IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පහේ පේපරේ ප්‍රශ්න තුනක් ඉවත් කර ලකුණු දෙන්න යයි

(රංජන් කස්තුරි )

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයෙන් ප්‍රශ්න තුනක් ඉවත් කොට ලකුණු ලබාදීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටුවූයේ දැයි සොයා බැලීම සඳහා විභාග දෙපාර්තමේන්තුව මේ වන විට පූර්ණ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව ද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය බව සඳහන් කරමින් ව්‍යාජ ප්‍රශ්න පත්‍රයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම නිසා ලද පැමිණිල්ලක් මත මූලික විමර්ශනයක් සිදුකොට ඇති බවද ඔහු සඳහන් කළේය.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර සකස් කළ පරීක්ෂක මණ්ඩලය කැඳවා එම ව්‍යාජ ප්‍රශ්න පත්‍රය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර එහිදී ඔවුන් තීරණය කර ඇත්තේ එම ව්‍යාජ ප්‍රශ්න පත්‍රයේ ශිෂ්‍යත්ව විභාගයේ නියම ප්‍රශ්න පත්‍රයේ සඳහන් ප්‍රශ්න තුනකට ආසන්න සමානතාවයන් යුත් ප්‍රශ්න තුනක් පමණක් තිබූ බවය.

ඒ අනුව එම ප්‍රශ්න තුන ඉවත්කොට ඇගයීම් සිදු කිරීමට තීන්දුවක් ගත්ම බවට හෙතෙම සඳහන් කළේය .

 



අදහස් (4)

පහේ පේපරේ ප්‍රශ්න තුනක් ඉවත් කර ලකුණු දෙන්න යයි

ලක් රාජ Tuesday, 17 September 2024 09:15 PM

ප්‍රශ්ණ 6කට වඩා පිට වී තිබූ බව පැහැදිළිය.ප්‍රශ්ණ පත්‍රය පිට වුනේ කොතනින්ද? මෙයට වඟ කිව යුත්තේ කවුද? යන පැණයට විභාග කොමසාරිස්ගේ කිසිදු අදහසක් නැත. ඇතැම් ටියුෂන් ගුරැවරුන් 2වන පතයේ ද සමහර පුශ්ණ එළියට දී තිබුණි. ප්‍රශ්ණ පත්‍රය එළියට දුන් ටියුෂන් මුදලාලි මහතා ප්‍රකාශ කරන්නේ විභාග දෙපාර්තමේන්තුව සිය ප්‍රශ්ණ පත්‍ර වලින් ප්‍රශ්ණ ගත් බවයි. විභාග දෙපාර්තමේන්තුවේ වග කිවයුතු නිලධාරීන්ගේ නිහඩතාවයෙන් එය සැබෑවක් ද යන්න සාධාරණ සැකයක් පවතී...

:       0       7

සිසුන්විසින් Tuesday, 17 September 2024 10:00 PM

සොරාගෙ මවගෙන් ගැටලු විසදුම් අරගන .අකවුන්ට් වලට කීයක් වැටිලද දන්නෑ

:       0       4

Nimal 1 Wednesday, 18 September 2024 06:18 AM

පැහැදිලිව ප්‍රශ්න පත්‍රය පිට වෙලා තියෙනවා... අනෙක් ප්‍රශ්න පිටවුනේ නැහැයි කියලා සැක හැර කියන්න හැක්කේ කෙසේද විභාගයක්වත් හරියාකාරයෙන් පවත්වන්න නොහැකි රජයක් අපට තියෙන්නේ

:       2       10

NamaliWednesday, 18 September 2024 11:07 AM

මෝඩයෝ නුඹ රජය කියන්නේ තනිකරම ජනාධිපති හා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට විතරක් වුනාට රජය කියන්නේ ජනාධිපති ඇතුළු සියලු මංත්‍රීලා සමග නිළධාරි පැලැන්තියට කියලා මතකයේ තියාගන්න බලාපන් රටේ සියලු කටයුතු ජනාධිපති හා ඇමතිලාට කරන්න පුළුවන් නම් මොකටද බොල රජයේ සේවය සදහා නිළධාරි පත්කරන්නේ කියලා තෙරුම්ගන්න බැරිද? තොපිලා වගේ එවුන්ටත් ආණ්ඩු පිහිටුවන්න ඡන්ද බලය ලැබීම තමයි මේ රටේ විනාශයට හේතුවක් වෙලා තියෙන්නේ උඹට ලොකු දෙයක් තේරුම් ගන්න බැරි නිසා මේක කියන්නෙ උඹට ගෙදරක් තියෙනවා නේද එහි සියලුම කටයුතු නුඹට පමණක් කරන්න පුලුවන්ද කියපංකො අන්න එහෙම තමයි රටක් පාලනය කරන්න වෙන්නෙත් මනුෂ්‍යයෝ නුඹේ බෙල්ලෙන් උඩ තියෙන්නෙ මොනවාද බලන්න කියලා මතක් කරන්න ඕන

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site