවා...!
වහාම විදුලිය විසන්ධි කරන්න... එවිට ඕකුන් ඉබේම යනවා. ඔය එළවන්න බැරි හැති කරේ ඉන්නේ...
දූෂිත දේශපාලුවන් මොනතරම් වරප්‍රසාද, වරදාන, භුක්ති විඳගෙන හිටපු අයද? ජනතාවගේ ඡන්දෙන් බලයට ඇවිත්, ඔවුන් සැපසේ ජීවත් වෙනවා. ඔවුන්ව බලයට පත් කරපු ජනතාව නොවිඳිනා දුක් විඳිනවා. මෙවර මහ මැතිවරණයෙන් ඔය දූෂිත දේශපාලුවන් හැම කෙනෙක්ම අතුගා දැමිය යුතුමයි...!
මොවුන්ට හෙන හත ගහන්න ඕනෑ...
ගල් ගහලා එලවන්න ඕනේ...!
අර කිව්වත් වගේ current කපන්න...!
උන්දැලා නොයන්නෙ මොනවා හරි හේතුවක් නිසා වෙන්න ඇති. නැත්නම් වගකිවයුතු තනතුරු දරා කටයුතු කල අය වරදක් නොකරාවි .මොකක් හරි පූර්වාදර්ශයක් ඇති කියලා හිතෙනවා .හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටලුනේ
ජලය විදුලිය විසන්ධි කරන්න, නිකංම ගෙම්බො ටික එලියට පනී
ලාල්කාන්ත තාම ඉන්නවද?
අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක, ජනාධිපති කාර්ය්‍යාලය, කොළඔ 01. ගරු ජනාධිපතිතුමනි, සිවිල් ගුවන් සේවා අධිකාරියේ මුල්‍ය වංචා සහ අක්‍රමිකතා පිළිබදව දැනුමි දිම. මෙම දැනුමිදිම ඔබතුමා වෙත යොමුකරනු ලබන්නෙ ශ්‍රි ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ මැතක සිට සිදු වෙමින් පවතින සහ පවත්වාගෙන යන අයතා මුල්‍ය කළමණාකරනය හෙවත් මුල්‍ය දුෂණයන් කෙරෙහි ඔබතුමාගේ අවධානය යොමුකරනු පිණිසයි. සිවිල් ගුවන් සේවා අධිකාරිය අරම්භ කරන ලද්දේ 2002 වසරේ අංක 34/2002 දරණ පනත මගින් බව පැහැදිලි කරුණකි. එකී පනතේ ප්‍රතිපාදන අනුව එහි ප්‍රමිතිය ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) ප්‍රමිතීන්ට පවත්වාගෙන යායුතු අතර එහි අධ්‍යක්ෂක ජනරාල් සහා සේවකයින් රාජ්‍ය සේවකයන් ලෙස සලකන බවද පැහැදිලි කරුණකි. දැනට සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් වශයෙන් රාජකාරි කරනුයේ ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික AVM සාගර කොටකදෙනිය මහතාය. එතුමා ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාම වැටුපක් ලබාගන්නා අයකු වන අතර සිවිල් ගුවන් සේවා අධිකාරියේද මාසික වැටුප් සහ සියලු දීමනා ලබාගනි.
ඔබේ බලතල භාවිතා කර විදුලිය, ජලය, සහ මලාපවහන සම්බන්ධතා විසන්ධි කරන්න. ඔබට හැන්ද ඇත. ඉවත් කිරීමට පසුබට වන්නේ ඇයි?
මැති ඇමතිවරුන්ට සහ ඉහළ රජයට එවැනි ප්‍රතිලාභ කිසිවක් ලබා නොදෙන්න. නිලධාරීන්ට . අපට සහ බටහිර රටවල මෙම සම්ප්‍රදාය නැත. මෙය දුප්පත් බදු ගෙවන්නන් පීඩාවට පත්කිරීමේ තුන්වන ලෝකයේ දේශපාලනඥයන්ගේ ක්‍රීඩාවකි. මෙම දරාගත නොහැකි සුඛෝපභෝගී අනවශ්‍ය වරප්‍රසාදවලට එරෙහිව ජනතාව නැගී සිටිය යුතුය.
ලයිට් විතරක් නෙමෙයි වතුරත් කපන්න වෙනවා. ඒ දවස් වල අපේ ලයිට් වතුර බිල් 400% කින් වැඩි කරනකොට මේ රංචුවම පැනලා අත ඉස්සුවා. දැන් ඉන්නවා නිකම් පිනට ලැබිච්ච දේවල් වගේ දිගටම ලගින්න.