උපකාර පන්ති ගුරා කප්පම් ගන්න විශේෂඥ වෛද්‍යවරයා උස්සලා රුපියල් ලක්ෂ හතලිහක කප්පම් මුදලක් ලබා ගැනීම සදහා බදුල්ල ප්‍රදේශයේ විශේෂඥ වෛද්‍යවරයකු මීටියාගොඩ ප්‍රදේශයේ නිවසක බලහත්කාරයෙන් සිරකර ගෙන රදවා ගෙන සිටියදී මුදවාගත් බව පොලිසිය කියයි 08 February 2024
දුප්පතුන්ට සහල් කිලෝ විස්සක් අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් වශයෙන් එක් පවුලකට සහල් කිලෝ විස්සක් ලබන උත්සව සමයේදී ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 February 2024
‘‘බෙහෙත් කියා ඇල්වතුර දුන් හැටි එළියට‘‘ සති තුනක් තුළ සෞඛ්‍ය ක්ෂෙත්රය කඩා වැටෙන බවට බොරු භීතියක් කැබිනට් මණ්ඩලයට මවා සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා 2022 මැයි 30 වැනිදා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් බාල බෙහෙත් රජයේ රෝහල්වලට දීමට අවස්ථාව දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන්නාය. 05 February 2024
හෙඳ නායකයකු පහළවීමේ කාලය ඇවිත් පීඩාකාරී නායකත්වයෙන් රට මුදාගෙන නව නායකයෙක් පත්කර ගැනීමට කාලය එළැඹ ඇතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ අද (4) පැවසූහ. 04 February 2024
කෙහෙළිය රිමාන්ඩ් සී.අයි.ඩී අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ලබන 15 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාළිගාකන්ද අධිකරණයෙන් නියෝගය නිකුත් කෙරුණි. 03 February 2024
කෙහෙලිය අධිකරණයට රැගෙන එයි සී.අයි.ඩී අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මීට සුළු වේලාවකට කොළඹ මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරිමට රැගෙන ආහ. 03 February 2024
කෙහෙලිය අත්අඩංගුවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මීට සුළු වේලාවකට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබිය. 02 February 2024
බෙලිඅත්ත වෙඩි තැබීමේ මහමොළකාරිය එස්.ටී.එෆ් දැලේ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පස් දෙනෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන සැලසුමිකාරිය වන දැනට නාවික හමුදාවෙන් විශාම වැටුප් ලබන හිටපු නාවික හමුදා සෙබලෙකුගේ බිරිඳ හා පියා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා පවසයි. 02 February 2024
කෙහෙලියට රට යාම තහනම් කරයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට විදෙස් ගමන් තහනම් කළ අධිකරණය හෙට දින රහස් පොලිසියට ප්‍රකාශයක් දෙන්නැයි ද නියෝග කළේය. 01 February 2024
ඉන්ධන වර්ග 3 ක මිල ඉහළට ඩීසල්, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ භූමිතෙල් මිල අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය. 31 January 2024
පොලිස් කණ්ඩායම් නිදහස් පෙළපාළියෙන් ඉවත්වෙයි? හැත්තෑහය වැනි නිදහස් දින රාජ්‍ය උත්සවයේ පෙළපාලියෙන් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය හදිසියේම ඉවත් කර ගැනීමට අද (31) පෙරවරුවේ කටයුතු කර ඇතැයි වාර්තාවේ. 31 January 2024
‘නිදහස්’ පැරෂුට් අනතුරෙන් හමුදාවේ 4 ක් රෝහලට නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී තුවාල ලබා රෝහල් ගතකළ බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පැවසීය. 30 January 2024
ලබන වසරේ සිට දේපලවලටත් බද්දක් නව දේපල බද්දක් 2025 වසරේ හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 29 January 2024
ලොකු පොලී පෙන්නා කෝටි 500 ගැරූ බස්නායක නිලමේ,නිලියක රිමාන්ඩ් වැඩි පොලියක් ලබා දෙන බවට පවසමින් රජරට හුරුළු ව්‍යාපාරය ගොවි ජනතාව රවටා ’’ට්‍රෙරෙඩ්වින් ’’නමින් පිරමීඩ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටී පන්සීයකට අධික මුදලක් ජාවාරම් කළේ යැයි කියන උපාධිධාරී බස්නායක නිලමේවරයා සහ සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ සැඟවාගෙන සිටියේ යැයි කියන ටෙලි නිලියක ලබන 05 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කහටගස්දිගිලිය වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ දිමුතු මහතා නියෝග කළේය. 28 January 2024
තවත් පිරමීඩ ලොක්කෙක් මාට්ටු ’’ට්‍රෙරෙඩ්වින් ’’නමින් පිරමීඩ ආකාරයේ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මුදල් තැන්පත්කරුවන්ගෙන් රුපියල් කෝටී පන්සීයකට අධික මුදලක් ජාවාරම් කර ජනතා මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ සැකයට තවත් ’’සක්විත්තෙක්’’අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත විමර්ශන ඒකකය මගින් අද අත්අඩංගුවට ගැනිණි. 27 January 2024
ලාභ ලබන ලිට්රෝ විකුණන්න යයි ලිට්රෝ ගෑස් සමාගම පෞද්ගලික අංශයට පැවරීමට ආණ්ඩුව අභිලාශ (පෞද්ගලික ආයතනවලින් කැමැත්ත) කැඳවා ඇති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (26) පෙරවරුවේ පැවසීය. 26 January 2024
රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මිය යයි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍රී හා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ දී සිදු වූ රිය අනතුරකින් මියගොස් ඇතැයි රාගම රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය 25 January 2024
බෙලිඅත්තේ පස් පුද්ගල ඝාතනයේ මහ මොළකරු අල්ලයි බෙලිඅත්තේදී පෙරේදා (22) පුද්ගලයන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතන සිද්ධිය මෙරට සිට මෙහෙයවූ පුද්ගලයා සහ ඒ සඳහා යොදා ගත් වාහනය පොලිස් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පැවසීය. 24 January 2024
ඉඩම් ආරවුලට හිමි නම මරා දමයි මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් 4 දෙනකු විසින් කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ එම හිමිනම අද (23) ගම්පහ මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අපවත්වී ඇතැයි මල්වතුහිරිපිටිය පොලිසිය කියයි. 23 January 2024
සුපිරි මඟේ බෙලිඅත්ත පිවිසුමේ වෙඩි වරුසාවක්: 5ක් මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීමේ දොරටුව අභියස දී ඩිපෙන්ඩරයක සිටි පිරිසකට මීට මොහොතකට පෙර සිදු කළ වෙඩි තැබිමෙන් පස් දෙනකු මියගොස් ඇතැයි තහවුරු නොවු ආරංචිමාර්ග කියයි. 22 January 2024
ඔන්චිල්ලාව දස හැවිරිදි දරුවාට මරණය ගෙනෙයි ඔංචිල්ලාව සමඟ සෙල්ලම් කරමින් සිටියදී අැඳවැටී එහි ලණුවට ගෙළ සිරවීමෙන් මුලතිව්, සෙම්මලෙයි හි දස හැවිරිදි දරුවකු ජිවිතක්ෂයට පත්ව අැතැයි මුලතිව් කෝකිලායි පොලිසිය කියයි. 21 January 2024
ගමේ පාර හදන්න මුල පුරන්න ආ රාජ්‍ය ඇමතිට ගමෙන් විරෝධයක් පුත්තලම දළුව ගම්මානයෙ පැවති මාර්ග සංවර්ධන වැඩසටහනක් ආ ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා මහජනතාවගෙන් එල්ල වූ විරෝධයක් හේතුවෙන් අතර මගින්ම හරවා යෑමට සිදු වූ බව වාර්තා වේ. 19 January 2024
අංක තහඩුව අසභ්‍ය වූ යතුරු පැදියක් අල්ලයි අංක තහඩුව වෙනුවට ’’පරුෂ වචනයක්’’ ප්‍රදර්ශනය කරමින් බොරලැස්ගමුව නගරය හරහා ධාවනය වූ යතුරු පැදියක් පුද්ගලයින් දෙදෙනෙකු සමග අද (19) අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි. 19 January 2024
පොලිසිය අතින් වෙඩි වැදි තිදරු පියා මරු දකී අණ නොතකා ධාවනය කළ බව කියන ලොරි රථයක් නවත්වා පරීක්ෂා කිරීමට යාමේදී එක්පොලිස් නිලධාරියකු අත තිබූ ගිනි අවිය පත්තුවී ලොරි රථයේ රියදුරු මියගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 18 January 2024
රාජකාරි පාසලේ දරුවන්ට ටියුෂන් කළ ගුරුවරු 51 ක් පාසලෙන් දොට්ට මධ්‍යමපලාත් ආණ්ඩුකාරවරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පටහැනි අයුරින් දරු දැරියන්ගෙන් මුදල් අයකර අමතර පංති පැවැත්වීම නිසා මධ්‍යම පලාතේ පාසැල්වල සේවයේ නියුතු ගුරුවර ගුරුවරියන් 51 දෙනෙකු ඔවුන් සේවය කළ පාසැල්වලින් වෙනත් පාසැල් වලට ස්ථාන මාරු කර යැවීමට මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පියවර ගෙන තිබෙි. 18 January 2024
දුමින්දට දුන් නිදහස නිත්‍යනුකුල නෑ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වු දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර නොමැති බැවින් එම දඩුවම යළි ක්‍රියාත්මක කරන්නැයි බන්ධනාගාර කොමසාරිස්වරයාට ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළු මොහොතකට පෙර නියෝග කළේය. 17 January 2024
ඩෙංගු මදුරුවාට බිලි වූ සරසවි දියණිය ඩෙංගු රෝගීය උත්සන්න වී හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් අද මියගිය බව රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය පැවසුවාය. 16 January 2024
එළවළු මිල දැක පාරිභෝගිකයෝ ආපසු දුවති ඉතිහාසයේ කිසිදා නොවු විරු අයුරින් අනුරාධපුර මහජන පොලේදි කැරට් කීලෝව රැපියල් 2000 කට අළෙවි කෙරැණි. 15 January 2024
කොළඹ බදුල්ල සැප බසය අධිවේගියේදී ගිනිගනී දක්ෂිණ අධිවේ ගි මාර් ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේ පෞද්ගලික බස් රථයක් ගිනිගෙන තිබෙන බව පොලීසිය කියයි. 15 January 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026