IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ශිෂ්‍යත්ව පේපරය බෙදන්න කලින් පිට කරලා

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර, පාසල විභාග මධ්‍යස්ථානයක  පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු හය දෙනෙකු ප්‍රශ්න කිරිම සදහා විභාග දෙපාර්තමේන්තුව විසින් සිය බාරයට ගෙන තිබේ.

පහ වසර  ශිෂ්‍යත්ව විභාගය පෙරේදා (15) ආරම්භ වීමට විනාඩි දහයකට පෙර මෙම  විභාග මධ්‍යස්ථානයේ සහකාර විභාග ශාලාධිපතිවරයා විසින්  පලමු  ප්‍රශ්න පත්‍රය දුරකථනයෙන් ඡායාරූ ගත කොට  තවත් ගුරුවරුන්  කීපදෙනෙකුට යැවීම සම්බන්ධයෙන්  එම සහකාර විභාග ශාලාධිපතිවරයා සමග ගුරුවරු හය දෙනෙකු ජංගම දුරකතනයද සමග විභාග දෙපාර්තමේන්තුව විසින් සිය බාරයට ගෙන තිබුණි.

අනුරාධපුර නගරයේ සහ නොච්චියාගම යන ප්‍රදේශවල පිහිටි රජයේ පාසල්වල සේවය කරන විදුහල්පතිවරයෙකු ඇතුළු පිරිසක් මෙම චෝදනාවට ලක්ව සිටිති.

මෙම ප්‍රශ්න පත්‍රය අනුරාධපුර ,නොචිචියාගම, කොළඹ, ඇතුළු ප්‍රදේශ කිපයකට යවා තිබෙන බවද අනාවරනය විය. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයෙන් ජයාරූප ගතකිරිමේ සිද්ධිය සනාථ කරමින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවසිය .

මෙවන විට විභාග කෙරෙහි ඇති විශ්වාසය බිදවැටිලා . මෙම පහ වසර ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රශ්න පත්‍රය පිට විම සමිබන්ධයෙන්  ඊට වග කිව යුතු  සියලු  දෙනාට නිතිය තදින් ක්‍රියාත්මක  කොට දැඩි දඩුවම් පැමිණවිමට බලධාරීන් නොපමාව කටයුතු කල යුතු යැයිද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙහිදි පැවසිය.



අදහස් (4)

ශිෂ්‍යත්ව පේපරය බෙදන්න කලින් පිට කරලා

ana Monday, 16 September 2024 11:52 PM

පසුගිය වතාවෙත් මෙවැන්නක් වුණා. මේවට නීතිය ක්‍රියාත්මක වනවා ද යන්න ගැටලුවක්.

:       0       3

pakeer Tuesday, 17 September 2024 01:15 AM

පහේ විභාගේ තියාගන්න බැරි තරමේ බලධාරීන් ඉන්න රජයක්. රටේ නීතිය තදින් ක්‍රියාත්මක නොවීමේ වරද. මේවා කවදාවත් නවත්වන්න බැහැ. තද නීති නැතුව. ඕන හොරෙක්, මංකොල්ල කාරයෙක්, ස්ත්‍රී දූෂකයෙක්, මිනීමරුවෙක් දවස් දෙකෙන් ඇප දෙනවා.

:       1       2

පැරකුම් Tuesday, 17 September 2024 02:24 AM

මේක අමූලික බොරුවක්. විභාග කොමසාරිස් කිව්වනේ කිසිදු සිද්ධියකින් තොරව විභාගය පැවැත්වූ බව.

:       2       0

vajira kumara Tuesday, 17 September 2024 07:58 AM

පේපරය නැවත තියන්න . නැත්නම් අසාදාරනයි.

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 682 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17817 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site