IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මහනුවර සබජ රැස්වීමේ රතිඤ්ඤා පත්තු වී පොලිසියේ හයක් රෝහලට

(ජේ ඒ එල් ජයසිංහ)
ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය වෙනුවෙන් මහනුවර මධ්‍යම වෙළඳපොල ඉදිරිපිට පැවැත්වෙන රැස්වීම ආරම්භයට මොහොතකට පෙර ආධාරකරුවන් රතිඤ්ඤා විශාල ප්‍රමාණයක් දැල්වීමෙන් පොලිසියේ හය දෙනකු ඇතුළු අට දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

තුවාල ලැබූ පිරිස මේ වන විට මහනුවර රොහලට ඇතුළත් කරනු ලැබ සිටිති.

රැස්වීමේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස්  නිලධාරින්  හය දෙනාට අමතරව  සිවිල් පුද්ගලයන් දෙදෙනකු ද  තුවාළ ලබා ඇත. අනතුර සිදුවූ අවස්ථාවේ  එම ස්ථානයේ  රාජකාරීයේ යෙදී සිටි සෙසු පොලිස් නිලධාරිහු යුහුසුළුව  තුවාලකරුවන් රෝහලට යැවීමට පියවර ගත්හ.



අදහස් (14)

මහනුවර සබජ රැස්වීමේ රතිඤ්ඤා පත්තු වී පොලිසියේ හයක් රෝහලට

Dharmatileke Monday, 09 September 2024 04:02 PM

පොලිසිය කඳුළු ගෑස්වලට මුහුණ දෙනකොට ඇතිවන්නේ ඔය වගේම වේදනාවක්...

:       12       29

Niranga Monday, 09 September 2024 04:17 PM

හොඳ වැඩේ පව් කාරයින්ට...

:       26       15

dhanushka Monday, 09 September 2024 04:41 PM

මී හරක්නෙ ඕවට එන්නෙ හුගක්ම.. අහල පහල ඉන්න මිනිස්සු පරිස්සම් වෙන්ඩ ඕනෙ..

:       4       71

මහසෙන් Monday, 09 September 2024 04:50 PM

ඔය අනතුර ගැන හොයන්නත් ජනාධිපති කොමිසමක් දානවා කියයිද දන් නෑ පූතාණෝ... එහෙමට පුතා..!

:       4       53

Hemantha Monday, 09 September 2024 04:53 PM

මොවුන්ගේ රතිඤ්ඤා රොකට් කියලා ඔවුන් පත්තු කරනවා ඇත්තේ...!

:       3       23

වත්සි Monday, 09 September 2024 05:03 PM

සජබය හෝ මාලිමාව රට ආංඩු කරන්න ගත්තොත් රටට වෙන වින්නැහිය ගැන පුරෝකථනයක්...!

:       63       22

ShiranMonday, 09 September 2024 05:16 PM

ඔව් ඔව්, දැන් අනික් අය රට කරලා, රට සුරපුරයක් වෙලානේ තියෙන්නේ...!

:       11       40

Prabha Monday, 09 September 2024 06:01 PM

එහෙනම් අපි සිලින්ඩර් සීයාව ගේමු...

:       6       12

Gunendra Monday, 09 September 2024 05:12 PM

ගුරා හිටගෙන, ගෝලයෝ දුව දුව, සජිත්ගෙන් රට බේරා ගනිමු, පොලිස් නිලධාරීන්ට ඉක්මන් සුවය පතමි...!

:       3       37

Nelu Monday, 09 September 2024 05:17 PM

දළදා පෙරහැර අස්සේ විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රී කෙනෙක්ගේ දුව තමාගේ පියාගේ අපේක්ෂකයා නාම යෝජනා බාර දුන්නා කියලා රතිඤ්ඤා පත්තු කරලා කරදයක් ඇති කළා. කිරිඇල්ල නම තමයි ගියේ. මේකත් ඒ කාගේ හරි දුවගේ වැඩක්ද දන්නේ නෑ... මොකක් වුණත් සජිත් මීට වඩා පරිසරය රකින්න මුල් වෙන්න ඕනෑ. මහ ලොකුවට පරිසරය රකිනවා යාල යනවා කිව්වාට නගරවලත් පරිසරයක් තියන බව දන්නේ නැහැ වගේ...!

:       0       53

Nilantha Monday, 09 September 2024 06:39 PM

නායකයා පැමිණෙන රැස්වීමක පිපිරුමක් නම් බලය ගත්තාට පස්සේ ඔවුනොවුන් කුලල්කා ගනීවි... අධික වර්ෂාවක නායකයෝ එනවා නම් බලය ලැබුණොත් පක්ෂය දියවෙලාම යනවා. හරියටම ගෝඨාභය ජනාධිපති වෙලා පැනලා ගියාම පොහොට්ටුව හතරකට පහකට කැඩිලා ගියා වගේම තමයි...

:       0       1

ගමේ එකාලා Monday, 09 September 2024 09:25 PM

මදෑ පුතාණෝ ගේ රැස්වීමේ වෙචිචි දේ. රතිඤ්ඤා පත්තු කරපු අයටත් පිස්සු. දැන් සජියා ඇවිත් මොනවා කියාවිද දන්නේ නැහැ.

:       4       15

සෙනෙවිරත්න Tuesday, 10 September 2024 10:15 AM

ජනතාවගෙ හැටියට පාලකයන් තෝරනවා කියන්නෙ මේක තමයි, මේවගේ මෝඩ හරක්ට සුදුසු ඔය පෝබියා කාරය තමයි. මේ අස්සෙ ගිනි අවියක් පත්තු කලොත් කොහොම හොයන්නද කියල නොතේරෙන අය තමයි සජබෙ ඉන්නෙ. හැබැයි අනීවාර්යෙන්ම සජිත් මේවගේ ගොන් ආතල් වලින් වින්දනයක් ලබනවා වෙන්නම ඕන. මධ්‍යස්තව ඉන්න අයට මේ අපේක්ෂකයා ගැන තීරණයක් ගන්න මේකම ඇති.බලන්න එන් පී පිය දිහා වෙනස හඳුනාගන්න.

:       0       1

සෙනෙවිරත්න Tuesday, 10 September 2024 10:18 AM

නගරයක රතිඤ්ඤා පත්තු කරන්න අවශ්‍ය වන්නේ රතිඤ්ඤා සහ ගිනිපෙට්ටියක් ගැනීමට මුදල් සහ දැල්වීමට පුද්ගලයෙක් පමණයි ,මේක නොතේරෙන සජිත් හිතනවා ඇති මේ රතිඤ්ඤා සද්දෙ ජනතාව එක එක පත්තුකරල දානව කියල, ඒවගේ මෝඩයෙක්, ඒකනේ මේවට අනුබල දෙන්නෙ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 107 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site