IMG-LOGO

යුරෝපා තානපති නිලධාරීන්ට මැතිවරණ නීරීක්ෂණය බෑ

මෙරට යුරෝපා සංගමයේ තානාපති කාර්යාලවල සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ලබන 21 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමට එකතුවීමට අවසර ලබාදී නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමට එකතුවීමට මෙරට යුරෝපා සංගමයේ තානාපති කාර්යාලවල සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන්ට අවසරය ලබාදෙන ලෙස ඉල්ලමින් ඉල්ලීමක් මැතිවරණ කොමිසමට ඉදිරිපත් වුවද එම ඉල්ලීම මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කළ බව රත්නායක මහතා පැවැසුවේය. එහෙයින් යුරෝපා සංගමයේ තානාපති කාර්යාලවල සිටින කාර්ය මණ්ඩලය මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා යෙදවිය නොහැකි බවත ඔහු ප්‍රකාශ කළේය.

මෙරට සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන් මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගී කරවා ගත නොහැකි බවත් එලෙස රාජ්‍ය තාන්ත්‍රිකයන් මැතිවරණ කොමිසමේ නිරීක්ෂණ කණ්ඩායමට එකතුවීමට අවසරය ලබාදීම මැතිවරණ කොමිසමේ හෝ රටේ ප්‍රතිපත්තිය නොවන බවත් ජ්‍යෙෂ්ඨ මැතිවරණ නිලධාරියෙකු ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට හේතු පැහැදිලි කරමින් පැවැසුවේය.

යුරෝපා සංගමයේ කණ්ඩායම සමග පැවැති මුල් අදියරේ සාකච්ඡාවලදී මෙරට තානාපති කාර්යාලවල සිටින විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගීවීමට අවසරය ලබාදිය නොහැකි බවට මැතිවරණ කොමිසම එම දූත පිරිසට පැහැදිලි කළ බවද ජ්‍යෙෂ්ඨ මැතිවරණ නිලධාරියා ප්‍රකාශ කළේය.

යුරෝපා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රකාශකයකු පවසා සිටියේ යුරෝපා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකයන්ට මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගීවීමට අවස්ථාව ලබා දෙන ලෙස කර ඇති ඉල්ලීම් සියල්ලට මැතිවරණ කොමිසම අවසරය ලබාදී ඇති බවත් මෙරට තානාපති කාර්යාලවල සිටින කාර්ය මණ්ඩලයට මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වීමට අවසරය ලබාදෙන ලෙස ඉල්ලමින් ඉල්ලීමක් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර නොමැති බවත්ය.

මෙරට සිටින යුරෝපා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමට එකතුවීම සඳහා තවත් කෙටි කාලීන නිරීක්ෂණයන් කණ්ඩායමක් අද(16) මෙරටට පැමිණීමට නියමිත අතර සාමාජිකයන් 70 දෙනකු පමණ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා යෙදවීමට යුරෝපා සංගමය බලාපොරොත්තු වේ.

 



අදහස් (2)

යුරෝපා තානපති නිලධාරීන්ට මැතිවරණ නීරීක්ෂණය බෑ

Aruna Sunday, 15 September 2024 09:47 PM

ඇති යන්තම් කොද තියන නිලධාරියෙක් ඉන්නවා.

:       4       7

Ahmed (Gulf) Monday, 16 September 2024 02:14 AM

මෙම මැතිවරණය තවත් ප්‍රෝඩාවක් වනු ඇති බව පෙනෙන විට, ඔවුන් යුරෝපා සංගමය නිරීක්ෂකයින් ලෙස පෙනී සිටීම අවශ්‍ය නොවන්නේ එබැවිනි.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 332 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 503 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 200 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site